ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය

කතුවැකිය

බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ මත දැක්වීමෙහි වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කෙරෙයි. ප‍්‍රධානම කාරණය වන්නේ බැඳුම්කර ගනුදෙනුව නිසා රජයට අහිමි වූ මුදල් යළි ඉක්මනින් අයකර ගැනීමට යාන්ත‍්‍රණයක් සකස් කිරීමය. ඊළඟට මෙහි නියම වරදකරුවන්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළඹීමය.

 

ලංකාවේ බොහෝ මූල්‍ය අක‍්‍රමිකතාවල දී මෙම කෘත්‍යයන් දෙකම හරි හැටි ඉටු නොවුණු බව පෙනුණි. මූල්‍ය අක‍්‍රමිකතාවන්ට වරදකරුවන් වූවන්ට දඬුවම් පැමිණවීම පමණක් ප‍්‍රමාණවත් යැයි කිව නොහැකිය. සමහර අවස්ථාවල දී එවැනි පුද්ගලයන්ට නීතියෙන් රිංගා යාමට ඉඩ ලැබෙන අවස්ථා ඇත. එමෙන්ම තවත් සමහරු රජයේ සාක්ෂ්‍යකරුවන් බවට පත් වී දඬුවමෙන් ගැලවෙන අවස්ථා තිබේ. දඩුවම අර්ථ පූර්ණ වීමට නම් වංචා කළ මුදල් යළි අයකර ගන්නා ක‍්‍රමයක් තිබිය යුතුය. ඒ සමඟම වරදකරුවන් වරදට සරිලන දඬුවමකට යටත් කළ යුතුය.

බැඳුම්කර වාර්තාවෙහි සඳහන් බවට ජනාධිපතිවරයා විසින් උපුටා දැක්වූවක් මෙබඳුය. ”මුදල්, අයකර ගැනීම සිවිල් නීති කෘත්‍යයන් මගින් කළ හැකි වුවත් එය කල්ගත වන බැවින් විකල්පයක් ලෙස මෙම මුදල් අයකර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර සම්මතයකින් වේගවත්ව මුදල් අයකර ගැනීමට යෝජනා කෙරේ.” සෑම මහා පරිමාණ වංචනික කි‍්‍රයාවකදීම මෙවැනි විධිමත් හා වේගවත් අයකර ගැනීම් පටිපාටියකට යාම අත්‍යවශ්‍ය කාරණයකි. වාර්තාව සඳහන් කර තිබෙන ආකාරයට බැඳුම්කර ගනුදෙනුව නිසා රජයේ ආයතනවලට සිදු වූ අලාභය රු. මිලියන 8529කි. සේවක අර්ථ සාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශ‍්‍රී ලංකා සමාගම, රක්ෂණ සමාගමේ අරමුදල ඇතුළුව මෙම සිද්ධියෙන් රජයට අහිමි වූ මුදල ඒ සා විශාලය. ලංකාව වැනි අසීරු ආර්ථිකයක් ඇති රටක මෙවැනි සිද්ධියක් සිදුවීම යනු අතිශයින්ම බරපතළ කාරණයක් බව රටේ ජනතාව පක්ෂ භේදයකින් තොරව තේරුම් ගත යුතුය. වංචාවට හවුල් වූයේ තමාගේ කෙනෙකු වීම වැනි කාරණයක් පදනම් කරගෙන මෙහිදී කිසිවකුටවත් නිහඬව සිටීමට අයිතියක් නැත. වංචාවට කවුරු හවුල් වුවත් එය රටට සිදු වූ මහත් වූ අලාභයක් ලෙස සැලකීමට අප වග බලා ගත යුතුය. ජනාධිපතිවරයා එම කටයුත්තේ දී හිතවත්කම්, ළබැඳියාවන් ආදී කිසිත් නොසලකා නීති ප‍්‍රකාරව කි‍්‍රයා කරන බව සිය මත දැක්වීමේදී කීවේය. ඔහු පත් කළ ජනාධිපති කොමිසමේ කි‍්‍රයාවලිය තාර්කික අවසානයක් කරා ගෙන යාමට අපේක්ෂා කරන බව ඉන් පෙනී යයි. එමෙන්ම කොමිසම මාස දහයක් තිස්සේ පවත්වාගෙන යාමට වැය කෙරුණු මුදල් ද පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකර ගැනීමට යෝජනා කිරීමත් කොමිසමේ කි‍්‍රයාවලියෙහි සියලූ කරුණු සැලකිල්ලට ගත් විධිමත් බව ප‍්‍රකට කරන්නකි.

