එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට

විශේෂාංග

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වලට ගොවීන් රැගෙන එන එළවළු අලෙවි නොවීම නිසා විශාල වශයෙන් මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.


එලවලු තොග මිල මෙයාකාරයෙන් පහත වැටුණ ද ‍ප්‍රරධාන නගරවල හා තදාසන්න ප්‍රදේශවල එළවළුවල සිල්ලර මිලෙහි කිසිදු අඩුවක් දක්නට නැතැයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද පහත රට එළවළු රැසක් මේ දිනවල ලැබෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.
ඒ අනුව වම්බටු කැකිරි පිපිඤ්ඤා තක්කාලි මෑකරල් නෝකෝල් රාබු වට්ටක්කා ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් පහේ සිට රුපියල් 25 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙවී අලවිවන බව විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන ගොවීන් කියා සිටියේ අලුයම 4 සිට  රාත්‍රී 0 8 දක්වා තම නිෂ්පාදන රැගෙනවිත් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට තමන්ට සිදු වන බව ය.
ඇතැම් දිනවලදී උදේ සිට සවස් කාලය දක්වාම නිරාහාරව සිට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුව තිබෙන බවද එළවළු ගොවීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.

Dabu 2

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න  ඇරැවුල මහතාගෙන් මේ පිළිබඳව අප විමසීමක් කළෙමු.
    ,සිංහල අලුත් අවුරුදු නිමාවත් එක්ක එළවළු මිලදී ගන්න එන වෙළෙන්දෝ විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා.  හැබැයි එළවළු විශාල වශයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ගොවීන් අරගෙන එනවා. ඒකට එකම හේතුව තමයි කවුරුත් නොදන්න කතාවක් එළවළු වගා කිරීමේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. රජරට  කලාපවල පහුගිය කාලයේ ධාන්‍ය වර්ග වගා කළ බොහෝ ගොවීන් ධාන්‍ය වගාව සම්පූර්ණයෙන්ම අත්හැරියා. ඒ අය එළවළු වගාවට යොමු වුණාග තල කව්පි කුරක්කන්  සෝයා බෝංචි බඩ ඉරිඟු ආදී සියලු වගාවන් ඒ වගේම වගාව සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා.
, ඒකට හේතුව තමයි ඒ සියලු දේ පහුගිය කාලේ ඉඳලා පිටරටවල්වලින් ඉතා අඩු මුදලට වෙළඳපොලට ගෙනවා. අපි මේක මුලින්ම ආණ්ඩුවට බලධාරීන්ට කිව්වා මේ වැඩේ කලොත් ගොවීන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි අද ධාන්‍ය ගොවීන් ඒ බිම් කඩවල් වල වට්ටක්කා පතෝල කැකිරි පිපිඤ්ඤා ආදී එළවළු වර්ග වගා කළා. ඉවක් බවක් නැතුව වගාකළ එළවළු වෙළෙඳපොළ එන්න පටන් ගත්තා. ඒ නිසා තමයි එළවළු වැඩිවීමත් එක්ක ඉල්ලුම අඩු වෙනවා.ඒක තමයි එළවළු මිල පහත යන්න බලපාපු ප්‍රධානම කාරණය.හැබැයි මේක බොහෝ දෙනා තේරුම් ගන්නෙ නැතුව ව්‍යාපාරිකයන්ට බැන බැන ඉන්නවා.
     
Dabu4

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා රැගෙන ආ දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ පදිංචි කේ. ජී. ගුණතිලක තරුණ ගොවි මහතා මෙසේ පැවසීය.
        ,වට්ටක්කා අපි වගා කළත් අන්තිමට හොඳ අස්වැන්නක් ලැබුනා අස්වැන්න හැමදාම අපි වෙළදපොලට ගේනව කිලෝ එකක් රුපියල් පහකට වත් ගන්නේ නෑ. ආපහු අරගෙන යනවා ගෙවල්වලට. දැන් ගෙවල්වල වට්ටක්කා පුරවලා.  කාටද දෙන්නේ කවුද ගන්නේ මොනවද කරන්නේ කියලා අපිට තේරෙන්නේ නෑ. හැබැයි තෙල් පොහොර මිනිස් ශ්‍රමය මහන්සිය ඔක්කොම ඉහලට ගිහිල්ල තියනව. ඒත් වට්ටක්කා වල මිල පහලට ගිහිල්ලා මේකේ ඇත්ත නැත්ත අපි හරියටම දන්නෙ නෑ. අවසානයේදී අපිට උනේ අතේ තියෙන තුට්ටු දෙක නැති කරගෙන මේ වට්ටක්කා තොග ඔක්කොම ගිහිල්ලා අලින්ට කන්න දෙන්න.,
, ඒ වගේම මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් හරි වනජීවී දෙපාර්තමේන්තුවෙන් හරි අපේ ගමේ වට්ටක්කා වවපු ගොවීන් රැසක් ඉන්නවා. මේවටත් ගෙවල් වල විශාල වශයෙන් විනාශ වී යනවා  ලොරි දහයක් පහළොවක් විතර වුනත් අපිට වට්ටක්කා නිකන් දෙන්න පුළුවන් ඒ නිසා අඩුම තරමේ අලි අනාථාගාරයට වත් මේවා ටික අරන් ගිහිල්ලා අලින්ගේ ආහාර වලට වත් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

Dabu5එමෙන්ම එළවළු තොග ලබා ගෙන සිල්ලර  පොළවල්වල අලවිකරණ වෙළෙන්දකු වූ  ගාමිණී රාජකරුණා මහතා.
    ,එළවළු මිලදී ගැනීමට පැමිණ සිටී පාරිභෝගිකයෙකු ඒග වී ගජීග මල්කාන්ති මහත්මිය මෙසේ පැවසුවායග
     ,හැමදාමත් ගොවි යයි පාරිභෝගිකයයි තමයි අසරණ වෙන්නේ ඇත්තටම අද සිල්ලර වෙළෙඳ පොළට ගියාම කිසිම එළවළුවක් අඩුවට ගන්න නෑ. ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 5ට වත් වට්ටක්කා කිලෝවක් විකුණන්න බෑ .හැබැයි රුපියල් 50යි අපි ගන්න ගියාම.ඒ වගේම තමයි වම්බටු කිලෝ එක ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් දහයයි ලු. අපි රුපියල් 50ට 60ට ගන්නේ ඉතින් මේක කියන්න කෙනෙක් නෑ. අපිට එළවළු ඔවුන් නිසා අපි ගන්නවා.  ක්‍රමවේදයක් එදා ඉඳලම හදලත් නෑ පාරිභෝගික යොමු වෙච්ච අපි හොඳ එළවළු ටිකක් මිලදී ගන්න තමයි බලන්නෙ .ඒ නිසා ගොඩක් ගන්නෙ නෑ. පොඩ්ඩක් ගන්න නිසා මිල ගැන වැඩිය හිතන්නෙත් නෑ. කොහොම වුණත් මේ පිළිබඳව සාධාරණය ඉටු කරනවා නම් හොඳයි කියලයි අපි හිතන්නේ.

යාපන අර්ධද්වීපයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබෙමින් පවතී. එමෙන්ම අනුරාධපුර,  ලපොලොන්නරුව, මාතලේ ,කුරුණෑගල, මොනරාගල   දිස්ත්‍රික්ක වලින් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින බවත් බොහෝ එළවළු අලවි නොවීමත් සමඟ උදෑසන  ගෙන ගොස් වන අලින්ගේ ආහාර බවට දමන බව  ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...