නීතියට වෙට්ටු දැමූ සිරිසේනගේ ගෝලයා අධිකරණයට

පුවත්

ඒ තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම සදහා පැහැරගෙනගොස් අතුරුදහන් කිරීමේ නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වන ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි යන අයව නීතිය හමුවට ගෙන ඒම වලක්වා සැගවී සිටීමට ආධාර උපකාර කිරීමට චෝදනා ලැබ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීම සදහා පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත නියෝග නිකුත්කර තිබිණ.

ඒ අනුව අද අධිකරණ කටයුතු ආරම්භයේ සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයට ඉදිරිපත් වනු ඇති අතර එහිදී බොහෝ දුරට ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්වනු ඇති බවත් දැනගන්නට තිබේ.

මෙම නඩුවට අදාල තවත් චෝදනා කිහිපයක්ද රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව එල්ලවී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට අවස්ථා කිහිපයකදීම දැනුම්දී තිබුනත්, ඔහු ඒ නොතකා හැර කටයුතු කලේය.

පසුගියදා මෙම නඩුවට අදාලව රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව සාක්ෂි ලබාදුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ට කොටුව නාවික හමුදා මෙස් හීදී සිය සහචරයන් සමග පැමිණ ගිනි අවි සහිතව පහරදී මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද රවීන්ද්‍ර විජේගුණරත්න චෝදනා ලබාසිටියි.

එමෙන්ම තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එයින් ඉවත්කරලීම සදහා ජනාධිපති සිරිසේන ප්‍රමුඛ කුමන්ත්‍රණ ආණ්ඩුව පොලිස්පතිවරයාට නියෝග නිකුත්කල තිබිණි.

එහෙත් ජාතික පොලිස් කොමිසම මැදිහත්ව එම ස්ථාන මාරුව අත්හිටුවීය.

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...