සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ 03 ක් ගෝඨාගේ නඩු අහන්න බෑ කියූ අය

පුවත්

සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ පාලන කාලය තුලම සම්මතකරගනු ලැබූ  19 වන ව්‍යවස්ථාව ඉතා මුග්ධ ලෙස නොසලකා හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් පියවර ආපසු අකුලා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාගයට පත් කෙරුණු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් අග විනිසුරු විසින් පත්කළ අතර ඉන් විනිසුරුවරුන් තිදෙනෙකු ගෝඨාභයට රාජපක්ෂට එරෙහි  නඩු විභාගයෙන් ඉවත් වූ අය වේ. 



ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අළුවිහාරේ සහ මෘදු ප්‍රනාන්දු එලෙස ඉවත් වූ විනිසුරුවරුන් වන අතර අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් මෙම පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු නමුත්  මෙම සත් පුද්ගල විනිසුරු මඬුල්ල පත් කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය.

2015 වසරේ මැයි 13 වන දින ගෝඨාභයගේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී බුවනෙක අළුවිහාරේ මහතා පුද්ගලික හේතුවක් මත ඉන් ඉවත් වූ අතර මැයි 25 වනදා තමන් පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. 

2016 ජනවාරි 28 වන දින ප්‍රියන්ත ජයවර්ධන මහතා පුද්ගලික හේතුවක් මත එම පෙත්සම් විභාගයෙන් ඉවත් වූ අතර මෘදු ප්‍රනාන්දු මහත්මිය පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ 2018 ජුනි 01 වනදාය.

කෙසේවෙතත් වත්මන් ජනාධිපති සිරිසේන බලයට පත් වීමෙන් පසුව විධායක ජනාධිපතිධුරයේ බලතල අවම කිරීම වෙනුවෙන් ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙ‍ටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව යළි අභියෝගයට ලක් වීමේ හැකියාවක් ඇති බව නීති ක්ෂත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

පෙත්සම්කරුවන් 19 වන ව්‍යස්ථාව පදනම් කරගෙන තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ 19 සංශෝධනය අනුව පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම යුක්ති සහගත වීමේ වැඩි ඉඩක් පවතින බවය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණය හමුවේ අභියෝගයට ලක්වී එය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ප්‍රකාශ වුවහොත් පෙත්සම් කරුවන්ට හිමි වන්නේ පරාජයය. සිරිසේන ජනධිපතිවරයා යළි පරණ විධායක ජනාධිපතිවරයාම වනු ඇත.18 වන සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ ගොඩනගා ගත් ඒකාධිපති බලතල සියල්ල මෛත්‍රීපාල සතු වෙනුද ඇත. එබැවින් මෙම තීන්දුව තීරණාත්මක මෙන්ම රටේ දිශානතිය කෙරෙහි සෘජුවම බලපාන තීන්දුවක් බවට පත්වනු ඇත.

එමෙන්ම මෙම පෙත්සම් විභාගයේ විනිසුරුවරුයෙකු ලෙස විජිත් මළල්ගොඩ මහතා කටයුතු කරන අතර ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක ජනරාල්වරිය ඉවත් කොට පසුගිය 25 වැනිදා ජනාධිපති සිරිසේනගේ අනුදැනුම මත නව පත්වීමක් ලබා දී ඇතැයි සමාජ මාධ්‍ය පෙන්වා දෙන අතර එය එසේ වුවහොත් විනිසුරු බිරිඳගේ මෙම නව පත්වීම ඉහත කී  තීන්දුවට බලපෑමක් වනු ඇතැයි නීති විශාරදයින් පෙන්වා දෙයි.  

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...