‘පාස්කු ඉරිදා’ ප‍්‍රහාරයට-පොලිස් ලොක්කන් 9 කට අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග

පුවත්

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට මෙන්ම එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

ඉහත චෝදනා සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට එරෙහිව අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න ට ලිඛිතව නියම කර ඇති නීතීපතිවරයා එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා පොලිස් කොමිසමේ සභාපතිවරයාටද යොමු කර ඇත.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ කොළඹ, වයඹ හා විශේෂ ආරක්‍ෂක දිසාව නියොජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටාර්වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.

ඊට අදාලව මෙම පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් කෙරෙහි සැළකිල්ල යොමු කරන නීතිපතිවරයා අදාළ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් අදාළ කර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස් කොමිසමේ සභාපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...