තේරීම් කාරක සභාවේ සජීවී විකාශය ජනපති අනින් අත්හිටුවයි

පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සජීවීව විකාශය කිරීමට විරෝධය දක්වා ඇති ජනාධිපතිවරයා විසින් ඒකමතිකව එම සජීව විකාශය නවතා දමා තිබේ.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ක්‍රියාත්මක වන පියෝ ටීවී හරහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සජීවී විකාශය ලබා දෙමින් පැවැති අතරවාරයේ ජනාධිපතිවරයා කථානායක කරු ජයසූරිය ට දුරකතන ඇමතුමක් ලබාදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් අදාළ සජීවී විකාශය නවත්වා දමන ලෙස දැනුම් දී තිබේ.
ඉන් අනතුරුව පියෝ ටීවී හරහා ලබාදුන් සජීව විකාශය අත්හිටුවා තිබේ.
එය නැවත විකාශය කරන ලෙසට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියද ශ්‍රී ලංකා ටෙලිකොම්, පියෝ ටීවී එය නැවත විකාශය කර නොමැත.ජනාධිපතිවරයා සිය බලතල පාවිච්චි කරමින් මෙම සජීවී විකාශනය නවතා දමන්නට ඇතැයි විශ්වාශ කල හැකි බව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පවසයි.
තේරීම් කාරක සභාව පසුගිය 29 වැනිදා රැස්වූ අතර එදින ජාතික බුද්ධි අංශ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන අය කරුණු විමසීම සඳහා කැඳවා තිබුණි.
මේ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන ජුනි 4 වෙනිදා නැවත රැස්වීමට නියමිතය.

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...