ශ්‍රී ලංකා මහබැංකුව සහ වාණිජ බැංකු අතර මූල්‍ය හුවමාරු සඳහා බලපැවැත්වෙන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීම කෙරෙහි දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමුව තිබේ. මේ දිනවල ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවා ෂෙරිෆ් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරුවී තිබේ.

Read more ...
Write comment (0 Comments)

සෙලින්කෝ සමූහයට අයත්ව තිබූ එෆ් ඇන්ඩ් ජී සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ගෙන තිබෙන විශ්‍රාමික බ්‍රිගේඩියර් රන්ජන් සිල්වා මහතා එම ධුරය සඳහා පත් කරගෙන තිබෙන ආකාරයෙන්  සමාගම්  පනත උල්ලංඝනය වීමක් සිදු වන බව වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

මහජන බැංකුව ඩිජිටල්කරණ ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් ලබාදීමේදී කිසිදු වංචාවක් සිදුව නොමැති බව ඒ සදහා පත් කළ කමිටුව විසින් නිගමනය කර ඇති බව srilankaediton වෙබ් අඩවිය වාර්තා කරයි.

Read more ...
Write comment (4 Comments)

“ජපනා රුපියල් කෝටි 350 ක් ඉවත්කර ගනියි! සෙලාන් බැංකුව අනතුරේ“ යන ශීර්ෂයෙන් යුතුව 2016.12.25 වන දා අප පුවත්පතෙහි පළ වූ ප‍්‍රවෘත්තිය සම්බන්ධව සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි හා පුද්ගල බැංකු සේවා) ටිරාන් විජයසේකර මහතා කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් අප වෙත එවා ඇත.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය කල්බදු පදනමින් පාකිස්තාන ගුවන් සේවය (PIA) සමඟ ඇති කරගත් ගිවිසුම හේතුවෙන් මේ වන විට ඩොලර් මිලියන 15.9 ක පාඩුවක් සිදු කරගෙන ඇතැයි වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

ඉන්දියාවේ අලවර් නාගරික සමුපකාර බැංකුවෙන් ඉන්දියානු රුපියල් කෝටි16 ක වංචාවක් සිදු කළ බවට සැක පිට එරට රාජස්ථාන පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතික අභිෂේක් ජෝයි (37) එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්මන්ට්(ETI) මූල්‍ය සමාගම මිලදී ගැනීමේ සූදානමින් සිට ඇති බව වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

ආර්ථිකයට අදාළව මේ වන විට රටේ බහුතරයකගේ අවධානය යොමුව ඇති ප‍්‍රධාන කාරණයක් වන්නේ මෙරට ඉඩම් අක්කර 15,000ක් 99 අවුරුදු බදු පදනමෙන් චීනයට ලබා දීමට සූදානම් වීමය. ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම සඳහන් කරන ආකාරයට එය අදියර කිහිපයක් ඔස්සේ ලබා දීමට සැලසුම් කර ඇත. ඒ හම්බන්තොට වරාය ප‍්‍රදේශයෙන් අක්කර 5000 කට ආසන්න ප‍්‍රමාණයක් සහ  සෙසු අක්කර 10,000 ක ප‍්‍රමාණය මොනරාගල, ඇඹිලිපිටිය සහ මාතර යන දිස්ත‍්‍රික්කවලින්ය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය අයවැය මඟින් බැංකු හරහා සිදු වන මුදල් ගනුදෙනුවල දී 2% ක ගාස්තුවක් අය කිරීමට යෝජනා කිරීම ඉතාමත් කාලෝචිත වන අතර ඒ සමඟම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රවලින් මුදල් ආපසු ගැනීමේ දී රුපියල් 10ක ගාස්තුවක් අය කිරීම තේරුම් ගැනීම අපහසුය.

Read more ...
Write comment (0 Comments)