ජාතිකවාදය හා ජාතිවාදය

විශේෂාංග

අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදින් අතර සිටි එකකුගේ අවසානය සිදු වූ දවස.

 


රටේ ඇතැම් අය යුද ජයග්‍රහණය සැමරීමට පුල පුලා බලා සිටිනවා. දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම යුද ජයග්‍රහණයකට වඩා ත්‍රස්තවාදය පරාජය කිරීමක් ලෙසිනුයි මට හැඟෙන්නේ. දෙපිලට බෙදී සටන් කලේ අපේම රටේ දෙපිරිසක්. ඔවුනොවුන්ට වෙන්වූ අරමුණක් මේ දෙපිරිසටම තිබුණා. කොහොම වුණත් අපි යුද්ධයක් කියන්නේ දෙරටක් අතර ඇතිවන සටනකට. අපේ රටේ පැවතුණේ වාර්ගික අර්බුදයක්. තම ජාතිය වෙනුවෙන් වෙනම පෙදෙසක් ඉල්ලා කළ සටනක්. මේ කුඩා රට දෙකට බෙදන්න ඉල්ලන්නෙ නැතිව සමගියෙන් එකට ඉන්න හැකි දේශපාලන විසඳුමකට ගියානම් ජීවිත විශාල සංඛ්‍යවක් බේරා ගන්න තිබුණා.

මම ජාතිවාදියෙක් නොවන නිසා සටනේදී මිය ගිය හැම කෙනෙක් පිළිබඳවම මට ඇත්තේ වේදනාවක්. අපිට අහිමි වුණේ අපේ රටේ මව්වරුන්ගේ දරුවො. සිංහල වේවා දෙමළ වේවා දෙපිරිසම මේ මව්බිමේ දරුවෝ. රට බෙදීමට විරුද්ධ වුණත් ඒකීය රටක් තුල සෑම ජාතියකටම සංහිඳියාවෙන් ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. අප කළ යුත්තේ යුද ජයග්‍රහණය සැමරීම නොවෙයි එවැනි අර්බුදයක් නිර්මාණය වීමට බල පෑ මූලික සාධක හඳුනාගෙන එවැන්වැනක් යළි ඇති නොවීමට වගබලා ගැනීමයි.අපේ කෙනෙක් මිය ගිය විට ඇති වෙන දුක ඔවුන්ටද ඒ අයුරින්ම දැනෙනවා.දකුණේ වැඩි දෙනෙක් හිතන්නේ උතුරේ ඉන්න හැම එකාම කොටියෙක් කියලයි. බොහෝ දෙනෙක් දන්නෙ නැහැ උතුරේ වැඩි දෙනෙක් යුද්ධය ප්‍රතික්ෂේප කරපු බව. එල්.ටි.ටි.ඊයට විරුද්ධ බව. තුවක්කුවේහෙවනැල්ල යට ඔවුන්ට හඬක් තිබුණේ නැති බව.

මම යුද බිමේ සිටි කෙනෙක්. 1993 නොවැම්බරයේ යාල් දේවි මෙහෙයුම පැවැති සමයේ මා සිටියේ යාපනයේ . මම යුද්ධයේ භීෂණය අත් වින්දා ඒවා කොළඹට වාර්තා කළා මාධ්‍‍ෙව්දියෙක් හැටියට එදා උතුරේ තිබූ සටනින් පීඩාවට පත් වුණේ සටන් කළ දෙපිරිස නොවෙයි. අහිංසක දරුවන් සහ ගැහැනුන්. එල්එටීටීඊය තමන්ට අවශ්‍ය සොල්දාදුවන් සොයා ගත්තේ බලහත්කාරයෙන් පැහැර ගැනීමෙන්. යුද පෙරමුණෙදී මිය ගිය තම දරුවන්ගේ සිරුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන විට ඒ දරුවන්ගේ මව්වරුන්ට හඬන්නට අවසර තිබුණේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ අනෙක් දරුවනුත් යුද පෙරමුණට යනව බවට ප්‍රසිද්ධියේ පොරොන්දු වන්නට ඒ අම්මලාට සිදු වුණා. එල්එ.ටීටීඊය එලෙස කියන ලෙසට බලකරනු මම දැක්කා. ඔවුන්ඉගේ අණට එහෙම කියපු අම්මලා ඔවුන් ගිය පසු විලාප දෙමින් ඇඬුුවා. 
ඉහළ පෙළේ කොටි සාමාජිකයන් හැරෙන්නට කැමැත්තෙන් එල්ටීටීඊයට සම්බන්ධ වූ පිරිස සුඵතරයක්. ඔවුන්ගෙනුත් වැඩි පිරිසක් කුල පීඩනයට හසු වූ අය. යුද විරෝධීන් විශාල පිරිසක් උතුරේ සිටියා. සංවිධානය තුලත් හිටියා. ඔවුනට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. පලා ගියොත් අනිවාර්යයෙන්ම මරා දමනවා. ඒ නිසා ඔවුන්ට සටන් කරනවා හැරෙන්නට.වෙනත් විකල්පයක් තිබුණේ නැහැ බලවත් අකමැත්තෙන් සංවිධානයේ සිටි එවැනි සාමාජිකයන් ඔවුන්ගේ කලකිරීම මා සමග කිව්වා.

