ඥානසාර හිමිට අනිවාර්ය සිර දඬුවමක් දෙන්නැයි ඉල්ලයි

පුවත්

අතුරුදන්කර සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳට බැන වැදීමේ චෝදනාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහාධිකරණයෙන් පනවා ඇති අත්හිටුවීමේ සිර දඬුවම අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කරන්නැයි ඉල්ලයි.


අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කර ඇති අභියාචන පෙත්සම මෙම මස 22 වැනිදා සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කළේය.

එම පෙත්සම සිසිර ද ආබෲ, මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන විනිසුරු වරුන්ගෙන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.

මෙම පෙත්සම මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කර ඇත.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාරියට බැන වැඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයෙන් සය මසක සිරදඬුවමක් නියම කෙරිණි.

ඊට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයක් හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළේය. එය සළකා බැලූ මහාධිකරණය අදාළ දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමට නියෝග කළේය.

මෙය නීතියට පටහැනි බැවින් අදාළ අත්හිටවූ සිරදඬුවම අනිවාර්ය සිරදඬුවමක් බවට පත් කිරීමට නියෝග කරන ලෙස ද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා ඇත.

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...