අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා මිනීමරු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කළ ජනයාව, ජනපති සිරිසේන විසින් පිදුරන්ගලට නංවා, ප්රජාතන්ත්රවාදයට පස්සා පැත්ත පෙන්වා තිබේ. ඒ කැත නිරුවත ගැන තව දුරටත් වචන නාස්ති කළ යුතු නොවේ.
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය
බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ මත දැක්වීමෙහි වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කෙරෙයි. ප්‍රධානම කාරණය වන්නේ බැඳුම්කර ගනුදෙනුව නිසා රජයට අහිමි වූ මුදල් යළි ඉක්මනින් අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීමය. ඊළඟට මෙහි නියම වරදකරුවන්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළඹීමය.
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර
ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නායකයන් අතරින් වැඩිම වගකීමක් පැවරී ඇති නායකයා වන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාය. මෙම වසරේ ද ඔහුට අභිමුඛ වුණු ගැටලූවලින් ඔහුත් කම්පනයට පත් වන්නට ඇති ලොකුම ගැටලූව වූයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වනවාද නැද්ද යන්න විය හැකිය. එය සැබැවින්ම ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹුනසී වර්ගයේ ප්රශ්නයකි.
හොඳ පුංචි ඡන්දෙ
2017-12-17
පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැතිවරණය ජනතාවගේ සිත් තුළ වැඩකරන්නේ කෙසේද? මුලින්ම පෙනෙන තත්ත්වය නම් මෙය පුංචි ඡන්දය යැයි හැඳින්වූවාට එහි ඇති පුංචිකමක් නැති බවය.
නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය
2017-12-10
ලංකාවේ අභ්‍යාස කෙරෙන කලාවේ අර්බුදයක් තිබේ. කලාවේ අර්බුදය ඇති වී තිබෙන්නේ පුද්ගල අර්බුදයක් මුල් කරගෙනය. කලා කෘතිය අගතියෙන් තොර යම් දෘෂ්ටිවාදයක් වෙත අනුගත වීමට නම් කලාකරුවාට පැහැදුල් දෘෂ්ටිවාදයක් තිබිය යුතුය.
ජනපතිට ඕනෑ තේ ද? කෝපි ද?
2017-12-03
ශ්රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකතුවීමක් පිළිබඳ අවසාන තීරණයක් ගැනීම ජනාධිපතිවරයාටම භාර දී තිබෙන බව ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නිවේදනය කෙරිණි. පාර්ශ්ව දෙක එකතුවීමට තැත් කරන්නේ ජනාධිපතිවරයාගේ වුවමනාවටද යන ප්රශ්නය දැන් පැන නැගේ. එය සිදු වන්නේ ජනාධිපතිවරයාගේ වුවමනාවට නම් ඒ සඳහා ජනතාව ඔහුට ජන බලයක් ලබාදී නැති බව කිව යුතුය.
අගමැති විතරක් බිය නොවන්නේ කෙසේද?
2017-11-26
අගමැතිවරයා බැඳුම්කර කොමිසමෙහි සාක්ෂි දුන්දාට පසුදා ‘බය නැති අගැමති’ යනුවෙන් සඳහන් පෝස්ටරයක් එ.ජා. පක්ෂය මඟින් අලවා තිබුණි. අගමැතිවරයා කොමිසමෙහි සාක්ෂි දීමට ඉදිරිපත් වීම ඉතා හොඳ මැදිහත්වීමක් වුවත් එය අගමැතිගේ, එජාපයේ හෝ එජාප පාක්ෂිකයන්ගේ අභිවාදනයට හේතුවක් විය නොහැකිය.
බීරවාදය
2017-11-19
සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල අඩු කරන්නටත් එපා කියති. මත්පැන් පානයෙහි වින්දනයක් නැතැයි කීමට තරම් අප කුහක විය යුතු නැත. බීර මිල අඩු කළේ ලංකාවේ සැර මත්පැන් පානයේ තිබෙන වේගය තරමක් හෝ බාල කිරීමටය.
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක්
2017-11-12
අයවැයේ ප්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය කරන බව සඳහන් විය. එය ඉතා වැදගත් යෝජනාවක් වුවත් ඒ සඳහා යන ආර්ථික මාවත අය වැය තුළින් හෙළි පෙහෙළි වී නොතිබීම අරමුණ පිළිබඳ විශ්වාසය තරමක් පලූදු කරයි.