ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද?

දේශපාලන
Typography

ලංකාව මුහුණ පා සිටින ණය උගුලෙන් ගොඩ ඒමට නම් වසරකට ඇමෙරිකානු ඩොලර් කෝටි 2500ක් අවශ්‍ය බව අග්‍රමාත්‍යවරයා කියා තිබේ. ඒ අපනයන ආදායමෙන් කෝටි 2000ක් හා විදේශ ආයෝජන මඟින් කෝටි 500ක් වශයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහට රටේ ආර්ථිකය දියුණු කිරීම පිළිබඳව අදහස් හා යෝජනා රැසක් ඇති බව පෙනේ.

එහෙත් එම අදහස් හා යෝජනා ඉදිරියට ගමන් කරන වැඩ සටහනකට ඇතුළත් කර ගැනීමේ ප්‍රශ්නයක් තිබෙන බව ද පෙනේ. මීට පෙර අවස්ථා දෙකක දී රනිල් ලංකාවේ ආර්ථිකය ගැන වැදගත් කරුණු දෙකක් මතු කළේය. එකක් පාකිස්තානු අගමැතිවරයා ද සහභාගි වුණු අරලියහග මන්දිරයේ පැවැති උත්සවයකදීය. අගමැතිවරයා එහි දී කීවේ සේද මාවත ඔස්සේ දියුණු වුණු ආසියානු ආර්ථිකය ආසියාවෙන් අත හැරී යුරෝපයට අත්පත් වූයේ කෙසේද යන්න විමසා බැලිය යුතු බවය. ආර්ථිකය ආසියානු ග්‍රහණයෙන් විතැන්වීම ලංකාවේ ආර්ථිකය යටි ගමන් යාමට හේතු වූ බව ද හෙතෙම එහි දී  වැඩිදුරටත් පැහැදිලි කළේය. ඉන්පසු වෙනත් උත්සවයක දී අගමැතිවරයා කීවේ අගමැති ඩී.එස් ගෙන් පසුව ලංකාව දේශපාලන අවුල් වියවුල්වල එල්ලුනා මිස නිදහස් වෙළෙඳාම ඔස්සේ ආර්ථිකය දියුණු කිරීම කෙරෙහි උනන්දු නොවූ බවය. උක්ත කාරණා දෙකම ආර්ථිකය විෂයෙහි දී අපට මඟ හැර යා නොහැකිය.

ආදායම් පරතරය

අගමැතිවරයා කියන පරිදි වසරකට ඇමෙරිකානු ඩොලර් කෝටි 2000ක් අපනයනවලින් අපේක්ෂා කළත් මෙරට අපනයන ආදායම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 8500ක් පමණ වෙයි. ඒ 2016 වසරේ අපනයන ආදායම් දර්ශකයට අනුවය. අපනයන ආදායම් චක්‍රයට අනුව මාසික අපනයන ආදායමෙහි සාමාන්‍යය ඇමෙරිකානු ඩොලර් මිලියන 705.66කි. මේ තත්ත්වය තුළ - ලංකාව අපනයන ආදායම දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය කරගත යුතු වෙයි. ඒ දේශීය ආයෝජනවලට අතිරේකවය. වැඩි ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට තිබෙන අවස්ථා කවරේදඒ සඳහා අනිවාර්යයෙන් ලංකාව නිෂ්පාදන ආර්ථිකයකට මාරු විය යුතුමය. ලංකාව ආර්ථික වර්ධනය ගැන කතා කළත් මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට නොපිළිපන් රටකි. එසේ වූයේ මන්ද, දේශීය වශයෙන් එය සිදු නොවූණේ එබඳු ක්‍රියාවලියකට අත ගැසිය හැකි අන්දමේ ව්‍යාපාරික පන්තියක් ලංකාවේ නොවීම හේතුවෙනි. ලංකාවේ ව්‍යාපාරික පන්තියක් සිටිති. එම ව්‍යාපාරික පන්තිය සේවා ආර්ථිකයට හෝ නැතහොත් වෙනත් සීමිත ව්‍යාපාරයකට කොටු වී සිටිනු දැක්ක හැකිය. එම දෙපිරිසම නොවන ජාවාරම්කාර පන්තියක් ද ලංකාවේ ආර්ථිකයේ එක් ධාරාවක් නියෝජනය කරයි. මෙම පන්තීන්හි ආර්ථික අපේක්ෂා ලොකු වුවත් ව්‍යාපාර ස්වභාවය අනුවම ඔවුන් ගැඹුරු හා කල්පවත්නා ආර්ථික පදනමක නොපිහිටයි. එබැවින් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට අත ගසන්නට ඔවුන්ගේ ආවේණික දුබලතා ඉඩ නොදෙයි. අනෙක් අතට අගමැතිවරයා කියන පරිදි විදෙස් ආයෝජන ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍යය. එක් කලෙක විදෙස් ආයෝජන නොලැබුණේ දේශපාලන අස්ථාවරත්වය නිසාය. ඉන් පසු මූල්‍ය පාලනයේ විනිවිදභාවයක් මෙන්ම මූල්‍ය විනයක් නැති ආර්ථික ප්‍රතිපත්තීන් නිසාය.

