මඩකලපුවේ පොලිස් ඝාතනයට කරුණා අම්මාන් සැකයි

පුවත්

ඊයේ (29)මඩකලපුව ප්‍රදේශයේ දී සිදුවූ පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනයට විනයගමූර්ති මුලදිරන් හෙවත් කරුණා අම්මාන් සැක යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා අද(30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කරුණා අම්මන් නිදාගෙන ඉඳන් දැන් ආයේ කතා කරන්න පටං අරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගිහින් තිබෙනවා. අපිට ඇත්තටම බරපතල සැකයක් තිබෙනවා එක්වරම නව ජීවයක් ඇතිවූ පුද්ගලයන් ගැන.

මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔක්තෝබර් 26න් පස්සේ. ඊපීඩීපී කණ්ඩායමත් දැන් පුණර්ජීවය වෙලා තියෙනවා. යාපනයේ යම් පහරදීමක් වෙලා තිබෙනවා. ඇමැති කෙනෙක් කියා ගන්නා කෙනෙක් දැන් කියනවා මම ආයෙත් ඇවිත් ඉන්නේ කියලා. එය දෙමළ චිත්‍රපටයක කියමනක්. එය ජනතාව බියවැද්දවීමට ගන්නා කියමනක්.

මේ සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදී පවසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ එම් ඒ නලීන් බණ්ඩාර -

පොලිසියේ දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තියලා ඝාතනය කර ඇති බවත් විනයගමූර්ති මුලදිරන් මහතා ‘මම මඩකලපුවේ කරුණා අම්මාන් බව මතක තියා ගන්න.‘ ලෙස සඳහන් කරමින් ට්විටර් පනිවිඩයක් නිකුත් කර තිබුණු බවත් එම් ඒ නලීන් බණ්ඩාර මහතා පවසා සිටී.

සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.

ආවා කල්ලි රතිඥයක් පත්තු කරද්දිත් වීරවංශලා රට ගිනි තියන්න හැදුවා කොටි සංවිධානය නැගිටලා කියලා. දැන් වීරවංශලා, ගම්මන්පිලලා කතා කරන්නේ නෑ. දැන් පොලිස්පතිතුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වෙලා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය නැති කරන්න.

මහවිරු සමරු තිස් ගණනක් තිබ්බා. අපි ඉන්න කාලේ තිබ්බා නම් වීරවංශලා, ගම්මන්පිලලා රට ගිනි තියනවා කොටි නැගිටලා කියලා. නමුත් අපි එහෙම ගිනි තිබ්බේ නෑ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙස කටයුතු කරන කරුණා අම්මාන් කලින් වගේ වැඩ කරන්න පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා මේ තර්ජනයත් එක්ක.

මූලාශ්‍රය InfoSrilanka

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...