2019 එක් පුද්ගලයෙක් 30,000ක ණයකරුවෙක්

පුවත්

මහින්ද මෛත්‍රී හොර ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රට පත්වී ඇති අර්බුදකාරි තත්වය පිළිබඳ ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ(26) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී විශේෂ කරුණු කිහිපයක් හෙළිදරවු කළේ ය.

මතුදැක්වෙන්නේ චම්පික රණවක මහතා ඉදිරිපත කළ ප්‍රකාශය යි.

අද සමහරු බොරු දේශමාමක සටන් පාඨ කියනවා. විදේශ රටවල් එක්ක අපට වෙළෙඳාම වුවමනා නෑ, විදේශ රටවල් අවශ්‍ය නෑ ආදී වශයෙන් සටන් පාඨ කියනවා. අපි බොහොම පැහැදිලිව මතක තියාගන්න ඕන රටකට යම් යම් ප්‍රතිපත්ති තියෙනවා. අද මේගොල්ල මේ කතා කරන්නේ ආර්ථික හුදකලා වීමක් ගැන. ආර්ථික හුදකලා වීමකින් මොකද්ද රටකට වෙන්න පුළුවන් ව්‍යසනය කියන එක වෙනිසියුලාව, උතුරු කොරියාව සහ මියන්මාරය කාලයක් අපිට පෙන්වා දුන්නා. වෙනිසියුලාව කියන්නේ ලෝකයේ ඉහළ ම තෙල් සහ ගෑස් සංචිත තියෙන රටක්. නමුත් අද උද්ධමනය සියයට දස ලක්‍ෂයේ (1000000%) සීමාවට ඇවිත්. මේ හුදකලා වීමේ ප්‍රතිඵලයක් විදියට අත්‍යාවශ්‍ය ආහාරවත් නැතුව ඉතාම බරපතළ විදියට බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩනැගී තිබෙනවා. බොරු දේශමාමක සටන් පාඨවලට රටක් ගොඩනගන්න බැරි බව ඔප්පුවෙලා ඉවරයි. අන්න ඒ වගේ ආර්ථික හුදකලා වීමකට රජාපක්ෂ ජුන්ටාව මේ රට රැගෙන යනවා.hora aanduwa SIS 01

ඒ වගේම ඇතැම් අවස්ථාවල රටවල් ආර්ථික ආරක්ෂණවාදී පියවර අනුගමනය කරනවා. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න, විදේශ සංචිත ටික ඉතුරු කරගන්න, ආනයන ආදේශක හදන්න යම් යම් ආරක්ෂනවාදී පියවර ගන්නවා. ඒකෙ වරදක් නෑ. හැබැයි සම්පූර්ණයෙන්ම රටක් හුදකලා වෙලා ආරක්ෂණවාදී වෙන්න ඕන කියල කියන රාජපක්ෂ ජුන්ටාවේ සටන් පාඨය කිසිසේත්ම අපිට පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. එය රට සම්පූර්ණයෙන්ම ව්‍යසනයක් කරා රැගෙන යාමක්.

ඒ වගේම දේශීය ආර්ථිකයක් ගොඩනගන්න ඕන. විශේෂයෙන්ම දේශීය ව්‍යවසායකත්වයක් ගොඩනගන්න ඕනි. ඒ ගැන අපේ කිසිම විවාදයක් නෑ. රටක් ඉදිරියට යන්න නම් ඒ රටේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක්, ඒ ආර්ථිකය මත ගොඩනැගුණු සේවා ආර්ථිකයක්, ඒ වගේම ශක්තිමත් දියුණු කෘෂි කර්මාන්තයක් රටට අවශ්‍යයි. රටක් ධනවත් වෙන්න රටට වෙළෙඳාම් කරන්න පුළුවන් වෙන්න ඕන. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක තරඟ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ අතරේ අපේ ඒ දේශීය ආර්ථිකයේ ව්‍යවසාය දායකත්වයත්, ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට බෙදී යාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික වශයෙන් හුදකලා වෙලා ඔය එකක්වත් අපිට අත්පත් කරගන්න බැරි බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

පළමුවෙන්ම මේ ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය එහෙම නැත්නම් ජාතික ආර්ථිකයට විදේශ වෙළෙඳාමේ බලපෑම ඔබට අපි පෙන්වල දෙන්න කැමතියි. අපේ දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් විදියට ගත්තහම 2017 දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපි පිට රටට යවන භාණ්ඩවල වටිනාකම වෙලා තියෙන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 13%ක්. අපි ආර්ථික වශයෙන් හුදකලා වෙන්න යනවා නම් පිටරටට භාණ්ඩ සපයන්නේ එහෙම නැතුව යනවා නම් ආර්ථිකයෙන් අපිට ඔය 13% අහිමි වෙලා යනවා.