වර්තමානය

ඒ අතින් බලන විට වර්තමාන තත්ත්වය ආයෝජනයට නරකම නැත. ලංකාවේ බලය දරන්නේ සෙලවෙමින් තිබෙන ආණ්ඩුවක් බව බාහිරින් බැලූ විට පෙනෙන්නට පුළුවන. නොසෙල් වෙන ආණ්ඩු ලොව කොහේවත් නැත. කෙතරම් සෙලවෙන බව පෙනුනත් යහපාලන ආණ්ඩුවත් 2020 වනතුරු නොවැටෙන ආණ්ඩුවකි. ආණ්ඩුවෙහි අඩුපාඩු ඇතත් තවදුරටත් ඔවුන්ට කාලය ලබාදීමට ආණ්ඩුව පත් කිරීමට දායක වූ පිරිස සූදානම්ය. ඔවුන් කරන එකම බලපෑම වන්නේ යහපාලන ගමන අර්ථපූර්ණ වශයෙන්ම නිසි මඟට අවතීර්ණ විය යුතුය යන බලකිරීමය. එසේ වන්නේ නම් 2020 නොව 2025 දක්වා යහපාලන ආණ්ඩුවට දීර්ඝායුෂ ඇතැයි සිතිය හැකිය. සැබැවින්ම අගමැති පවසන ආර්ථික මූලෝපායන් ජයගැනීමට 2020 වනවිට පුළුවන්කමක් නැත. එහෙත් 2020 වන විට දිගදුරට දුවන ස්ථාවර ආර්ථික ගමනකට ආරම්භයක් ගත හැකිය. අගමැතිවරයා කියන පරිදිම අපහසුකාරණය වන්නේ ටි්‍රලියනවලින් ගණන් හදන්නට සිදුව තිබෙන ණය කන්ද තුනී කර ගැනීමය. ණය ගෙවිය හැකි හා වියදම් ආවරණය කළ හැකි ආර්ථිකයක් රටට අවශ්‍ය වන්නේ ඒ සඳහාය. කොතෙක් කිව්වත් වැඩපිළිවෙළක් නැති බව පෙනෙන්නේ ඒ සඳහාය. විශම බදු චක්‍රයක් රටෙහි ක්‍රියාත්මක කිරීමෙන් යම් ආදායමක් ඉපයිය හැකි වුවත් එය රටේ සාමාන්‍ය ජනජීවිතයට ඔරොත්තු දෙන්නක් නොවේ. අවශ්‍ය වන්නේ බදු අවම කර නිෂ්පාදන ආර්ථිකයකට ජනතාවත් ඇතුළු කර ගැනීමය. නිෂ්පාදන ආර්ථකයේ ප්‍රතිලාභ පුරවැසියන්ටත් අත්වන විට ආර්ථිකමය වශයෙන් වු ඔවුන් සම්බන්ධ රජයේ වගකීම ද කෙමෙන් ලිහිල් වනු ඇත.

