අගමැති විතරක් බිය නොවන්නේ කෙසේද?

කතුවැකිය

2017-11-26

අගමැතිවරයා බැඳුම්කර කොමිසමෙහි සාක්ෂි දුන්දාට පසුදා ‘බය නැති අගැමති’ යනුවෙන් සඳහන් පෝස්ටරයක් එ.ජා. පක්ෂය මඟින් අලවා තිබුණි. අගමැතිවරයා කොමිසමෙහි සාක්ෂි දීමට ඉදිරිපත් වීම ඉතා හොඳ මැදිහත්වීමක් වුවත් එය අගමැතිගේ, එජාපයේ හෝ එජාප පාක්ෂිකයන්ගේ අභිවාදනයට හේතුවක් විය නොහැකිය.

මාස කිහිපයක් තිස්සේ බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් එම වංචාවේ ප‍්‍රධාන චූදිතයන් විසින් ජනාධිපති කොමිසමේ ප‍්‍රශ්න කිරීම්වල දී ලබා දුන් උත්තර දෙස බලන විට සැබැවින්ම මේ සිද්ධිය අප රටක් හැටියට ආඩම්බර විය යුතු කාරණයක් නොව බෙහෙවින්ම දුකට පත් විය යුතු කාරණයකි. රටේ ධනය කජු ඇට, කොස් ඇට ගාණට ගොස් තිබුණු එම ගනුදෙනු සිදු වූ ආකාරය එළඹ සිහියෙන් සිටින්නන් තුළ මහත් කම්පාවක් දැනවීමට සමත් විය. බැංකු අභ්‍යන්තරයෙන් ගත යුතු පුංචි තොරතුරක් වෙනුවෙන් කෝටි සිය ගණනක් නිලධාරීන් එක්කෙනෙකුට දෙදෙනෙකුට ලබා දී තිබුණු අයුරු කොමිසමේ දී හෙළිවිය. ”අසවලාගේ පුටුව උඩින් කෝටි සියයක් තබා ගියා. විනාඩි කිහිපයකින් නැවත එන විට කෝටි සියය එතැන තිබුණේ නැහැ” වැනි අරුම පුදුම සාක්ෂි එහිදී අසන්නට ලැබුණි. ”මට මතක නැහැ, මම දන්නෙ නැහැ” වැනි ප‍්‍රතිචාර වැඩිපුර දක්වන ජාතක කතාවල එන හරන්තික ඇතුළු පල් හොරු නමින් හඳුන්වන හොරු මොන විහිළුකාරයන් දැයි සිතෙන මට්ටමේ නීල හොරු බැඳුම්කර කොමිසමෙන් හෙළිදරව් කෙරිණි. ඍගණගල ඵඍල ලිට්ල් ජෝන්, නිව් චාලි වැනි අන්වර්ථ නම් ඔවුන්ට තිබුණි.

එවැනි තක්කඩින්ගේ ජාලයක් මහ බැංකුව ඇතුළත සහ පිටත කි‍්‍රයාත්මක වෙමින් සිදු කළ සැලසුම් සහගත සොරකමක් ගැන අගමැතිවරයා සාක්ෂියක් ලබා දීමට ගොස් පැමිණීමට මත්තෙන් ‘බය නැති අගමැති’ වැනි ව්‍යාජ උදාන වාක්‍ය ලියා පෝස්ටර් ගහන අය ගැන සිහි බුද්ධියක් ඇති ජනයා සිතිය යුත්තේ කෙසේද? නැතහොත් මෙය හොල්මංවලට බය පුද්ගලයෙක් තනියම කනත්තක් ළඟින් යන විට සිදු කරන ජාතියේ වැඩක්ද? මහ සෝනා කනත්තේ වැටෙන් එබිකම් කරන්නට ඉඩ ඇතැයි කියන බිය නිසා සමහරු කනත්ත ළඟින් යන විට පිටුපස නොහැරී තම කිසිල්ල යටින් හිස පොවා තිත්ත කුණුහරුප කියති. කිසිසේත්ම පෝස්ටර් නොගැසිය යුතු කාරණයකට පෝස්ටර් ගසන්නේ කනත්ත ළඟින් යන ජාතියේ සිදුවීමකට අගමැතිවරයා මුහුණ පා සිටින නිසා ද?

ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දුන් අය හදිසියේම ගවේෂණාත්මක ලේඛකයන් බවට පත් වී සිටින්නේ ඒ කවුරුත් කනත්ත ළඟින් යන්නට සිදු වූ පුද්ගලයාට සමාන වී සිටින නිසාද ?

