රාජසන්තක කළ ඩොලර් 53,455ක් නිදහස් කරන්නැයි මහින්ද රේගුවට බලපෑම් කරලා

පුවත්

මෙරට සිට නීති විරෝධී ලෙස ඉරානය වෙත රැගෙන යමින් සිටියදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 53,455ක මුදලක් වහාම නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළ බව සඳහන් කරමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.අලී හසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සානුකම්පිතව සලකා බලා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 53,455ක මුදල අදාළ පුද්ගලයා වෙත ආපසු භාර දෙන මෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුව වෙත නියෝග කළ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ විශ්වාසභංගවලින් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව මේ වනවිට රට තුළ අගමැතිවරයෙකු හෝ ඇමති මණ්ඩලයක් නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතාද ප්‍රකාශ ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස පත් කළ නීතිවිරෝධී ආණ්ඩුවේ අගමැතිවරයා ලෙසත් මුදල් හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙසක් කටයුතු කරමින් සිටියි.

මේ අතර ඉහත කී මුදල්  නිදහස් කරන ලෙස මහින්ද රාජපක්ෂ විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත යැවූ ලිපියක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු  වන අතර එයද පහළින් දැක්වේ. 

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

Press release 2018.11.27Press release 2018.11.27.2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MahindaLetter

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...