ගෝලීය ආර්ථිකයේ මේ මොහොතේ සිදු වෙමින් පවතින විපර්යාසය නිසා ලෝකය මෙතෙක් පාලනය කළ අධිපති ජාතීන් අභ්‍යන්තරයෙන් දිය වෙමින් පවතියි. මෙම තත්ත්වයේ බාහිර ප්රකාශනයක් ලෙස ඇමරිකාවට ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සම්මුඛ වී ඇත. රැඩිකල් ඉස්ලාම් ධර්මය නිසා මුළු මහත් යුරෝපයම වෙලාගත් දේශපාලන අර්බුදයක් ආරම්භ වී ඇත. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම නිසා එහි අලුත් ආර්ථික අර්බුදයක් ඇරඹී ඇත.
විද්වත් සභාවේ අවිද්‍යාත්මක විශ්වාස...
තවත් බොහෝ රටවල් සේම ලංකාව ද දශක ගණනාවක සිට ‘සමාජ අර්බුදයක’ එරෙමින් පවතියි. මේ සමාජ අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක්ම තම තමන්ට හැකි පමණින් උත්සාහ කර තිබේ.
තමාගේ මතය ප්‍රකාශ නොකිරීම...
මහින්ද රාජපක්ෂගේ දේශපාලනය තුළ ඔහු ඉතා සාර්ථක වූ උපාය මාර්ගයක් අප පැහැදිලි කළ හොත් එය මෙසේය. “මල්ලි සමාජයේ ප්‍රශ්නයක් ඇති වුණාම කිසිම දවසක ඒ ගැන මගේ මතය පළමුවෙන් කියන්නෙ නැහැ.
කප්පම් ආර්ථිකය සහ ප්රජාතන්ත්රවාදය...
ශ්‍රී ලංකාවේ වෙසෙන සාමාන්‍ය මිනිසකුගෙන් හෝ ගැහැනියකගෙන් රට මේ වන විට මුහුණ පා ඇති ආර්ථික ප්‍රශ්න ගැන අසන ලදැයි සිතමු. එවැන්නකු වහාම අපට මෙසේ පවසනු ඇත.
“අපගේ දෛනික ජීවිතය අඛණ්ඩ දුකකි.”
ආර්ථික දියුණුව සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම...
යම්කිසි රටක ආර්ථිකය සාර්ව අර්ථයෙන් දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ රටේ බදු අය කර ගැනීමේ මිනුම් දඬු සහ ආකල්ප කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කළ යුතුය. ලංකාවට බදු අය කර ගැනීම පිළිබඳ ජාතික රාමුවක් සකස් කර දීම ආරම්භ කර ඇත්තේ ද අපගේ යටත් විජිත ස්වාමියා වන බි්රතාන්ය ජාතිකයාය.
පළමු වෙඩිල්ල සහ ඒ පිළිබඳ අපගේ අදහස...
“සයිටම්’ උපාධියට උසාවිය විසින් නෛතික පිළිගැනීමක් ලබා දීමෙන් අනතුරුව සිදුවීම් පෙළ ගැසීම අලුත් වටයකින් ආරම්භ වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අනුව ‘සයිටම්’ ආයතනයේ ප්‍රධාන විධායකයාට වෙඩි තැබුවේ කවුද යන්න තවම සොයා ගැනීමට නොහැකි වීම මඟින් සංඥා වන්නේ ඊට ආණ්ඩුව ගෑවී ඇත්ද යන්නය. මන්දයත් පොලීසියට සොයා ගත නොහැකි බොහෝ අපරාධවලට ඒ ඒ යුගවල ආණ්ඩුව සම්බන්ධ යැයි ආකල්පයක් සමාජයේ පවතින බැවිනි.
උතුර සහ දකුණ ඒකීය විය හැක්කේ කෙසේද?...
ආණ්ඩුවට ප්‍රධාන ප්රතිවිරෝධතා දෙකකට මුහුණ දීමට සිදු වී ඇත. මින් අංක 1 යටතට වැටෙන්නේ ආර්ථික අර්බුදයයි. මෙයින් අදහස් වන්නේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයට වියදම් කිරීමට අවශ්‍ය තරම් මුදල් නැත යන්නය.
නීතිගත සොරකම සහ සොරකම් ගැන සුරංගනා කතා කිහිපයක්...
ඡන්දයක් කිට්ටු වන විට ප්‍රධාන පක්ෂ දෙකට ජනතාවට අලෙවි කිරීමට ‘සංකල්ප’ අවශ්‍යය. අලෙවිකරණ න්‍යායට අනුව වෙළෙඳාම් කරන විට සංකල්ප ප්‍රබල ස්ථානයක ක්‍රියා කරයි.
අනාගතයක් නැති නිසා අතීතය විකල්පයක් වීම...
60-70 දශකවල ලාංකේය ජනයාට රැඩිකල් අනාගත යුතෝපියා දෙකක් තිබුණේය. එක පිරිසකට අනාගත සිහිනයක් ලෙස ‘සමාජවාදය’ තිබුණේය. ඒ අය හැඳින්වූයේ වාමාංශිකයන් ලෙසය. අනෙක් පිරිසට අනාගත සිහිනයක් ලෙස ‘අමෙරිකානු සිහිනය’ (American Dream) තිබුණේය.