කොමිසමේ දී අගමැතිවරයා නීතිපතිවරයා ඇසූ ප‍්‍රශ්නයකට මෙසේ පිළිතුරු දෙයි. ප‍්‍රශ්නය වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් යහපත් චේතනාවෙන් කටයුතු කළා ද? එසේත් නැත්නම් ඔබ රැුවටුවාද යන්නය. පිළිතුර මෙබඳුය. ”මට හිතන්නෙ නෑ ඔහු වුවමනාවෙන් මා

රැුවටුවා කියා. ගාමිණී පිටිපන කොමිසමෙන් හෝ කෝප් කමිටු වාර්තාවලින් ඔහු වැරැුදිකරු බව සනාථ වුණේ නෑ.” අපි තීරණය කළ යුත්තේ වෙන්දේසිය වූයේ යහපත් චේතනාවෙන්ද අයහපත් චේතනාවෙන්ද යන්නයි.

බැඳුම්කර වෙන්දේසිවල දී මුදල් අති විශාල ප‍්‍රමාණයක් අල්ලස් දී බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම යහපත් චේතනාවෙන් කළ දෙයක් විය නොහැකිය. නීතිපතිවරයා අගමැතිවරයාගෙන් අසන තවත් ප‍්‍රශ්නයක් වන්නේ ”2015 මාර්තු 28 සහ 30 යන දිනවල දී එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වීමක් පවත්වා 29 සහ 31 වෙන්දේසිවල දී අඩු ඵලදායිතා අනුපාතවලට ලංසු තබන්නැයි පවසා තිබෙනවා. ඒ ගැන ඔබ දන්නවාද” යන්නය. අගමැතිවරයාගේ පිළිතුර වන්නේ ”මම ඒ ගැන දන්නේ නැත” යන්නය. මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිව සිටියදී ඔහුගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් ප‍්‍රාථමික ගැනුම්කරුවකු වීම අනුචිත බව අගමැතිවරයා අවස්ථා දෙක තුනක දී මහේන්ද්‍රන්ට දන්වා ඇතත් ඒ ගැන ඔහු පියවරක් ගෙන නොමැති බවද සාක්ෂි විමසීමේදී අගමැතිවරයා කියා තිබුණි. ඒ සියල්ලෙන් පෙනී යන්නේ මෙහි පිරිසිදු ගනුදෙනුවක් නැති බවය. බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගයේ දී එය  ඕනෑවටත් වඩා පැහැදිලි විය.

කවුරුත් එවැනි කනගාටුදායක ඉරණමකට මුහුණ දී සිටින අවස්ථාවක කනත්ත ළඟින් යන හොල්මංවලට බිය ගැමියාගේ  චරිතය රඟපාන්නට යාම හොඳ නැත. මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයට පත් කළේ අගමැතිවරයාය. ආර්ථික කටයුතු අගමැතිවරයාට අයත් විෂයකි. මහේන්ද්‍රන් බැඳුම්කර සිද්ධියට චූදිතයකු වූ සැණින් නීතිඥවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත් කළේ ද අගමැතිවරයාය. එහි වරදක් හෝ වංචාවක් සිදු වී නැති බව එම කොමිසම මඟින් නිර්දේශ කෙරිණි. අගමැතිවරයා අවස්ථා දෙක තුනක දීම කීවේ බැඳුම්කර ගනුදෙනුවල දී වරදක් සිදුව නැති බවකි. එහෙත් ජනපති නව බැංකු අධිපතිවරයකු පත් කිරීමෙන් නොනැවතී මේ පිළිබඳ ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් පසු සියලූ කල්පිත උඩුයටිකුරු කර සිදුව ඇති වංචාවේ දිග පළල රටට පෙන්වා දුන්නේය. හරන්තිකලාටත් ගුරු විය හැකි අය ද කොමිසම මඟින් රටට හඳුන්වා දුන්නේය. එවැනි කනගාටුදායක තත්ත්වයකට අප මුහුණ පා සිටිය දී එනම් රටේ ආර්ථිකය ගැන භීත වී සිටිය දී අගමැතිට විතරක් නිර්භීත බවක් ඇති වන්නේ කෙසේද? අනෙක් අතට රටම භීතියට පත් කරනසුලූ වංචාකාරී සිද්ධියක් ගැන රටේ දෙවැනි පුරවැසියා වැනි වගකියුත්තකු බිය නොවී සිටීම හරිම අසාමාන්‍ය සිද්ධියක් නොවේද? ඔහුට එවැනි නිර්භීත බවක් ඇතිවන්නේ කෙසේද? යන්න විමසා බැලීමට තවත් කොමිසමක් පත් කළ යුතු නැද්ද?

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...