ඇලෝවීල් ද
මෙලෝ වීල් ද
ඇලෝසියස් මල්ලී ඉන්න විදියට නම් මොකුත්ම අප්සට් වැඩක් කරලා කියලා හිතන්නවත් බැහැ බොස් කියා ජනාධිපතිතුමාගේ පූසා, ලොකු තැන පත්තර පෙරළ පෙරළා ඉන්න වෙලාවක් බලා කීවේය. ජනාධිපතිතුමා ඒ ගැන මොකුත් නොකී අතර පූසා යළිත් කීවේ මෑන්ට අර මුරපදය අමතක වෙච්ච එක නම් මාරම වැඩක් නේද බොස් කියාය.