සිරිසේනට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආ යුතුයි

පුවත්

දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයාට එරෙහිව මහජන දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුහ.

රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ ඊයේ (18) එම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේ පැවැසීය.

ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය පිලිබඳ කලකිරීමෙන් සිටින හැට දෙලක්ෂයක් ජනතාවගේන් මෙන්ම සියලූම මහජනතාවට මේ සදහා ආරාධනා කර සිටින බවද ඔවුන් සදහන් කළහ.

‘‘‘ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් සමඟ දැන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දේශපාලන අර්බුධයක් ඇතිවෙලා තියෙනවා. මතක නැද්ද 2015 ජනවාරි මාසයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා මගේ කැමැත්තට පත් කළ බව කියලා මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම පිලිබ`දව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරලා තිබුණා.

එතකොට ජනාධිපතිවරයා කටයුතු කලේ 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවට අනුවයි. අපි 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවක් පෙබරවාරි මාසයේදී ගෙනාව බව ජනාධිපතිවරයාට මතක නැද්ද කියලා අපි අහනවා.

2015 අගෝස්තු මහමැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති බවට පත් කර ගත්තා. මේක දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා. එහෙම තිබියදී තමයි ඔක්තෝම්බර් 26 සිකුරාද වූ අනීතික ක‍්‍රියාවලිය දිගින් දිගටම කටයුතු කරගන්නේ.

විශ්වාසභංගයේ පළවෙනි වගන්තිය පාර්ලිමේන්තුව තුළ සම්මත විම ඉවත් කර ගැනිමට දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ඒතුමාට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයකට මුල් විය හැකි නිසා තමයි මේ පියවර ගෙන තිබෙන්නේ.

මේ ව්‍යවස්තා විරෝධීව කටයුතු කරන ජනාදධිපතිවරයාට විරුද්ධව මහජනතාවගේ දෝෂාභියෝගයක් ආරම්භ කල යුතුයි කියළා හැට දෙලක්ෂයක් ජනතාවගේන් වගේම කළකිරිලා ඉන්න මේ රටේ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි එතුමන්ට දුන් ඡන්ද අවලංගු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි. අලූත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් අපි සියලූදෙනා කටයුතු කළ යුතුයි.

 

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...