ඊළඟට අපනයන සේවා; (Export Services) ඒවත් තියෙනවා 8.9%ක් පමණ. සංචාරක ව්‍යාපාරය, ඒ වගේම විශේෂයෙන්ම මේ රට තුළ සිදු කරන ඉදිකිරීම් කර්මාන්ත ආදියෙන්, බැංකු කටයුතු ආදියෙන්, ඒ වගේම කොටස් වෙළෙඳපොළ ආදියේ කෙරෙන ආයෝජන සියල්ල අයිති වෙන්නේ මේ සේවා යටතට. එකත් තියෙනවා 8.9%ක් පමණ. දැන් ඔය කියන දේශප්‍රේමී ආර්ථිකය හැදුවහම ඔය 8.9%ත් අපිට නැති වෙනවා.

ඊළඟට විදේශ සම්ප්‍රේෂණ; දැන් අපේ රටේ වැසියෝ ආසන්න වශයෙන් ලක්‍ෂ 30ක් පමණ විදේශවල ඉන්නවා. ලංකාවේ ජනගහනයෙන් 15%ක් පමණ විදේශ රටවල සේවය කරනවා. ඒ අය අපිට සම්ප්‍රේෂණය කරනවා දළ දේශීය නිෂ්පාදනයෙන් 8.1% ක් පමණ ප්‍රමාණයක්. දැන් ඔය දේශීය හුදකලා වීම කරොත් ඔය තිස් ලක්ෂයම ලංකාවට එන්න ඕන. එයාලට පුළුවන් පොළොන්නරුවේ ගිහින් කුඹුරු කොටන්න. ඕක තමයි මේ බොරු ආර්ථික විශේෂඥයන්ගේ යෝජනාව. hora aanduwa SIS 02

ඊළඟට ඒ ටිකේ ඔක්කොම එකතුව ගත්තොත් සහ අපිට තියෙන මේ සෘජු ආයෝජන, ණය ආධාර ඒ සියල්ලේ එකතුව ගත්තහම 6%ක්. මේ ඔක්කොම එකතු කළාම අපට ආසන්න වශයෙන් මේ රටේ සමුච්චිත බලපෑම 36%කටත් වැඩි ප්‍රමාණයක්.

එසේ නම් මේ රට තුළට වූ සමුච්චිත මූල්‍යයන්ගේ බලපෑම ආසන්නයෙන් 36%ක්. ඒ කියන්නේ රටේ ආර්ථිකයේ තුනෙන් එකකටත් (1/3) වැඩි ප්‍රමාණයක්. එසේ නම් මේ විදේශ බලපෑම අපි ඉවත්කර ගත්තොත් මෙන්න මෙච්චර බලපෑමක් අපිට සිද්ධ වෙනවා.

ඊළඟට ආනයන භාණ්ඩ සහ සේවා, ඒවා දළ දේශීය නිෂ්පාදනයට සෘජු බලපෑමක් නැති වුනත්, ඒ පිටරටින් ගේන තෙල්, ගෑස්, ඖෂධ, පොහොර, ආහාර ආදී මේ ආනයන දිහා බැලුවම ඒවා දළ දේශීය නිෂ්පාදනයෙන් 29%ක් වෙනවා. පොඩි ගානක් නෙවෙයි. එතකොට මේ දේශීය අර හුදකලා ආර්ථිකය හැදුවහම, තෙල් ගේන්නත් විදියක් නෑ. ගෑස් ගේන්නත් විදිහක් නෑ. අනික් ඒවා ගේන්න විදියකුත් නෑ. ආර්ථිකයට මේ 29%ත් නැතිවෙනවා. මේකෙන් පේන්නේ මොකද්ද? අපි ඉන්නේ ආර්ථිකයේ තුනෙන් දෙකක් පමණ (2/3) විදේශ වෙළෙඳාමත් එක්ක යැපුම් ආර්ථිකයක් විදියටයි. ආර්ථිකයෙන් තුනෙන් දෙකක්. මේ මුග්ධ මෝඩ ආර්ථික නියාම ධර්ම වලින් මේ කරගෙන යන්නේ අපිව ලෝකය තුළ හුදකලා කරලා අපේ ආර්ථිකය ඉතාමත්ම අඩු මට්ටමකට, පහළ මට්ටමකට, හැකිළෙන මට්ටමකට පත් කිරීමයි.

