අනේ අපොයි රත්තරන් හෙලේනා....!

සමාජ

අන්නාසි කා වතුර බිව් පසුව කටට දැනෙන්නේ තිත්ත, අපුල රසයකි. බොහෝ වේලාවක් යනතුරු ඒ අපුල ගතිය කටෙන්, දිවෙන් සහ උගුරෙන් පලා නොයයි. පසුගිය දිනෙක වියත් මඟ (යැයි කියන) සභාවක දී රඟදැක්වුණු රෝහණ බැද්දගේ - බන්දුල විජේවීර නාඩගම නැරඹීමෙන් පසුව ද හිතට දැනෙන්නේ එවැනිම වූ අපුල, අප්‍රසන්න හැඟීමකි. දේශපාලන - සමාජ - සංස්කෘතික මතවාද එකිනෙකට මොන තරම් වෙනස් වුව ද එවැනි නරි නාටකවලට කොක් හඬලා සිනාසිය හැක්කේත්, අත්පොළසන් දිය හැක්කේත් මන්දබුද්ධිකයන්ට මිස වියතුන්ට නොවන වග අපේ විශ්වාසයයි. එබැවින් පශ්චාත් අන්නාසි කහට රස මෙන් බොහෝ වේලාවක් නොව බොහෝ දිනක් යනතුරු මේ අපුල ගතිය හිතට දැනෙනු ඇත.

මාමාත් බෑණාත් ඉපදී සිටින්නේ කලියුග කාලෙකබව කියන්නට මීට වඩා තවත් උදාහරණ අවශ්‍ය නැත. කලියුග කාලෙ උපන්න රයිගමයාත් ගම්පොළයාත් නුවණක්කාරයො දෙන්නෙක්කියා ගී ගැයුවාට මාමාගෙනුත් බෑණාගෙනුත් වේදිකාව මත ප්‍රදර්ශනය වූයේ අනුවණකමත්, මෝඩකමත් මිස අන් යමක් නොවේ. එය සමහර විටක අවස්ථාවාදය, අමනකම හෝ තක්කඩිකම ද වන්නට පුළුවන. ඔවුන් එය නොදන්නවා වන්නට නුපුළුවන.

වේදිකාවේ ඉහළින් අනාචාර උපාධියක් පිළිබඳ කතන්දර ඇසෙද්දී පහළ ඉදිරිපෙළ අසුනක සිට අත්පොඩි ගසමින් සිනාසෙන්නේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. (අනේ අපොයි !) ඔරුව පෙරලුනොත් සමලිංගිකයන්ගෙන් ආරක්ෂා විය යුතු බව ඉහළින් ගැයෙද්දී පහළින් නීතිය පිළිබඳ මහාචාර්ය ජී. එල්. පීරිස් දෙතොල් තද කරගෙන සිනහව මැඩගනියි. (සන්තෝෂයි!)

අනාගත ජනාධිපතිවරයා වීමේ සුබ සිහින දකිමින් සිටින ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා සිනාසෙන්නේ ඔහු වාඩි වී සිටින පුටුවේ ඒ මේ අත ඇඹරෙමිනි. මේවා සිනාසිය යුතු තරම් විහිළු නොවන බව ජනාධිපතිවරණයෙන් පසු දිනම ජාතික ඇඳුමින් සැරසී මෙරටින් බැහැර වී අතරමඟ ගුවන් තොටුපළක දී නැවත ඩෙනිමට හා කමිසයට මාරු වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හොඳින්ම දනියි. නමුත් ඔහු පෙරළා දිවයිනට පැමිණියේ සුපුරුදු ජාතික ඇඳුම ඇඳගෙන බව අප අමතක නොකළ යුතුය. එබැවින් කොක් හඬලා සිනාසීමේ ඔහුගේ අයිතියට අප කෙසේ නම් අභියෝග කරන්නද?

