ඇමරිකානු ඩොලර් මිලියන 160ක  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තෙවන ණය වාරිකය අප්‍රේල්  මාසයේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු වුව ද එය ජුනි මාසය දක්වා කල් ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Read more ...
Write comment (0 Comments)

GSP+ සහනය ලබා දීම වෙනුවෙන් යුරෝපා කොමිසම ඉදිරිපත් කළ මූලික කොන්දේසි කිහිපයක් ඉටු කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සහනය නොලැබී යාමේ අවදානමක් මතුව ඇත.

Read more ...
Write comment (0 Comments)

මිනිස් මොළය සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් පරිගණකය ක්‍රියා කරවීමට හැකි නව තාක්ෂණික ක්‍රමයක් (Brain-computer interface) පිළිබඳ තාක්ෂණික කටයුතු සිදු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය නිවේදනය කර තිබේ. පරිගණක ඉංජිනේරුවන් හැට දෙනකුගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන මෙම නව තාක්ෂණික සොයා ගැනීම හරහා මොළයට කිසිදු උපකරණයක් සවි කිරීමකින් තොරව පරිගණක තිරය මත තමන්ට අවශ්‍ය දෙය යතුරුලියනය වීමට සැලැස්වීමට හැකියාව ලැබේ.

Read more ...
Write comment (0 Comments)

කොළඹ කොටස් වෙළෙඳ පොළ දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි කොටස් වෙළෙඳ පොලේ තැරැව්කාර සමාගම් කියා සිටී. අදාළ කඩා වැටීම හේතුවෙන් එම සමාගම්වල කොළමින් පිට පළාත්වල පවත්වාගෙන ගිය කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්වල ශාඛා සියල්ලක්ම පාහේ වසා දමා ඇති බවද පැවසේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව තුල පාරිභෝකිකයන් සතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පොතක් එළි දැක්වීමට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සැලසුම්කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

තවත් ආර්ථික සටහනක් සමඟින් මේ ඔබ අමතන්නේ රැකියාවේ ප්‍රජාතන්ත්‍රය සංවිධානයේ රිචඞ් වොල්ෆ්. මට නැවත වතාවක් කතා කරන්න ඕන ශ්‍රීසියේ ඛේදවාචකය ගැන. දිගහැරෙන ඛේදවාචකයේ දී බොරු කියන අප සියලු දෙනාට එයින් පාඩම් ලබා ගැනීම සඳහා අපි ඒ පිළිබඳව කෙටියෙන් සලකා බලමු.

Read more ...
Write comment (0 Comments)

වසර ගණනාවක් අධික පාඩු පිට පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ සමාගමක් ලෙස පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කර ඇත.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් ගෙන ඒම සඳහා මේ වන විට සකසා ඇති මූලික ලියවිල්ල කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ ජාත්‍යන්තර ප්‍රමිතියකට නොමැති බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා  මහ බැංකුවේ මූල්‍ය ආයතන සඳහා නීත්‍යනුකූල බලපත්‍ර ලබා දීමේ දී අතිවිශාල දූෂණයක්  සිදු වී ඇති බවට බරපතළ සැකයක් මතුව ඇතැයි මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මෙය සිදුව තිබෙන්නේ මූල්‍ය ආයතනයක් තවත් මූල්‍ය ආයතනයක් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය  උල්ලංඝනය කිරීමට  මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය කටයුතු කිරීම තුළය.

Read more ...
Write comment (0 Comments)