හිටපු මහ බැංකු අධිපතිවරයා අසම්මත හා සාවද්‍ය අන්දමින් සිය කාලය තුළ තීරණ ගෙන බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති බවත්, අභ්‍යන්තර තොරතුරු පිටතට ලබාදීමට කි‍්‍රයාකර ඇති බවත් වාර්තාවේ සඳහන් බව ජනාධිපතිවරයා සිය විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේය. එමඟින් නීත්‍යානුකූල නොවන ලෙස මුදල් ඉපැයීමක් කෙරී ඇත. 2015 පෙබ. 27 සිදු වූ වෙන්දේසියෙන් පමණක් අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම රු. මිලියන 688කට අධික මුදලක් ලාභය ලෙස උපයාගෙන ඇති බවත් ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුත් සමඟ සමස්ත කාලය තුළ ඔවුන් රු. මිලියන 11145ක වාසියක් අත්කරගෙන තිබෙන බව ද වාර්තාව දක්වා ඇතැයි ජනපතිවරයා පෙන්වා දෙයි. සැබැවින්ම ජනාධිපති කොමිසමේ සාක්ෂ්‍ය විමසන කාල සීමාව තුළ එම චූදිතයන් කෙතරම් ව්‍යාජ ලෙස සාක්ෂ්‍ය දුන්නා දැයි රටටම හෙළිදරව් විය. සේවක අර්ථ සාධක අරමුදලේ පුංචි තොරතුරක් වෙනුවෙන් කෝටි ගාණක් වැය කර තිබුණු ආකාරය එහි දී හෙළි කෙරිණි. මීට සම්බන්ධ පුද්ගලයන්ට අන්වර්ථ නාම යොදාගෙන කෙරුණු සැලසුම් සහගත වැඩක් ලෙස බැඳුම්කර ගනුදෙනුව ලංකාවේ ඉතිහාසයට මකාදැමිය නොහැකි කළු පැල්ලමක් ලෙස එකතු විය. සේවක අර්ථසාධක අරමුදලේ සිදු වූ මූල්‍ය අවභාවිතයන් ගැන විමර්ශනය කිරීමට වෝහාරික විගණනයක් අවශ්‍ය බව කොමිසම නිර්දේශ කර තිබෙන්නේ මෙම වංචාකාරී සිද්ධිය කෙතරම් සංකීර්ණදැයි යන්න පහදමිනි.

බැඳුම්කර වාර්තාව මෙම සිද්ධිය විමර්ශනයෙන් පමණක් නොනැවතී තිබීම ඉදිරිගාමී බව කිව යුතුය. ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේ දී යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට මෙන්ම එහි නව මුදල් නීතියක් සකස් කළ යුතු බවට හා ලියාපදිංචි කොටස්, සුරැකුම්පත් ආඥාපනත නව නීතියක් මගින් වෙනස් කළ යුතු බවට උක්ත වාර්තාව යෝජනා කර ඇත. මහ බැංකු නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම, ගැනුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථා පූර්ණ කිරීම එම ඉදිරිගාමී යෝජනා අතර වෙයි.

මෙම වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීම නීතිපතිවරයාට හා එම දෙපාර්තමේන්තුවට අයත්ය. දක්නට ලැබුණු සුවිශේෂම දේ වන්නේ කොමිසමේ කි‍්‍රයාවලිය තාර්කික අවසානයක් දක්වා යොමු කර ගැනීමට ඊට සියල්ලන් දැක්වූ සහයෝගය සහ කැපවීමයි. එම මැදිහත්වීම මෑත කිසිදු කොමිසමක කි‍්‍රයාවලිය තුළ දක්නට නොවීය. මීට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කළ කොමිෂන් සභාවල වාර්තා සියල්ල හිටපු ජනාධිපතිවරයා සඟවාගත් බව රටම දන්නා කාරණයකි. ඊට සාපේක්ෂව බලන විට බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි විවෘතභාවයත්, ජනාධිපතිවරයා ඒ ගැන දරන ස්ථාවරයත් ප‍්‍රසාදජනකය. තමා පත් කළ නිලධාරියාට බරපතළ චෝදනා එල්ලවී තිබෙන තත්ත්වය තුළ පවා අගමැතිවරයාත් කොමිසමේ සාක්ෂ්‍ය දීමට පැමිණීමෙන් ප‍්‍රකට කළේ මෑත අවදියේ මෙරට රාජ්‍ය නායකයකු ප‍්‍රකට නොකළ විවෘතභාවයකි. එය අප රටක් ලෙස රැක ගත යුතු වැදගත් ලක්ෂණයකි.

janahada

Latest Posts

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...