ඔවුන්ට මඳක් ඈතින් තම සිනහව පාලනය කරගත නොහැකිව විරිත්තමින් සිටියේ අනූව දශකයේ මුල හිරුපුවත්පතින් එවක ජනපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව අභියෝග කරමින් විවෘත ලිපි ලියූ ඩලස් අලහප්පෙරුමය. (නියමයි ඩලා!) ඔහුට වම්පසින් සිට සිනාසුණේ කවුරුන්ද? සමසමාජ පක්ෂය පවා කඩා බිඳගෙන පැමිණි රැඩිකල් වාසුදේව නානායක්කාර සහෝදරයාය. සිනහවේ පරිමාණය වැඩි වෙත්ම ඔහු සිය විප්ලවීය රැවුල කසන ප්‍රමාණය ද වැඩි වෙමින් පැවතුණ බව අපේ සියුම් නිරීක්ෂණයන්ට ග්‍රහණය විය. (වැරැද්දක් නෙවෙයි සහෝ!) ඔහුට පුටු දෙකක් දකුණුපසින් සිටියේ පිවිතුරු හෙළ උරුමයේ උදය ප්‍රභාත් ගම්මන්පිලය. ගම්මන්පිල සිය සුපුරුදු ඇල් වතුරසිනාවෙන් සිනාසෙමින් සිටියේය. (සාදු! සාදු!! සාදු!!!) පවිත්‍රා දේවී වන්නිආරච්චිගේ සිනහව නැඟුණේ සභාවේ තරමක් පසුපසට වන්නටය. නමුත් ඒ හිනාවේ රැව්දෙන ස්වභාවය බිඳකින්වත් වෙනස් වී තිබුණේ නැත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ද මැඬගත නොහැකි සිනාවෙන් සිටින දර්ශන වරින් වර මතු විණ. තව බොහෝ දෙනෙක් තැනිත් තැන ස්ථානගත වී සිටියහ. ඉදින් වියත් මඟ සභාවේ හැසිරීමේ තොරතුරු සැකෙවින් එබඳුය. ඊටත් වඩා ඔවුන් ගැන යමක් පැවසිය යුතුද?

නමුත් ප්‍රශ්නය එය නොවේ. බලය නැවත ලබා ගැනීමට දත කන්නෝ කවර ආකාරයකින් හෝ එය ලබා ගැනීමටම යත්න දරති. ඒ සඳහා උපයෝගී කරගත හැක්කේ සමලිංගිකයන්ද, විසම ලිංගිකයන්ද එසේත් නැත්නම් බල්ලන් බළලුන්ද යන්න පවා ඔවුන්ට ගැටලුවක් නොවේ. නමුත් ඔවුන්ගේ ඒ පනින රිළා ගමනට ඉණිමං තබන්නට තරම් අප ආදරය කරන කලාකරුවන් නිවට වන්නේ කෙලෙසින්ද? මින් පෙර මෙන්ම වර්තමානයේදීත් එවැන්නන් වෙත ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව ඔවුන්ට අංශු මාත්‍රයක තරම්වත් වැටහීමක් නැතුවා ඇද්ද? නැතිනම් දැන දැනම ඔවුන් අවස්ථාවාදයේ සහ තක්කඩිකමේ අඳුරු පතුලත තෙක්ම ගිලී අවසානද?

පසු කරමින් මහ කඳුවැටි, ඕවිටි, පාළු සොහොන් පිටි, රබර් වතු, කෙත් වතුසමාජය-ලෝකය දැන් බොහෝ දුරක් පැමිණ තිබේ. ලිංගිකත්වය පිළිබඳව මෙන්ම තවත් බොහෝ දෑ පිළිබඳව ද ඒ සමාජය සහ ලෝකය තුළ ඇත්තේ විවෘත කියැවීම්ය. අපේ රට තුළ පමණක් එකී ගමන ආපස්සට හරවා නැවත ගෝත්‍රිකවාදය කරා සමාජය මෙහෙයවීමේ උවමනාවක් පැනනැඟී ඇත්තේ කාටද?

කවුද..............?’

කවුරු වුණත් ඒ මගෙ රත්තරං හෙලේනානම් විය නොහැකිය!

කසුන් සමරතුංග

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...