කහවත්තේ කොටකෙතනින් ආරම්භ වී සේයාගේ සිට තාජුඩීන් දක්වා මරණ සම්බන්ධ අපරාධ පරීක්ෂණවලට අදාළව බොහෝ දෙනකු සිතා සිටියේ ඞී.එන්.ඒ. පරීක්ෂණයක් හරහා ඔප්පු කරගත් පමණින් වැරැදිකරුවන් එල්ලා මරන්නට යෝජනා කිරීම අතිසාධාරණයි කියාය.

Read more ...
Write comment (0 Comments)

උප්පත්ති කතාව

ඒ වනාහි කරුණු අම්මනයා පබකරණයා කෙරෙන් බිඳුණු පසු සමයෙක් වී යැ. මෙතෙක් වනගතවැ විඳි දුෂ්කර ක‍්‍රියාවෙහි උකටලී වැ හුන් කරුණුවා ටැ හඬන්නටැ හුන් එකකුහටැ ඇසටැ ඇඟිල්ලෙන් හනින්නා සේ සියම් දේශයෙහි පුරඟනන් ඇසුර දැ ලත් පසුවැ උහු පබකරණයා හැර පියා ස්වකීය උදාගිරි පුරයෙන් කෝලම්භ පුරයටැ අබිනික්මන් කෙරෙනා හ. ඉදින් පබකරණයා සතුරු කොට ගෙනැ විසුම් පහසු නොවනා බැව් දන්නේ උහු පසු කලෙක මහා රාජිනින්ගේ දේශයටැ පසු බසිනා හ.

මෙවක් පටන් කරුණු අම්මනයා සතු වූ යම් බලයෙක් වීදැ ඒ සියල්ල උහු ගමන් සගයෙක් වූ පිල්ලියා නම් එකකු අත්පත් වනා හ. මෙකී පිල්+ලියා නම් තුමූ ඉන්නා පිලෙක් වේදැ ඒ පලා මිටෙක් ලියන්නාක් සේ සී සී කඩැ විසිරවිය හැකි බල ඇත්තෙක් වනා හ. ඉදින් ලූලා නොමැති වළැ කණයා පණ්ඩිත වන්නා සේ කරුණු අම්මනයාගේ බල දැරූ මේ පිල්ලියා කලෙකැ අවසනැ එකී උදාගිරි ප‍්‍රාන්තයට මැ මහමැති ධුර ලබනටැ පවා තරම් පෙර කළැ කුසල් ඇත්තා හ.

අතීත කතාව

ඉදින් මහමැතිකම් කළ දැ කළකම් නම් පළ දේ යැ. මහත් බල මහානිශංශවැ සිටියේ වී වදැ යුදය හමාර වීමෙන් මඳ කලෙක් ගත වෙත් මැ මෙකී කරුණු අම්මනයා පවා කිසිවකුටැ වගේ වගක් නැතිවැ යනා හ. හස්ත පක්ෂයෙහි උප නා පදවියෙක් දැරුයේ වී වදැ උහු ගණනකටැ ගන්නා එකක්හු නොමැති හෙයින් කරුණු අම්මනයා සම්භාෂණයෙක් සම්භාෂණයෙක් පාසා ගොස් ගැයිමෙන් වැයිමෙන් රජසබ මැත්තන් පිනවනා එකක්හු ගණනටැ වැටෙනා හ. එසේ වීයේ කළැ පිල්ලියා ගැන අසනු කිම? මහමැති පදවියටදැ අස්වාමික වැ ගියේ කිසිවකු පිල්ලියා පිළිබඳවැ සඳහනෙක් පමණ හෝ නොකෙරෙනා සමයෙක් එළඹෙනා හ. මේ අතුරෙහි පරිසියා සිහසුනෙන් නෙරැපී මෙත්පලයාණෝ රාජත්වයටැ පත් වනා හ.

