එක්සත් ජාතික පක්ෂය තමන්ගේ 70 වන සංවත්සරය මහ ඉහළින් සැමරීමට අදහස් කරයි. ඔවුන්ගේ තේමාව වන්නේ “අලුත් රටක් සමඟ අලුත් ගමක්” යන්නය. ලංකාවේ දේශපාලනයට ‘අලුත්’ (New)යන පදය අලුත් නැත. නිදහසින් පසු බිහි වූ බොහෝ ආණ්ඩු මෙම ‘අලුත්’ යන පදය විවිධ අවස්ථාවල දී භාවිත කර ඇත.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ ගැටවරයෙක් නීතිය හමුවට ගෙනැවිත් පරිවාස භාරයට යවා ඇත. ඒ තරුණයා වීරයෙක්ද නිකමෙක්ද යන සංවාදය මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ ඇවිළී යමින් පවතියි. සමහරුන් පවසන්නේ ජනාධිපතිගේ වෙබ් අඩවිය හැක්කිරීම විස්මකර්ම වැඩක් බවත් වෙන රටක ඔහොම කළා නම් ඔහුගේ හෝ ඇයගේ තාක්ෂණ දැනුමෙන් රටට වැඩක් ගන්නා බවත් ඒ නිසා මේ තරුණයා අදාළ තාක්ෂණික දහරාවේ උසස් අධ්‍යයන කටයුතු සඳහා යොමු කළ යුතු බවත්ය.

Read more ...
Write comment (0 Comments)

ලංකාවේ ඇති වූ අභ්‍යන්තර සිවිල් යුද්ධ 3ක් නිසා (71, 89, 2009) මිනිසුන් විශාල සංඛ්‍යාවක් අතුරුදන් විය. මේ අතුරුදන් වූ අයගෙන් අතිබහුතරයක් හමුදාව විසින් විනාශ කරන ලද මිනිසුන් ලෙස සමාජය සලකයි. ලංකාවේ සමාජයේ ජීවත් වන අතිබහුතරයක් සාමාන්‍ය ජනතාවට මිනිසුන් සිවිල් යුද්ධයක දී අතුරුදන් වන්නේ මන්ද කියා තේරුම් ගැනීමට න්‍යායක් නැත.

Read more ...
Write comment (0 Comments)

අඹතලේ ජලාශයට වස විස මුසු වූ විට දෙල්කඳ හන්දියේ ‘ටැප්’වලින් ‘මිනරල් වෝටර්’ එන්නේ නැති බව අවබෝධ කරන්නට ජලය සම්බන්ධ මහා විද්‍යා දැනුමක් අවශ්‍ය නොවේ.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ඉතාම සාරාංශගත කර කිවහොත් මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් ඔහුට පෙර කිසිදු ආණ්ඩුවක් නොකළ එක්තරා සුවිශේෂ ව්‍යුහාත්මක වෙනසක් ශ‍්‍රී ලාංකික සමාජයට සිදු කළේය.

Read more ...
Write comment (0 Comments)

80 දශකය මැද භාගයේ දී රෝහණ විජේවීර විසින් ශිෂ්‍ය දේශපාලනය මැදි කරගෙන ලංකාවේ පහළ මැද පාන්තිකයාගේ දේශපාලන විඥානය ප‍්‍රාග්ධනය ඉදිරියේ පරීක්ෂා කරන ලදී.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

”ධනවාදී සමාජය” ගැන කිසිවක් කතා නොකර එමඟින් පලා යාමට අවශ්‍ය කරන විවිධ අනන්‍යතා ගැන උගුර බැරැණ්ඩි වන තුරු කතා කරන මිනිසුන්ගෙන් මේ අවධිය පිරි උතුරා ගොස් ඇත. පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා ළමයින් 8 දෙනකු වෙනුවෙන් සියදිවි නසා ගැනීමට යාමත් සමඟ සුවිශේෂ ප‍්‍රශ්නවලට අවසානයේ හිමි වන හාස්‍ය රසය මැනවින් සමාජයට පැකට් කළේය.

Read more ...
Write comment (0 Comments)