වගවීමේ සංස්කෘතියක් අවශ්‍යයි - මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ

සමාජ

අනුරාධපුර, අම්පාර, කිලිනොච්චිය, යාපනය සහ උඩරට තරුණ කණ්ඩායම් විසින් රචනා කරන ලද දශක තුනක සිවිල් යුද්ධයට මැදි වූ දමිළ, මුස්ලිම්, සිංහල ජන කොටස්වල පුද්ගල අත්දැකීම් එකතුවක් නිහඬ වේදනාවේ සාක්ෂියනමින් පසුගිය මැයි 21 වන දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.

එහි දී සිංහල සහ දමිළ සංස්කරණයේ මුල් පිටපත් පිරිනමනු ලැබුවේ විශේෂ ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගි වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත ය. එහි දී මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ විසින් සිදු කළ කතාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

පාලමක් තැනිය හැකි භාෂාවක්:

මා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරිය වශයෙන්, රට තුළ වෙනස් භාෂා කතා කරන ප්‍රජාවන් අතර පාලම් තැනිය හැකි, ඒවා එකිනෙක සහසම්බන්ධ කළ හැකි භාෂාවක් වශයෙන් ශ්‍රී ලාංකේය ඉංග්‍රීසිවලට ඇති විභවය පිළිබඳ මා දැඩි සේ විශ්වාස කරන අයෙක්. 

මෙහි පැමිණීම, නිසැක වශයෙන්ම මට ගෞරවයක්. මෙහි අඩංගු පුද්ගල අත්දැකීම් සහිත කතා දෙකක් පමණ, ඉක්මනින් කියවන්නට මට ඉඩ ලැබුණා. මා ඒවා කියැවූයේ සිංහල බසින් පමණක් වුවත්, මා විශ්වාස කරනවා එකිනෙකට එකක් වෙනස් වූ මනස්, හදවත් සහ ආත්මයන් මුණගැසීම සඳහා තෝතැන්නක් තනන්නට ඒ ප්‍රබල කතාන්දරවලට හැකියාව තිබෙන බව.

මේ මුලපිරීම සඳහා මෙන්ම වාර්ගික හා සහජීවනය ඇතිකිරීමෙහිලා සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියාකාරකම්වලටත් මා සමාජ මූර්තිකරුවන්ට සුබ පතන්නට කැමතියි.

යුද්ධය, කැළැල් සහිත මතකයක්...

මෙයට දින කිහිපයකට කලින් අප යුද්ධය අවසන් කිරීමේ අට වැනි වර්ෂය සැමරුවා.

කාලය හොඳ සුවපත් කරන්නෙක් බව නිතර කියැවෙනවා. නමුත් හැම කෙනෙක්ම සම්බන්ධයෙන් එය එසේදැයි මා අසන්නට කැමතියි.

ඔව්, නියත වශයෙන්ම සමහර කෙනෙක් සම්බන්ධයෙන් නම් එය සත්‍යයක්.

උතුරේත් දකුණේත් බෙදී සිටින අය අතරේ යුද්ධය, කැළැල් සහිත මතකයක් සහිත, එනමුත් දුරස්ථ දෙයක් බවට පත්වී තිබෙන බවක් පෙනෙනවා. ජීවිත ගත වෙලා, ජීවිත ජීවත් වෙලා. ජනයා විසල් නගරවලට, රටවලට සහ මහද්වීපවලට ගිහින්. අලුත් රැකියා සහ ජීවනෝපායන් සොයාගෙන, විවාහ වෙලා දරුවන් ලබලා, මිල මුදල් උපයාගෙන ජීවිතය යළිත් වරක් විඳින්නට පටන් අරන්. 

නමුත් අනෙක් අයට, විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර, යුද්ධයෙන් ඍජුවම බලපෑමට නතුවූ අයට, සටන් හමුදා දෙකකට මැදි වූ අයට සහ සටන්වලින් බෝම්බවලින් දුක් විඳි අයට යුද්ධය තවමත් පැසවන සැරව ගෙඩියක්.

ඔවුන්ට ජීවිතය තවමත් දෛනික යුද්ධයක්: අහිමිවීම්-ජීවිත අහිමි වීම්, පවුල අමිහි වීම සහ දයාබරයන් අහිමි වීම: රැකියා, තත්ත්වය, වෘත්තීන්, ආවේණිය සහ උරුමයන් අහිමි වීම් සමඟ කටයුතු කිරීම ඔවුන්ට යුද්ධයක්. ඒ වගේම ඉතාම තීරණාත්මක දෙය වන්නේ කයින් සහ මනසින් ඔවුන්ට තමන්ව අහිමි වීම.

තවමත් දැඩි සේ පීඩාවෙන් පසුවෙනවා:

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් තවමත් දැඩි සේ බෙදී ගොස් පීඩාවෙන් පසුවෙනවා. අසහනය සහ අගතිය, අනාරක්ෂිතභාවයන්, කඩින් කඩ ඇති වන දේශපාලන ප්‍රචණ්ඩතාවන්, ආමන්ත්‍රණය නොකළ ව්‍යූහාත්මක අසමානතා, ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ දමිළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැසියන්ට එරෙහි සීනොෆෝබියා ව්‍යාපාර වළක්වාගන්නට දිගින් දිගටම අසමත් වීමේ ඉතිහාසය තුළ මෙය සිදු වී තිබෙනවා.