එකල්හි පරිසියාණන් කලැ වැලිගම්පිටි යැවුණු බෝ උන් පිළිබඳවැ රාජපුරුෂයෝ ලවා යළි පිරික්සුම් කෙරෙනා හ. මේ පිරික්සුම් අතුරෙන් ජෝසප පරරාජසීහ නම් රජසබ මැත්තාගේ ඝාතනය යළි පිටතටැ වන් කල්හි කොණෙකින් පිල්ලියා දැ එහි පැටැලෙනා හ. ඒ සැණින් රාජපුරුෂයෝ පැමිණැ පිල්ලියා අත්අඩංගුවටැ ගන්නා හ.

වත්මන් කතාව

පෙර කල පුරන ලද්දා වූ යුද පාරමිතා කෙසේ වීයේ වද තනිවැ අත්අඩංගුයෙහි හසු වූ පසුවැ දියෙන් ගොඩැ ගත් මසෙකු සේ බියෙන් සැලෙන්නේ පිල්ලියා තුමූ දන්නා කලෙක පටන් දෑ වමාරන්නේ යැ. වැලිදු වැඩිමනත් දෑ බෙනෙන්නේ ”පරිසියා නම් මෙත්පලයා කෙරෙහි සතුරු වැ සිටියේ අද ඊයේ කැ පටන් නොවෙනා හ. බෝ කලෙකටැ පෙර දැ පරිසියෝ මෙත්පලයාණන් ස්වර්ගස්ථ කෙරෙනු උදෙසා මා හා සතර කන් මන්ත‍්‍රණ කරන ලද්දා හ. පුලතිසි පුරෙහි හෝ අප උදාගිරි පෙදෙසෙහි ඌ වැලිගම්පිටි යැවුමටැ කී කලෙහි මා හසුවනා හෙයින් මම් ඒ පිළිකෙව් කෙළෙමි. කෝලම්භ පුරයෙහි දී වැලිගම්පිටි යැවී නම් පරිසියා හසුවනා හෙයින් ඒ දැ පිළිකෙව් කෙළෙම්. වැලිදු බෝරලස්සගොමු පෙදෙසෙහි දී අප විසින් ජීවම් කරන ලදැ පිල්ලියක් මතුරා එවූ මුත් ඒ ව්‍යර්ථවැ ගියැ නියා යැ”යි හෙළි කෙරෙනා හ.

මෙසේ පසෙකින් පිල්ලියා නාඩගමැ නැටවෙද්දී තවත් පසෙකින් මෙත්පලයාණන් ටැ පරිසියාගේ මැ පරිද්දෙන් උඩු රැුවුලූ මැවී එනාහ. හුදෙක් මෙත්පල් බැතිමතුන්ටැ ඒ නොපෙනී ගියේවදැ සිහි ඇති අනෙකුන්ටැ වැවීගෙනැ එනා උඩු රැවුලූ පෙනෙනා යැ. විකුම්සිහයා ඇතුළු දෑහිත රජසබය ජිනීව නාඩගමැ නටද්දී කහවණුවෙහි ලෝ මිල පහත වැටෙනා යැ. අහෝ ඛේදයෙකි! මෙසේ සසිරිබර එසිරිලක නාඩගම් මඩුවෙක් වෙත් දී පෙරමඟ සුබ ලකුණෙක් නම් දකිනු පවා හෝ කෙමෙක් නොවනා යැ.

- ඒකා යකා

Write comment (0 Comments)

රජ වාසලට හකුරු සැපයීමේ රාජකාරිය පැවරී තිබුණේ ‘අප්පුරාල’ නම් වෙළෙන්දාටය. මිහිරි රසයෙන් හා සුදු පැහැයෙන් යුතු හකුරු දැකීමෙන් විමතියට පත් රජු අප්පුරාල ගෙන්වා මේ හකුරු මෙච්චර සුදු පාට මොකදැයි විචාළේය. ‘දේවයන් වහන්ස, කිතුල මුලට පාවඩ ඇතිරිල්ලකි. තෙලිදිය මුට්ටිය ගෙනෙන්නේ සුදු රෙදි කඩක ඔතාය. උඩට උඩුවියන්ය. වටේ කඩතිර ඇදලාය. පයට පාවඩය. කටට මුඛවාඩම්ය. මේ තෙලිදිය සත්වරක් පෙරන්නේය. සඳුන් දර, කුරුඳු, අංකෙන්ද, කැප්පිටියා දහනයෙන් ධවල සකුරු නිමවන්නේය.’