වැදගත්ම දේ, මේ දේශපාලන කුමන්ත්‍රණයේ ආර්ථික හා මූල්‍යමය ප්‍රතිවිපාක මොනවද කියල බලන එක. මම මේ ගණන් හදල තියෙන්නේ 2019 වර්ෂය සඳහා මොකද්ද ආර්ථික බලපෑම කියල කියන්න. පළමුවෙන්ම මේ ආණ්ඩුවේ සංචිතවලින් (Government Securities) 2019 වර්ෂයේ එළියට යන මුදල රුපියල් බිලියන 209 ක් වෙනවා. පළවෙනි සති තුනේදී විතරක් බිලියන 45ක් රටින් එළියට ගිහින් තියෙනවා. තව ඉදිරියටත් මේ ප්‍රවණතාව තිබුනොත් බිලියන 209ක් පමණ රටට අහිමි වීමට නියමිතයි.

ඊළඟට සංචාරකයන්ගේ පැමිණීම; විශාලම සංචාරක පැමිණීමත් සංචාරක ආදායමත් තියෙන්නේ මේ කාලේ. සංචාරක පැමිණීමෙන් 40%ක්, සංචාරක ආදායමෙන් 50%ක් අපේ හෝටල් කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ලැබෙන්නේ මේ කාලේ. එහි සෘජු සේවයේ නියුතු ලක්ෂ තුනකට අධික පිරිසකුත්, අතිරේකව ජීවත් වෙන ලක්‍ෂ 10කුත් තව ලක්ෂ30ක් විතර මේකෙන් යැපෙනවා. මේ සියල්ලන්ටම මේක බලපානවා. දැනට ඩොලර් බිලියන 04කට මේකෙන් අපිට ආදායම ලැබෙනවා. එතකොට මේ සංචාරක පැමිණීමෙන් 20%ක් අපිට අහිමි වුණා කියන්නේ, (ඇත්තටම දැනටමත් ඒ තත්වය උදාවෙලා තියෙනවා) අපිට රුපියල් බිලියන 150ක් ආදායම් ඒ කියන්නේ විදේශ සංචිත ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දීපු රැකවරණයෙන් ඉවත් උනොත්, ඒ වගේම අපේ තියෙන මේ අස්ථාවරත්වය නිසා අඩුම තරමින් 3%කින්වත් විදේශවලින් අපි ගන්නා ණය සඳහා පොලිය වැඩි වෙනවා. මොකද දැනට ජනවාරි 14 වන දින මහින්ද රාජපක්‍ෂ මහතා ගත්ත ඩොලර් මිලියන 1000ක ණයක් පියවන්න තියෙනවා. ඒ ණය ගත්තේ 5.5% පොලියට. ඒ 5.5% පොලියට ගත්ත එකට දැනට අපි තව ණයක්‌ අරගෙන ගෙවන්න ගියොත් ඒක 4%කින් ඉහළ ගිහින් තියෙනව, ඒ කියන්නේ 9.5%ක පොලියකට තමයි අපිට ඒක ලැබෙන්නේ. ඒ නිසා මේ සියයට තුනකින් හෝ හතරකින් වැඩි වෙනවා කියන එක දැනටමත් සිද්ධවෙලා ඉවරයි.

එවිට කොපමණ තියෙනවද? අපිට තියෙනවා ණය වාරික ආපසු ගෙවීම් (Refinancing) ඩොලර් බිලියන 4.2ක්. ඒ වගේම අපිට තව රට තුළට අවශ්‍යයි කියල හැඟෙන ප්‍රමාණය ඩොලර් බිලියන 1.5ක්. එවිට සමස්ත විදේශීය මුදල් අවශ්‍යතාවය ඩොලර් බිලියන 5.7ක්. එවිට 3%කින් පොලී අනුපාත වැඩි උනාම ඩොලර් බිලියන 5.7ක මුදල් අවශ්‍යතාවය සඳහා ඩොලර් මිලියන 171ක් අපිට වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. දැන් තියෙන ගානට ඩොලර් එක තිබුණොත් ඒක අවුරුද්දකට රුපියල් බිලියන 32ක්. අවුරුදු 10කට තමයි සාමාන්‍යයෙන් බැඳුම්කර ආදිය එකතු කරන්නේ එතකොට රුපියල් බිලියන 324ක් පමණ අපිට වැඩිපුර ගෙවන්න වෙනවා දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව.