මට හමුවූ කොටි සාමාජිකයන් අතලොස්සක් හැරෙන්නට වැඩි පිරිසක් යුද්ධය පිළිකුල් කළ අය. ඊළමක් හැර වෙනත්ව විකල්පයක් අවශ්‍ය නැතැයි යන මතයේම සිටි පිරිසක්ද සිටියා. කිසිදු ජාතියක් තවත් ජාතියකට වඩා ශ්‍රේෂ්ඨ යැයි මා සිතන්නේ නැහැ. අපේ රට විනාශ කරන්නේ ජාතිවාදි දේශපාලකයන් විසිනුයි. ජාතිකවාදය නමැති සිල්රෙද්දට මුවා වී ඔවුන් ජාතිවාදය වපුරනවා. රටේ සියලු අර්බුදවලට නිමිත්ත මේ දේශපාලකයෝ. කවදා හෝ දේශපාලකයන්ගෙන් තොර සමාජ සාධාරණය අගයන රටක ජීවත් වෙන්න ලැබේවිද?

ප්‍රභාකරන් ලොව සිටි දරුණුතම ත්‍රස්තවාදියා විය හැකියි. ඔහු අහිංසක ජිවිත විශාල ප්‍රමාණයක් විනාශ කළා. සිංහල පමණක් නොවෙයි තමන්ගේම අය මරා දැම්මා. ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා යනු ඉතා මධ්‍යස්ථ දේශපාලකයෙක්. ප්‍රභාකරන් සහ අමිර්තලිංගම්ගේ පුත්‍රයා වු කන්දීපන්ගේ පළමු බිල්ල වූයේ දුරෙයි අප්පා. ඔවුනට තමන්ගේ අයද පිට අයද කියා හැඟීමක් තිබුණේ නැහැ. අවශ්‍ය වූයේ තම මතය ප්‍රතික්ෂේප කරන හැම කෙනෙක්ම මරා දැමීම. අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියන නියමය සනාථ කරමින් ප්‍රභාකරන් යුද බිමේදී මිය ගියා. ලෝකයටම තර්ජනයක් වූ ත්‍රස්තවාදියකුගෙන් ලොව නිදහස් වී අත්‍යවශ්‍යයයි. මන්ද ඔහු කිසිදු දේශපාලන විසඳුමකට කැමති නොවූ මස් රාත්තලම ඉල්ලා සිටියකු නිසයි. එහෙත් අප මෙතනදි සිතා බැලිය යුතු කරුණක් තිබෙනවා. ඒ ප්‍රභාකරන් වැනි නිහඩ, වැදගත් පවුලක උපත ලබා මනා ශික්ෂණයක් සහිතව හැදුණු වැඩුණු දරුවෙක් ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදියා බවට පත් වූයේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුයි. එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ උතුරේ සහ දකුණේ අවස්ථාවාදී දේශපාලනය හා දේශපාලකයන්. අදටත් මේ කුහක දේශපාලනය යහතින් වැජඹෙනවා. අපේ රටේ සාමය හා සංහිඳියාව යන්න වචනයකට පමණක් සිමා වූ දෙයක්. උඩින් සාමය හා සංහිඳියාව ගැන කතා කරන දේශපාලකයෝ යටින් ජාතිවාදය අවුස්සනවා. ඔවුන්ගේ ඡන්ද පදනම පවතින්නේ දෙපිරිස කෙටවිමෙන් බව ඔවුන් දන්නවා. අප සිතා බැලිය යුත්තේ
සිංහලයාද දෙමළාද යන්න නොව ඔවුන් තුළ මනුෂ්‍යත්වය තිබේද යන්නයි. මනුෂ්‍යත්ව නැති එකා සිංහලයකු වුවද දෙමළකු වුවද තිරිසනෙකුත් වඩා අන්තයි.

යුද්ධයකදී ජය හෝ පරාජයක් හෝ නැත. ඇත්තේ විනාශයක් සහ ශෝකාන්තයක් පමණි.

-ප්‍රියන්ජන් සුරේෂ් -fb

janahada

Latest Posts

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...