මෛත‍්‍රීපාල ජනාධිපති කරවීමේ සහ රනිල් යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා

පුවත්

2015 ජනවාරි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ඊයේ (29) පැවසීය.


කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සරත් විජේසුරිය මෙසේද පැවසීය.

‘‘චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණු මොහු ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට හේතු බවයි. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා‘‘

අප එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළා ගුවන් යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රටසවාරි යන බවට . එහෙත් අද වනවිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැම වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි.

"ඒවගේම මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතුවුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත්කරගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාව අවජාතක දරුවෙක් ලෙස ගර්භාවට ලක් කළා."

මේ සෑම දේකින්ම පෙන්නුම් කළේ විධායක බලයෙන් මිනිහෙකු උමතු කරන අන්දමයි ජනතාව එක් පුද්ගලයෙකු ගැන විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වු පසු කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ග සකස් කිරීමයි. දරුවන්ට ප‍්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබඳු විහිලුවක්ද? පියා ජනාධිපති වීමෙන් දරුවන් අසාමාන්‍ය ධනවතුන් බවට පත්විය හැකිද? මෙයට අප තිත තැබිය යුතුයි.

මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙහිදී අවසන් වශයෙන් පැවසුවේ “සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන් අපට සාප වේවා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා.“ යනුවෙනි.

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...