තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ 121ක වැඩි ඡන්දෙන් සම්මතයි

පුවත්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසීම මේ වන විට අවසන් වී තිබේ.

ඒ අනුව තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා කළ යෝජනාවට පක්ෂව ඡන්ද 121 ලැබී ඇති බව කථානායකවරයා විසින් දැනුම් දෙනු ලැබීය.

ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් සභා ගර්භයෙන් පිටව ගියේය.

කෙසේ වෙතත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නොමැති අමතර නම් 4 ක් ප්‍රකාශ වු අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂන් කිරිඇල්ල, ආර්. සම්බන්ධන්, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා එඩ්වඩ් ගුණවර්ධන යන අය නම්වලින් ඡන්දය ප්‍රකාශ කර සිටියේය.

මේ අතර, නැවත වරක් නාම අනුව ඡන්ද විමසීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ ද මෙය සියලු දෙනාට දැක ගත හැකි පැහැදිලි ක්‍රමවේදයක් බැවින් මෙය පමණක් ප්‍රමාණවත් බව කථානායකවරයා දැනුම් දෙනු ලැබීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 27 වන දා සවස 1 දක්වා කල් තබන බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය.

පක්ෂ සංයුතිය අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිනේෂ් ගුණවර්ධන
එස්.බී. දිසානායක
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද සමරසිංහ
විමල් වීරවංශ

එක්සත් ජාතික පක්ෂය
ලක්ෂ්මන් කිරිඇල්ල
රවුෆ් හකීම්
රිෂාඩ් බදියුදීන්
මනෝ ගනේෂන්
පාඨලී චම්පික රණවක

දෙමළ ජාතික සන්ධානය
මාවේ සේනාධිරාජා

ජනතා විමුක්ති පෙරමුණ
විජිත හේරත්

 

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...