77න් පසු කොහොම ද?

77 එජාප ආණ්ඩුව බලයට පත් වනවිට රට තිබුණේ දරිද්‍ර පසුබිමකය. පැවැති ආර්ථික මොඩලය ජනයාට තිත්ත වී තිබුණි. ජයවර්ධන රජය මුලින්ම මහවැලිය වසර හයකින් නිම කළේය. රටේ ආහාර නිෂ්පාදනයට පසුබිම හැදුවේය. මහකොළඹ ආර්ථික කොමිසම ඇති කිරිණි. ජල විදුලි

බලාගාර ඇතිකිරීම මඟින් නිදහස් වෙළෙඳ කලාපවලට අඩු මිලට විදුලිය ලබා ගත හැකි විය. ඇඟලුම් නිෂ්පාදනය වැඩි කෙරිණි. එමඟින් ගමට මුදල් ගලා ගියේය. නිවාස වැඩසටහන් නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහිද ප්‍රබෝධයක් ඇති වූයේය. ගඩොල් නිෂ්පාදනය වැඩි විය. ගම්වල එතෙක් මුදල් හරි හම්බ නොකළ කාන්තාවන්ට විදෙස් ගෘහ සේවයට යාමට අවකාශය සැලසුණි. ජනසවිය වැඩසටහන මඟින් දිළිඳු පවුල් නඟා සිටුවීමට කාර්ය භාරයක් ඉෂ්ට කෙරිණි. ඉහත කී එකක්වත් තිරසාර ආර්ථික මාර්ග නොවන බව අද වන විට පෙනී යන්නට පුළුවන. එහෙත් ඒ මොහොතේ රට තුළ දැවැන්ත මූල්‍ය සංසරණයක් කළ හැකි සංකල්ප හා වැඩසටහන් ජයවර්ධන රජයට තිබුණි.  වත්මන් රජය නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරමින් සිටින බව සැබෑවකි. එහෙත් ඊට අවශ්‍ය වැඩසටහන් ප්‍රායෝගිකත්වයට නැංවී නැත.

දිනපතා ආර්ථිකය

ජයවර්ධන ආණ්ඩුව ජනයාගේ දිනපතා ආර්ථිකයට තල්ලුවක් දුන්නේය. ඔවුන්ටත් නොහැකි වූයේ කල්වපවත්නා කර්මාන්ත සංවර්ධන ක්‍රියාවලියකට අත ගැසීමටය. වත්මන් රජය සිතිය යුත්තේ ඬේ, ටුඬේ ආර්ථිකයකට යාම ගැන නොව ජයවර්ධන මහතා වෙතිනුත් ඔබ්බට යෑමටය. ලංකාව කෘෂිකර්මාන්තයට, මත්ස්‍ය අපනයනයට හා කිරි ගොවි කර්මාන්තයට පුළුල් ආකාරයට අත ගසනවා නම් ආහාර නිෂ්පාදනය හා අපනයනය සම්බන්ධයෙන් ලොකු වෙළෙඳපළක් අත්පත් කර ගත හැකිය. නිමි ඇඳුම් කර්මාන්තය ද තව පුළුල් කර ගත හැකිය. එමෙන්ම ලංකාව සංචාරක කර්මාන්තයෙන් උපරිම ඵල නෙළා ගැනීමට නම් ඊට අදාළ යටිතල පහසුකම් තවදුරටත් සම්පුර්ණ කර ගත යුතුය. විශේෂයෙන්ම දේශීය කලාවන් හා සම්ප්‍රදායන් මෙන්ම ජනශ්‍රැතීන් ආවේණිකව වැඩෙන්නට ඉඩ සැලැස්විය යුතුය. සම්ප්‍රදායන් යනු ධනයයි. එහෙත් සම්ප්‍රදායන් මිල කරන විට අනන්‍යතාවන් මරා ගත යුතු නැත. මෙම සම්ප්‍රදායන්ට හා අනන්‍යතාවන්ට උත්තර මානුෂවාදී ආකල්ප ද ඇතුළත්ව තිබිය යුතුය.

