මෙන්න දැනගන්න ITN කතා වස්තුව

විශේෂාංග

ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල් කාලයේ ලිබරල් නාලිකාවකි. සිංහල ඉංග්‍රීසි වැඩසටහන් වලින් සමන්විත විචිත්‍ර නාලිකාවකි.

එය අමුම අමු ජාතිවාදී ආගම්වාදී නාලිකාවක් බවට පත් කළේ මහින්ද පාලන සමයයි. දොරමඩලාව වැනි ගොබ්බ වැඩසටහන් මහින්දගේ ජාතිවාදයට මැනවින් ගොට්ට අල්ලන ලදී.

2015 න් පසු ITN භාරගත් පාලකයන් ITN පුළුවන් තරම් ස්මාට් නාලිකාවක් කරන්නට තැත් කළද, මහින්දවාදීන් හෑන්ඩ් බ්‍රේක් එක ඇදගෙන සිටීම නිසා ඉස්සරහට ගියේ නැත. ජාතිවාදී මත නොදැක්වීම නිසා ගැලරියේ ජනප්‍රියත්වය ද නැති විය. ප්‍රබුද්ධත්වය ලංකාවේ මාකට් කරන්න බැරි, ලාංකේය සමාජයද දොරමඩලාව තරම්ම පොදුවේ ගොබ්බ නිසාය.

(දොරමඩලාව වරක් විකාශය කර රිපීට් ද කළ, දහජරාවකි. යහපාලකයන් පවා එය වෙනස් කරන්නට බය විය. අන්තිමේදී කොහොමින් හරි නැවත විකාශය නවතා දමන ලදී. හැටදෙකට ඇටදෙක පෙන්වූ ජනපති වරෙක ප්‍රකාශ කළේ වහාම නැවත විකාශය පටන් ගන්නා ලෙසය. එහෙත් පාලනාධිකාරිය එච්චරටම කුජීත වූයේ නැත.)

ITN හි ඇත්තේ වැඩසටහන් නොව ලෝක වාර්තාය. කෝපිකඩේ ලෝක වාර්තාවකි. අටපට්ටම ලෝක වාර්තාවක් වෙන්න හදයි. දොරමඩලාව ලෝක වාර්තාවක් වෙන්න හදයි. පරණ දේ අතහරින්නට ITN පට්ට බයය. මේ ජාතියේ ලෝක වාර්තා දහයක් තිබ්බොත් චැනල් එකට බඩු බනිස්ය.

2015 සිට ITN වෙත ආ පාලකයන් මේ ගොබ්බකම වෙනස් කරන්නට පුළු පුළුවන් විදිහට උත්සාහ කළේය. එහෙත් ඇතුළට අතදාගෙන හෑන්ඩ් බ්‍රේක් එක ඇදගෙන ඉන්න ITN ඉස්සරහට ගන්න ලේසි නැත. ඉල්ලන්නේම ගොබ්බ කමය. යහපාලන පාලකයන් ඒ සඳහා උපරිම උත්සාහය නොගත් බවද කිවයුතුය.

ITN ලෝගෝ එක වෙනස් කළේ සිංහල අකුරු දැමීමෙන් සංහිඳියා ප්‍රශ්නයක් ඇතිවෙන නිසා නොවේය. ITN කියන්නෙම ඉංග්‍රීසි අකුරු තුනකි. පැරණි ලෝගෝවේ ගතානුගතික රූපය වෙනුවට එහිම තිබෙන ITN අකුරු තුන හයිලයිට් කර නව ලෝගෝව නිර්මාණය කරනු ලැබිණි.

ලක්හඬ ITN fm වීමද එවැනි කතාවකි. ITN කියන්නේ බ්‍රෑන්ඩ් එකකි. රූපවාහිනී නාලිකාවත් ගුවන්විදුලි නාලිකාවත් එකම බ්‍රෑන්ඩ් එකකින් තිබීම දෙකටම හොඳය. ITN tv සහ ITN fm ලෙස එකට මාකටින් කරන්නට පුළුවන. වැඩේ කියන්නේ ITN ගොබ්බයන් මේ එකකටවත් කැමති නැත.

අලුත් දේ හොයාගෙන යනවා වෙනුවට පැරණි දේ හප හප ඉන්නට ITN මාර ආසය. ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු සේවයෙන් නෙරපන ලද සහ වැඩ තහනම් කරන ලද සියලු තක්කඩි මේ වන විට ITN අරක්ගෙන සිටියි. උන් විසින් මුළින්ම කරනු ලැබ ඇත්තේ, අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් තොරව - නීති විරෝධීව, අර පරණ ගොබ්බකම් ටික යළි ස්ථාපිත කිරීමය.

ඊට අමතරව මැරකම් ආරම්භ කර තිබේ. සභාපතිවරියට නිල තර්ජන කර ඇත. ප්‍රධාන විධායක නිලධාරීවරයාට මරණ තර්ජන කර තිබේ. ප්‍රවෘත්ති නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පළවා හැර ඇත. නිවේදක නිවේදිකාවන් කීපදෙනෙක්ම පන්නා දමා ඇත. නිදහස් මාධ්‍යවේදීන් කීප දෙනෙක්ගේම සේවය අත්හිටුවා ඇත. ඒ සියල්ල කර ඇත්තේ නීති විරෝධීවය.

සුධර්මන් රදිලයගොඩ, සංජීව එදිරිමාන්න, විපුල රත්නසිරි, අශෝක කරුණානායක ආදී බොහොමයක් දෙනා නීතියෙන් වරදකරුවන් වී ITN පරිශ්‍රයට ඇතුළුවීම පවා නීතියෙන් තහනම් කළ පුද්ගලයන්ය. එහෙත් නීතියට පස්සා පැත්ත පෙන්වා ඒ සියලු දෙනා මේ වන විට ITN හි ඩෙඟා නටමින් සිටියි.

නීතිවිරෝධීව පත්කරන ලද සභාපති සෝමරත්න දිසානායකට මේ කිසිවක් පාලනය කළ නොහැකිය. ඔහුට ඒ සඳහා ඇත්ත උවමනාවක් ඇත්තේද නැත. මෙවැනි කාලකණ්නි වටපිටාවක ITN යනු ඇත්තේ වළපල්ලටය. ඇතැම්විට දැන් හෑන්ඩ් බ්‍රේක් එක ලූස් කර ඇති නිසා පොඩි මාකටින් සෙල්ලමක් දැමීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මේ සියලු දේවල්වලට වන්දි ගෙවන්නට වෙන දවස වැඩි ඈතක නැත. මැරයන්ට නිදහසේ ITN කෙළෙසන්නට ඉඩදුන් නිත්‍ය නිලධාරීන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. කුමන්ත්‍රණය පරාජය කළ වහාම නීත්‍යානුකූලව දඬුවම් දීම වහා ඇරඹෙනු ඇත. එතෙක් සියලු කකුළුවන්ට හැළියේ නටමින් අටපට්ටම නැරඹිය හැකිය.

janahada

Latest Posts

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...