මංගල සමරවීර සහ රාජිත සේනාරත්න අමාත්‍යවරුන්ට මෙන්ම මන්ත්‍රී චතුර සේනාරත්නට ගම්පහ කිසිදු විහාරස්ථානයට නොගැනීමට , ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (4දා)තීරණය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර සිය ටිවිටර් පිටුවෙන් පිළිතුරු දී තිබේ.
වැඩිදුටත් අදහස් දකිවමින් ඒ හිමියන් පවසා ඇත්තේ මෙම දේශපාලනඥයින් තිදෙනා ගම්පහ ප්‍රදේශයෙහි කිසිදු විහාරස්ථානයට ආගමික හෝ වෙනත් කිසිදු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවයි.
එම තීරණය සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා සිය ටිවිටර් පිටුවේ මෙලෙස සඳහනක් තබා තිබේ.
බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ! යනුවෙනි.