ලොව බලපෑම් සහගතම ලේඛකයන් අතර සිටි අප්‍රිකානු වයිනයිනා මිය යයි

කලා

කෙන්යාවේ ප‍්‍රකට ලේඛකයෙකු සහ සමාජ ක‍්‍රියාකාරිකයෙකු වූ බින්යාවංගා වයිනයිනා මියගොස් තිබේ.
2014 වසරේ ටයිම් සගරාව මගින් නම් කළ ලෝකයේ බලපෑම් සහගතම පුද්ගලයන් අතර මේ ලේඛකයා ඉදිරියෙන්ම සිටියේය.


මිය යන විට 48 වැනි වියේ පසු වූ ඔහු, කෙන්යාවේ නයිරෝබි නුවර මූලික කරගෙන පවත්වාගෙන යන ඩේලි නේෂන් පුවත්පතේ ප‍්‍රධානියා ද විය. එසේම අප්‍රිකානු කලාපයේ ජනප‍්‍රිය සාහිත්‍ය සඟරාවක් වන ක්වානි ආරම්භ කර ඇත්තේද ඔහු විසිනි.
2002 වසරේදී අප‍්‍රකානු සාහිත්‍යයට කළ සේවය වෙනුවෙන් සුප‍්‍රකට කේන් සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු, 2016 දෙසැම්බර් මාසයේදී තමන්ට ඒඩ්ස් රෝගය වැළදී ඇති බව ට්විටර් පණිවිඩයක් මගින් ප‍්‍රසිද්ධියට පත් කළේය.

janahada

Latest Posts