කෝණංගි - 2017 මැයි 21

සතියේ තීරුව

අලි කතාව

සුනිල් ආරියරත්නගේ අලි කතාවචිත්‍රපටය බලන්න ජනාධිපතිතුමා ආවා. චිත්‍රපටයේ කතාව මේකයි. ඔන්න ඉතින් එකමත් එක රටක කැලෑ ගමක කිරි සප්පයෙක් හිටියා. මේ කිරි සප්පයගෙ තාත්තා හෙන රා ගුඩුවා.

ඔහොම කාලයක් යද්දී මේ කැලෑ ගමේ ටිකක් වල්මත් වෙලා වගේ හිටපු අලියා ඇවිත් රා බීලා පිස්සු නටන අර කිරි සප්පයගෙ තාත්තා එළවලා දාලා කිරි පුතාව ගෙනල්ලා හදාගන්නවා. අලියා හිටියෙත් කැලේ රජ වෙන බලාපොරොත්තුවෙන්. ඒත් අලියට තනියම සටනක් දීලා කැලේ රජ වෙන්න අමාරු නිසා කිරි සප්පයා රජ කරලා රජ ළඟින්ම ඉන්න අලියා සැලසුම් කළා. අන්තිමට කොහොම හරි අලියා වෙන වෙන ජාතියෙ සතුන්ගෙන් සහාය අරගෙන කිරි සප්පයව රජ කරනවා.

චිත්‍රපටයෙ කතාව ඕකයි. ඒක බලලා එළියට එමිං ගමං ජනාධිපතිතුමා සුනිල්ගෙන් ඇහුවෙ අලියා එළවලා දාපු කොල්ලගෙ තාත්තා ආයෙ එයිද කියලයි. ඒකට සුනිල් හරි හමන් උත්තරයක් නොදී එකල මෙකල වෙනකොට ජනාධිපතිතුමා වටපිට බලලා නහය උඩ පිපිලා තිබුණු දාඩිය බිංදුව පිහිදාන ගමන් ඇහුවෙ මේක මගේ කතාවයි කියලා ප්‍රොෆෙසර් කොහේදි හරි කියල තියෙනවද කියලයි.

ලොකුම එක

සුනිල්ගෙ චිත්‍රපටයෙ වඳුරො දෙතුන් දෙනෙක් හිටියා. උන් ටික අලියා අර කිරිසප්පයා ගෙනාපු දවසේ ඒ කිරි පුතාගෙ නැට්ටෙ එල්ලිලා රා බොන තාත්තාටත් පාට් එක දාලා ආපු එවුන්. චිත්‍රපටය බලලා එන ගමන් වඳුරෙක් ඒකෙ රජතුමාගෙන් ඇහුවා ඇත්තටම රජතුමනි රජකමද එහෙම නැත්තං රජතුමාගෙ කණ්ඩායමේ නායකකමද වඩා ලොකු කියලා. රජතුමා දෙපාරක් නොසිතා කිව්වෙ නායකනෙ ඕයි කියායි. නායකකම බදාගෙන ඉන්න ගිහින් රජකමට කෙළෝගනියිද මන්දා කියලා යමක් කමක් තේරෙන වඳුරා හිතුවා.

වංගු මයියා අනාථයි

මෝදි හම්බ වෙන්න දත කාලා දත කාලා වංගු මයියා කොහොම හරි ගියා කියමුකො. ඒත් මෝදි හිටපු රූම් එකේ කවුරුවත් ඉඳලා නැහැ. එක පාරටම කාමරේ ලයිටුත් ගියාලු. වංගු මයියා ටිකක් බයවෙලා වටපිට බලනකොට කවුද එකෙක් මිනිහගෙ දෙපරැන්දෙන් අත දාලා එක පාරටම සුප්‍රීම් සැට් 01’ (චීනෙත් එක්ක ඒ කාලෙ රෝහිත උඩ යවපු එක) මිරිකලා. වංගු මයියට අම්මා මෝ මතක් වෙලා. කොම්බු මයියට මින් මනතෙ ලෙඩ දැම්මොත් සුප්‍රීම් සැටි 01 ගලවලා අතට දෙනවා බල බලා ඉන්නකියලා කවුද එකෙක් ඒ වෙලාවෙ වංගු මයියගෙ කනට කරලා කියලා තියෙනවා. ඒත් එක්කම ලයිට් ඇවිල්ලා. අගමැති මෝදි එයාගෙ සීට් එකේ වාඩි වෙලා බැබලි බැබලි පත්තරයක් බලනවලු. වංගු, යටිබල අල්ලගෙන මෝදිත් එක්ක අමාරුවෙන් වචන දහයක් දොළහක් හුවමාරු කර ගත්තලු. ඉලව් ගේක ගිහිං ආවත් හතර අතේ වොයිස් කට් දෙන වංගු මයියා මෝදි හම්බවෙලත් මොකුත් නොකිව්වෙ ඔය බය කිරීම හන්දලු.

Latest Posts

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...