කෝණංගි - 2017 ජුනි 04

සතියේ තීරුව

කිඹුලා

හිටපු ජනාධිපතිතුමා කළුතර පැත්තේ ගංවතුර ආධාර බෙදා යමිං ගමන් මාතර ගෙදර රැය පහන් කර පසුවදා ගම් රටවල් බලා යන්නට කල්පනා කළේය. රෑ කෑම කා හෙණ පත්තං කට්ටියක් ඇදගෙන ඉන්න වෙලේ ශිරන්ති නෝනා කීවේ “ඒක නෙමෙයි අනේ මාර වැඩක් වෙලා තියෙන්නෙ නිල්වලා ගඟේ කිඹුල්ලු දැන් මාතර ගෙවල්වල ඇඳන් යටත් ඉන්නවලු” කියාය.

අප්පට සිරි අලි මදිවට හරක් කී හිටපු ජනාධිපතිතුමා මහන්සිය වැඩිකමට ඇඳට පැන අනම් මනම් ගැන නොසිතා බිත්තිය පැත්තට හැරී නිදා ගත්තේය. ශිරන්ති නෝනාට ඇහැරුණේ පාන්දර පහමාරට විතරය. අනතුරුව, ඉක්මනින් හම්බන්තොට යන්නත් තිබෙන නිසා, තේ එකක් බී හිමින් සැරේ ලෑස්ති වෙන්න හිතාගෙන මඳ කළුවරේම කුස්සිය පැත්තට ගියාය. ඒ වෙනකොටත් හිටපු ජනාධිපතිතුමා තද නින්දක ගැලී සිටියේය. මඳ වේලාවක් ගතවුණි. හිටපු ජනාධිපතිතුමාගේ ඇඟට නෝනා අනවශ්‍ය තරම් හේත්තු වෙනවා වගේ දැනුණි. එතුමාත් අමු හීතල දවස් නිසා හේත්තුවට සුළු ප්‍රතිචාරයක් දක්වා හ්ම්ගර් හා මඳක් ගොරවා යළි ඇස්පියා ගත්තේය. තවත් ටික වේලාවකින් හිටපු ජනාධිපතිතුමාගේ සුප්‍රීම් සැම් 01ට (රෝහිත චීනෙත් එක්ක උඩ යවපු එක) ඇඳේ එහා පැත්තේ හිටපු කෙනා අමුතු ටච් එකක් දැම්මේය. එතුමා පණ්ඩිත් අමරදේවයන් නාට්ටියක් බලන්න ගිහිං සරම පුටුවට හිරවුණු වෙලේ ඒක බේර ගන්න කම්මැලි කමේ නාට්ටිය ඉවරවෙනතුරු හිටියා වගේ කිසිම ආවේගයක් හිතට නොගෙන සිටියේය. ඒත් ටච් කාරයා නිකං හිටියේ නැත. නැවත ටච් කළේය. ඒ ගමන් එතුමාගේ තකට පුට්ටුවක්ද දැම්මේය. ඔය වගේ අතවර හිටි ගමන් ඕනෑම පිරිමියෙකුට ගෙදර දී වෙන්න පුළුවන් නිසා එතුමා නිද්‍රාව බිඳ ගත්තේම නැත. එතුමාට තව පැය භාගයක් විතර හොඳ හැටි නින්ද ගියේය.

ශිරන්ති නෝනා හයයි කාලට විතර කිරි තේ එකකුත් හදාගෙන කාමරයට ආවාය. හිටපු ජනාධිපතිතුමාගේ පිට පැත්තට හේත්තු වී සිටි නිල්වලා ගඟේ වල් කිඹුල් තඩියකු දඩබඩාස් ගාගෙන ඇඳ යටට පැන ගත්තේත් ශිරන්ති නෝනා ‘බුදු අම්මෝ’ කියාගෙන තේ එකත් ඉහිරවාගෙන සිහි නැතුව ඇඳ මත ඇඳ වැටුණේත් එකටම වාගේය. නින්දෙන් ඇහැරුණු හිටපු ජනාධිපතිතුමා එකත් පුලියේ දමාගෙන සිටි අතර අර වල් කිඹුලා හිනාවෙවී ඇඳ යටින් මෑත් වී දොරෙන් එළියට පැන ගත්තේය. පොඩි හෝන්දු මාන්දු ගතියකින් පෙළුණු හිටපු ජනාධිපතිතුමාට ආයෙත් නින්ද ගිය අතර නින්දේ දී එතුමා හීනෙන් දුටුවේ චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගයක බැට් කරමින් සිටි අර මහ වල් කිඹුලා පිටිපස්ස පැත්ත හැරී ඩිල්ස්කූප් පහරක් ගහන අන්දමය.

සිරා කිඹුලා

ආපදා කළමනාකරණයට මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ හැම වැඩක්ම පරක්කුයි කියා හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරපුදා රෑ වෙලා එතුමාට කෝල් එකක් ආවේය. දෙකක් නවාගෙන කික් එකේ හිටපු, හිටපු ජනාධිපතිතුමා රිසීවරය උස්සපු ගමන් කතා කරන්නේ කවුද කින්ද මන්ද නොවිමසා “මොකද මල්ලි මොකද මල්ලි වැඬේ පරක්කු, ගෙදර ගිහිං බීල වරෙං පරණ අරක්කූ” කියා පරණ බයිලාවක කෑල්ලක් කීවේය. අනෙක් පැත්තෙන් හෙණ ගොරෝසු කට හඬකින් කතා කරපු මෑන් කෙනෙක් කීවේ මින් මනතේ ඔය බයිලා එක යන යන තැන කියලා තිබුණොත්, තමුන්ගේ පොළොවට ලම්භකව එල්ලෙන සියල්ල ගලවනවා කියාය. විධායක බලය තියෙන කෙනෙකුට ඕනෑම දෙයක් ගලවන්න පුළුවන් බව පසක් කර ගත් හිටපු ජනාධිපතිතුමා ගොරෝසුවාට එරෙහිව මීක් නොගෑ අතර කිඹුලා ගැසූ ඩිල්ස්කුප් පහරේ අමාරුව යන්නත් කලින් මේ කියන ජාතියේ වැඩකුත් වුණොත් කාලා හමාරයි කියා සිතා ඊට පසුදාම ජපානයට පැන ගත්තේය.

මොකටද ඕකුං

ප්‍රියංකා චොප්රා අගමැති මෝදි හමුවන්නට කකුල් නිරාවරණය වන ගවුමක් ඇඳගෙන ආපු සිද්ධියක් පත්තරයක තිබෙණු දුටු ජනාධිපතිතුමාගේ පූසා ජනාධිපතිතුමාට ඇසෙන ලෙස එය කියෙව්වේය. කකුල් එළියෙ දාගෙන ආපු නිසා එරට ජනයා චොප්රාව තදින් විවේචනය කර ඇති බව ද ප්‍රවෘත්තියේ සඳහන් විය. එය තද අවධානයකින් අසා සිටි ජනාධිපතිතුමාගෙන්, අනතුරුව ඌ ඇසුවේ ඇත්තටම බොස් ඔයා ගාවට එහෙම ආවොත් මොකද කරන්නේ කියාය. වටපිට බලා ඒ ගැන දැඩි අප්‍රසාදයක් පළ කළ එතුමා කීවේ එහෙම චාන්ස් එකක්වත් තමන්ගෙ රටේ නායකයට දෙන්න අදිමදි කරන ජනතාවකගෙන් ඇති පලේ මොකක්ද බං කියාය.

Latest Posts

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...