ලොව ප්රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් එක්සත් රාජධානියේ රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට හිමි වී තිබේ.
මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ නමැති ඔහු එම සමාජයට එක් වන දෙවන ශ්‍රී ලාංකිකයා වේ. සාර්ස් වෛරසය හඳුනාගත් ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මීට පෙර 2006 වසරේදී එහි සාමාජිකත්වය ලැබීය.