මේ වන විට ලංකාවට අභිමුඛ බරපතළම ප්‍රශ්නවලින් එකක් වන්නේ එක දිගටම හදිසි ආපදාවන්ට මුහුණ පෑමට සිදු වීමය. වසර කිහිපයක් ඇතුළත මීරියබැද්ද නාය යෑම, අරණායක නාය යෑම, සාලාව කඳවුරේ පිපිරීම, මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සහ ඉකුත් සතියේ ගංවතුරින් හා කඳු නාය යෑමෙන් සිදු වූ විනාශය ඉන් ප්‍රධාන ඒවා ලෙස දැක්විය හැකිය.
කතුවැකිය: කඩ ගිනි තැබීම හා හදගිනි නිවීම
යහපාලනය යනු ජාතීන් අතර සහජීවනය ස්ව දේශපාලන සංදර්භයේ මහේක්ෂ අරුතකින් ගත් සමාජ දේශපාලන වැඩපිළිවෙළකි. සිංහල මහ ජාතිය එම වැඩපිළිවෙළ තුළ සෙසු ජාතීන්ට චූල අරුතකින් මෙන්ම පීඩාකාරීව සංග්‍රහ කරණ තත්ත්වයක් පැවැතිය නොහැකිය. විශේෂයෙන්ම වෙනත් ජාතියක් හෝ ආගමක් ඕනෑකමින් පෙළන තත්ත්වයක් රටෙහි උදාවී තිබේ නම් ඒ ගැන නෑසූ කන්ව සිටීමට යහපාලන ආණ්ඩුවට නුපුළුවන. එමෙන්ම එසේ සිටීමට අයිතියක් ද නැත. ඔවුන් එම අසාධාරණයට ලක් වන අන්‍ය ජාතීන්ට හෝ ආගමිකයන්ට ළංව සිදු වූ වරද නීතියෙන් පිරිසිඳ අගතියට පත් පාර්ශ්වයට යුක්තිය ඉටු කිරීමට බැඳී සිටිය යුතුය.
කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න
යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළවුන් පමණි යනුවෙන් ප්ලේටෝ කීවේය. යුද්ධයක් අවසන් වන විට කිසිවකුත් ජීවතුන් අතර සිටිය නොහැකිය යන්න ඉන් අදහස් කෙරේ. ජීවතුන් අතර සිටියත් එසේ ඉතිරි වූ අයත් මළවුන් වැනිය යනුවෙන් මේ අදහස තවදුරටත් ව්‍යුත්පන්න වෙයි. 2009 මැයි 18 මෙරට පැවැති යුද්ධය අවසන් කෙරිණි. ඉතිරි වූවෝ මළවුන්ට වඩා වැඩි දෙයක් නොකළහ. යුද්ධයෙන් වසර අටක් ගෙවී ඇති මේ මොහොතේදීත් යුද්ධයෙන් පසු සමාජ සංවර්ධනය වෙනුවෙන් අපි රටක් ලෙස සිදු කර තිබෙන්නේ මොනවාද?
කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය
මිනිසකු බිත්තියට හේත්තු කිරීම භයානක ක්‍රියාවකි. හේත්තු වන්නා මෙන්ම හේත්තු කරන්නාට ද ඉන් එහාට අවස්ථාවක් ලැබීමේ ඉඩ මුළුමනින් ඇහිරෙන බැවිනි. බිත්තියට හේත්තු වූ විට පුද්ගලයාගේ නියම දක්ෂතාව සහ විචක්ෂණශීලීත්වය මතුවන්නට විදිහක් ද නැත. මන්ද පිටුපස ඇත්තේ බිත්තියකි. බිත්තියේ සිදුරක් හෝ පළා යා හැකි කවුළුවක් තිබිය යුතුය. ප්රත්යනීකයා ශූරයකු නම් සහ ඇත්තටම පිළිතුරක් බලාපොරොත්තු වන්නකු නම් බිත්තියට හේත්තු වන්නාටත් අවස්ථාවක් ලබා දිය යුතුය.
කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන
ඉදිරි කාලය තුළ වැඩවර්ජන රැල්ලක් ඒමට නියමිත බව ආණ්ඩුව කියයි. වැඩවර්ජන එන විට සෑම රජයක්ම කළේ පළමුව ඒවාට බය නැති බව පැවසීමය. අනතුරුව බොහෝ විට සිදු වූයේ වැඩවර්ජන මර්දනය කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය. ඒ අර්ථයෙන් ගත් විට වැඩ වර්ජනවලට ආණ්ඩුව කිසිදු බියක් ඇති කරගත යුතු නැත.
කතුවැකිය: මැයි - නූතන අරුතකින් අරගල කරමු
නවීකරණය වෙමින් පවතින සමාජයක සැමරුම් නවීකරණය නොවීමේ ප්‍රශ්නයක් ලංකාවේ අත්දකින්නට ලැබේ. මැයි දින සැමරුම ඉන් ප්‍රධාන එකකි. මැයි පළමුවනදා වන විට දේශපාලන පක්ෂ මෙන්ම එම පක්ෂවලට සම්බන්ධ වෙනත් සංවිධාන මැයි දිනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරන්නට කටයුතු කළත් මැයි දිනය යන්න අර්ථවත් කර ගැනීම සහ එම සැමරුම නවීන ආකාරයකින් ඉස්මතු කර ගැනීම ගැන නොසිතන බවක් දිස් වේ.
කතුවැකිය: චිත්‍රපට නිළියන්ට වඩා කුණු කඳු ජනප්‍රිය වන්නේ ඇයි?
මිනිසා අන් සත්වයන්ගෙන් වෙනස් වන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මලපහ සම්බන්ධයෙන් වෙනත් සතුන්ට නැති ප්‍රශ්නයක් මිනිසාට පැවතීමයි. මිනිසා තමන්ගේම ශරීරය තුළ සිට ඉවතට යන ‘අපද්‍රව්‍ය’ ආත්මීය වශයෙන් සලකන්නේ ලැජ්ජාව මුසු හැඟීමකිනි.
එකතැන පල් වීම සහ එහි වාසිය ගමන් කරන්නේ කොහාටද?...
එක පැත්තකින් විවිධ පක්ෂ තම තමන්ගේ අභ්‍යන්තර අර්බුදවල එරී ඇත. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට සංගත මතයක් නැතිකමින් එක තැන පල් වීම ඇරඹී ඇත.
කතුවැකිය - රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රිකකරණය කළ හැකිද?
නීතිපති දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා වූ අලුත් කෙටුම්පතක් සකස් කර පසුගිය දා එය ඇමැති මණ්ඩලයට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලදී. ත්‍රස්තවාදය යනු අනෙකාගේ විනෝදය ලෙස සලකන සුළුතරයක් විසින් එයට විරුද්ධව මූලික තර්ක කිහිපයක් ගොනු කරන ලදී.