අවුල් ජයගැනීම

77න් පසු මෙරට බිහිවූයේ නිදහස් ආර්ථික ක්‍රමයනි. ප්‍රශ්නය වන්නේ එය නිදහස් ආර්ථික ලක්ෂණවලින් හෙබි වුවත් ඊට අර්ථ රටාවක් හිමි නොවීමය. භාණ්ඩ රැගෙන වැඩි මිලට විකුණා මතුපිට තලයේ පමණක් දිවෙන සරල මූල්‍ය පැවැත්මකට, අර්ථ ක්‍රමයකට න්‍යායාත්මක හැඩයක් ලබා දිය නොහැකිය. ජයවර්ධන සිය ආර්ථික දැක්ම සමඟ සිංගප්පූරුව දෙසට හැරුණත් ආර්ථික ක්‍රමය ගොඩනැගීමට

අවශ්‍ය දීර්ඝ හා ගැඹුරු නිෂ්පාදන මාර්ග ඔහුටත් මඟ හැරුණි. ඩී.එස්ගේ අවදියෙන් පසුව ලංකාව දේශපාලන මතිමතාන්තර බදා වැළඳගෙන නිදහස් වෙළෙදාම නමැති ආර්ථික වැඩපිළිවෙළ අතහැර දැමීමෙන් ලැබූ ප්‍රතිලාභයක් නැත. ඉන්දියාවේ මේ සියලු දේශපාලන අර්බුද තිබුණත් නේරු විසින් ආර්ථිකය සක්‍රිය කිරීමට ගැඹුරු පදනමක් දමන ලදී. සිංගප්පූරුවේදී ලී ක්වාන් යූ, මැලේසියාවේදී මහතීර් මොහොමඞ් ඒ කටයුත්ත සාර්ථකව ඉටු කළහ.

අගමැතිවරයා ලංකාව සිරවී සිටින ණය උගුල තේරුම් ගෙන තිබීම වැදගත්ය. මෙපමණ ලැබුණොත් ණය උගුලෙන් ගැලවිය හැකිය යන  තක්සේරුවත් අවශ්‍යය. එහෙත් රටට ගැඹුරු මූල්‍ය පදනමක් දමන්නට හැකි ස්ථාවර වැඩසටහන්වලට නොයා අන්‍යයන්ගේ සාක්කුවල තිබෙන මුදල් වෙනුවෙන් ගණන් හැදීම නොකළ යුතුය. රටට අවශ්‍ය මූල්‍ය විනය සහිත ආර්ථික ක්‍රමයකි. එමෙන්ම මතුපිටින් නොව අභ්‍යන්තරයෙන් පොළොව අල්ලා ගත් ආර්ථික වැඩපිළිවෙළකි.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

විශේෂාංග

මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) 2017-05-25 - තුල්හිරිය කම්හලේ සේවය අහිමි වෙලා, වසර විසි හයක්...
අටවැනි මැයි දහ අට අටවැනි මැයි දහ අට 2017-05-23 - සමීප රූපය යුද්ධයක දී මුලින්ම මරාදමනුයේ සත්‍...

කතුවැකිය

කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න 2017-05-22 - යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළවුන් පමණි යනුවෙන්...
කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය 2017-05-15 - මිනිසකු බිත්තියට හේත්තු කිරීම භයානක ක්‍රිය...
කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන 2017-05-08 - ඉදිරි කාලය තුළ වැඩවර්ජන රැල්ලක් ඒමට නියමිත බව...

දේශපාලන

කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? 2017-05-22 - සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය ‘බාලගිරි...
මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? 2017-05-15 - අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්...
දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? 2017-05-08 - සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ...
ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? 2017-05-03 - ලංකාව මුහුණ පා සිටින ණය උගුලෙන් ගොඩ ඒමට නම් වසරකට...

Face Book Setup 01