අනගි අත්දැකීම් සහ වටිනා නිමේෂයන්ගේ ප්‍රතිලාභ අපට නොලැබෙන්නට පුළුවන් නමුත්, එබඳු අයුක්තීන්, පීඩාවන් සහ ක්‍රෑරකම් මේ රටේ නැවත කිසිදා සිදු නොවන බව සාක්ෂාත් කරන්නට අපට වෑයම් කළ හැකියි.

සාමය තිරසාර වන්නට නම්, සත්‍යය පවසන්නට හැකි වන්නට සහ පිළිගන්නට හැකි වන්නට නම්, යුක්තිය සංක්‍රාන්තීය වන්නට නම් සහ සංහිඳියාව අරුත්බර වන්නට නම් - නෛතික රාමු, ප්‍රතිපත්ති සාධන යාන්ත්‍රණ, ගුණාත්මක ආකෘතීන් සහ තත්ත්වයන් නිසි ලෙස ස්ථානගත කරන්නට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙන බවට සැකයක් නැහැ.  

නව දේශපාලන සංස්කෘතියක්:

එසේම, නිදහස් භාෂණය සහ මතයන්ගේ විවිධත්වය සහ විසම්මුතිය අගය කරන නව දේශපාලන සංස්කෘතියක් සංස්ථාපනය කරන්නට ආණ්ඩුවට බරැති වගකීමක් තිබෙනවා.

එනම් එය, දූෂණයේ සහ ඥාති සංග්‍රහයේ සහ හමුදාකරණයේ සහ වාණිජ්‍යකරණයේ සහ දේශපාලනීකරණයේ, අභියෝග හා බලගතු බලවේග නොතකා, වාර්ගික සහ ආගමික ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමෙහිලා, එම අභිලාෂයන් දැඩිව අල්ලාගෙන සිටීමට සමත් ප්‍රගතිගාමී එකක් විය යුතුයි.

අරුත්බර සංහිඳියාව සහ තිරසාර සාමය සඳහා ආණ්ඩුව විසින් මෙන්ම, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ TSA වැනි කණ්ඩායම් විසින් සිදු කරනු ලබන මුලපිරීම් ගණනාවක් පිළිබඳ අප හැම කෙනෙක්ම හොඳින් දැන සිටිනවා.

කෙසේ නමුත්, සාමය හා සමගිය පරදුවට තබමින් මුදලට විකිණෙන ස්වයං අභිලාෂයන්, දේශපාලන න්‍යායපත්‍රයන්, ආගමික සේ පෙනෙන ඉලක්ක සහ ග්‍රාම්‍ය අරමුණු ගැනත් ඒ හා සමානවම අප හැම කෙනෙක්ම දැනුවත්ව සිටිනවා.

මෙවැනි තත්ත්වයක් තුළ අප හැම කෙනෙකුටම - ආණ්ඩුවට අයත් නැති සහ ක්ෂේත්‍රයේ වැඩ නොකරන අප අතර සිටිනවුන්ට පවා - රට ගොඩ නැගීමට සමාන වගකීමක් තිබෙනවා.

මතක තබා ගනිමු ! අපට බලය තිබෙන බව:

මතක තබා ගනිමු, අප හැම කෙනෙකුටම මුලපුරන්නට ශක්තිය තිබෙන බව. ප්‍රගාමී ලෙස වැඩ කරන්නට ශක්තිය තිබෙන බව සහ බලපෑම් කරන්නට-විරෝධය පාන්නට ශක්තිය තිබෙන බව. සමහරවිට මහා පරිමාණයෙන් නොවුණත් නියත වශයෙන්ම තනි පුද්ගලයෙකුගේ මට්ටමින් සහ පෞද්ගලික මට්ටමින්. වෙනත් වචනවලින් කියනවා නම්, කල්පවත්නා සාමය සහ සැබෑ සංහිඳියාව ඇති වූ විට, අමතක කරන්නට එපා,

අප කියන, කරන දේ සහ අපේ භාවිතාව කල් තබා අපේක්ෂා කරන්නටත් සිදු වන්නට පෙර වළක්වා ගන්නටත් තනි පුද්ගලයන් වශයෙන් අපට බලය තිබෙන බව;

●  යුක්තිසහගත සහ අප සියලු දෙනාම ඇතුළත් වන ආකාරයේ වෙනස්කම් සිදු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නටත් ඒ වෙනුවෙන් තමන්ටම මුල පුරන්නටත් තනි පුද්ගලයන් වෙනුවෙන් අපට බලය තිබෙන බව;

●  ඒ වගේම වඩාත්ම වැදගත් දෙය, ප්‍රශ්න කරන්නට සහ හඬ නඟා කතා කරන්නට තනි පුද්ගලයන් වශයෙන් අපට බලය තිබෙන බව;

බියවැද්දීම්, අගතීන් සහ අයුක්තීන් සිදු වන විට නැඟී සිටින්නට සහ විරෝධය පාන්නට තනි පුද්ගලයන් වශයෙන් අපට බලය තිබෙන බව.

සත්‍ය වශයෙන්ම, විපාක නොලබන සංස්කෘතියක් ඇති වීම වළක්වා ගැනීම පමණක් නොව, වගවීමේ සංස්කෘතියක් ස්ථාපනය කරගැනීමටත් ඔබට අවශ්‍ය නම්, එය කළ හැක්කේ දිනපතා, පොදු වශයෙන් සහ තනි පුද්ගලයන් වශයෙන් ඒ වෙනුවෙන් වැඩකිරීම තුළින් පමණයි.

නැවත වතාවක් මා ඔබට සුබ පතනවා. ස්තූතියි.

පරිවර්තනය - රදීකා ගුණරත්න

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...