ඒ වගේම යුරෝපා සංගමයෙන් දෙන ජී.එස්.පී. සහනය අපිට යම් හෙයකින් අහිමි වුණොත්, විශේෂයෙන් ම මත්ස්‍ය වෙළෙඳාම ඇතුළු භාණ්ඩ 4000කට පමණ මේකෙන් පහර වදිනවා. එතනින් අපිට අහිමි වෙනවා රුපියල් බිලියන 76ක්.

ඒ වගේම රාජපක්‍ෂ මහත්තයාගේ මේ සහන මල්ල, ඉන්ධන සහ ඒ අනෙකුත් සහන මල්ල ලබන වසරටත් ක්‍රියාත්මක කරන්න ගියොත් මේ වසරට යන්නේ ඒකට බිලියන 30යි. ලබන වසරට ක්‍රියාත්මක කරන්න ගියොත් ඒකෙ බර බිලියන 150යි. ඇත්තටම මේ සහන දෙනවා කිව්වට එතුමා කළේ ගම්පෙරළිය, අපේ අමාත්‍යංශයේ සුඛිත පුරවර වගේ වැඩසටහන් ඔක්කොම නවත්තල ඔය තෙල් සහනයයි බදු සහනයයි ලබා දුන්න එක. ඒ කියන්නේ රටේ ජනතාවගේ සංවර්ධනය කපා හැරලා. පාසල්වලට ලබා දෙන ටැබ් එකත් කපා හැරලා එහෙම තමයි මේ සහනය එතුමා ලබා දුන්නේ. ලබන අවුරුද්දෙත් ඒ සහන කරගෙන ගියොත් බිලියන 150ක් පමණ බරක් එනවා.

ඔක්කොම එකතු කළාම ලබන වසරට ආර්ථිකයට දරන්න වෙන බර ආසන්න වශයෙන් රුපියල් බිලියන 617ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 4.6% ක්. ඇත්තටම මේ දවස්වල ආර්ථිකය වර්ධනය වෙන්නේ 4%ක් වගේ ගාණක්. මුළු ආර්ථික වර්ධනයක්ම නතර වෙන්න තරම් සමත්වෙලා තියෙනවා. මේ රටේ ජනගහනය ඉන්නේ මිලියන 21මේක 617න් බෙදුවම හැම පුද්ගලයෙක්ම රුපියල් 30000ක බරකට 2019දී ලක්වෙනවා. මේ මෛත්‍රී මහින්ද කරපු දේශපාලන කුමන්ත්‍රණය නිසා. ඒ රටේ ඇතිවෙච්ච දේශපාලන අස්ථාවරත්වය හා ආර්ථිකයට කරපු බලපෑම නිසා. සෑම පුද්ගලයෙක්ම රුපියල් තිස් දාහක අතිරේක බරකට (දැනට තිබෙන ණයට අමතරව) යොමු කරලා තියෙනවා.

ඒ වගේම තව සමහර ආර්ථික කෙලතොල්ලෝ කිව්වා මහින්ද මහත්තය ආවම හුඟාක් ආර්ථිකය නිවැරදි වෙනවා. පට ගාල රට ආර්ථික වශයෙන් වර්ධනය වෙනවා ආදී වශයෙන්. දැන් මහින්ද මහත්තය හම්බන්තොට වරාය ජනසතු කරල ද? මත්තල ගුවන් තොටුපළ දැන් අපි පවත්වාගෙන යනවා කියල ස්ථිරසාර ප්‍රකාශයක් කරලා තියෙනව ද? සිංගප්පූරු ගිවිසුම දැන් අවලංගු කරල ද? රුපියල අවප්‍රමාණය වීම දැන් වළක්වල ද? මේ ඔක්කොම මේ ආර්ථික කෙලතොල්ලෝ අපේ රටේ ජනතාවට කරපු පට්ටපල් වංචා, බොරු. අපි ඇත්තටම ඒ අතින් සතුටු වෙනවා මහින්ද මේ රටේ මිනිස්සුන්ට පට්ටපල් බොරුවක් කරගෙන ගිය මහින්දට ආර්ථිකය හදන්න පුළුවන් කියල, ඒ බොරුව මේ මාසේ ඇතුළත එළිදරව් වීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා.

මාධ්‍ය ඒකකය ජාතික හෙළ උරුමය.

2018-11-26

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...