අරාබි ලේඛිකාවක් මුල් වරට මෑන් බුකර් ත්‍යාගය දිනා ගනී

කලා

ඕමාන ජාතික ජෝකා අල්හාර්තී අන්තර්ජාතික මෑන් බුකර් ත්‍යාගය දිනාගත් ප‍්‍රථම අරාබි භාෂාවෙන් ලියන ලේඛිකාව බවට පත්වී තිබේ.
පවුල් සම්බන්ධතා සහ එහි ඉතිහාසය පිළිබදව ආන්දෝලනාත්මක කරුණු ඇතුළත්ව ඇය පළ කළ සෙලේෂල් බොඩීස් – Celestial Bodies නම් කෘතිය, මේ ත්‍යාගය සදහා අවසාන වටයට තේරුණු යුරෝපා සහ දකුණු ඇමරිකානු කෘති සියල්ල පරාජයට පත්කරමින් මුල් තැන දිනාගනෙ ඇත.

ඊයේ (21) බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති මෑන් බුකර් ත්‍යාගය පිරිනැමීමේ උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ඇය පවසා ඇත්තේ අරාබි සංස්කෘතියට පිවිසීමට මේ හරහා නව කවුළුවක් ලෝකයට විවෘත වන බවයි.
ඕමානය පිළිනොගත්තත්, අරාබි ලෝකයේ ඇති නිදහස සහ ආදරය පිළිබද සීමා ගැන මේ කෘතිය මගින් ජාත්‍යන්තර පාඨකයන්ට අදහසක් ලබාගැනීමට හැකි වන බවද හතළිස් වියැති මේ ලේඛිකාව පවසා තිබේ.
වහල්භාවය පිළිබද සමාජ සංවාදයක් ඇති කිරීමට සාහිත්‍ය හොදම වේදිකාව බවත්, එය ලේඛකයන්ගේ කාර්යභාරයක් බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

janahada

Latest Posts