අප්පුරාලගේ කතාව ඇසූ රජුට මේ සුදු හකුරු කර්මාන්තය දැක බලා ගන්නට ඕනෑ වුණේය. කලින් දැනුම් දීමකින් තොරවම ඔහු එහි ගියේය. රජු දුටුවේ දැලි පෙරාගෙන, වැරහැලි ඇඳගෙන සියගතම දහඩියෙන් තෙත් වූ අප්පුරාල හකුරු වක්කරන සැටිය. ධවල උඩුවියන් තබා සුදු රෙදිකඩක් පේන මානයකවත් තිබුණේ නැත. රජු අප්පුරාලගෙන් උඩුවියන් හා වටතිර කොහේදැයි විචාළේය.

‘දෙයියෝ බුදුවෙන්ඩ...! කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි... දේවයන් වහන්ස’ යැයි අප්පුරාල පිළිවදන් දුන්නේය. තමන්ගේ හකුරු නිෂ්පාදන ව්‍යාපෘතිය වෙනුවෙන් අප්පුරාල බොරු කීවේ රජුටය. මේ නිසා කියන දෙයට හාත්පසින්ම වෙනස් දේ ක‍්‍රියාවට නගද්දී ‘කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි’ යන කියමන ජනප‍්‍රවාදයට මුසු වූයේය. රජුගේ කල් ක‍්‍රියාවත් අප්පුරාලගේ හකුරු ව්‍යාපෘතියේ ප‍්‍රචාරක වැඬේ වගේ නිසා අප්පුරාලට දඬුවම් කිරීමට රජුට නොහැකි විය.

අප්පුරාලට වගකීම් විරහිත ප‍්‍රකාශ කරන්නට හැකි වුණත් රජුට හෝ රටක රාජ්‍ය නායකයකුට එලෙස හැසිරෙන්නට සදාචාරාත්මක අයිතියක් නැත. තවත් පැහැදිලිව කිවහොත් රටකට නායකත්වය දෙන රාජ්‍ය නායකයාගේ ක‍්‍රියා පිළිවෙත අප්පුරාලගේ හකුරු ව්‍යාපෘතිය වාගේ වන්නට බැරිය. ‘දේශපාලනඥයන්ගේ බලපුළුවන්කාරකම් මත පරිසරය විනාශ කරනවා. වැලි, පස්, මැණික් කර්මාන්ත අද පරිසරය වනසන ජාවාරම් ව්‍යාපාර බවට පත් වී තිබෙනවා. මේ නිසා මම ඉදිරි වසර කිහිපයේ විධායක බලතල යොදවා පරිසරය රකින්නට ක‍්‍රියා කරනවා. මින් පස්සේ මම මගේ විධායක බලතල යොදවන්නේ පරිසරය ආරක්ෂා කරන්න.’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීවේ සැප්තැම්බර් මස 16 වන දින රත්මලාන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ දී පැවැති ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. රාජ්‍ය නායකයා ලෙසත් පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ විෂයභාර අමාත්‍යවරයා ලෙසත් ඔහුගේ මේ ප‍්‍රකාශය ප‍්‍රශංසාසහගතය. බලාපොරොත්තු දල්වනසුලූය. මේ නිසා ‘දැන් ඉතිං මොනවා නැතත් රටේ මහ පොළොවවත් ආරක්ෂා වේවි’ යැයි ගම්මු කියන්නට පටන් ගත්හ.

එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මේ ප‍්‍රකාශයට දින 13කට පෙර එනම් 2015 සැප්තැම්බර් 03 වන දින අපේ රටේ මැණික් සම්පත ගරාගැනීම සඳහා ජාත්‍යන්තර සමාගම්වලට බලපත‍්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබුණේය. පුදුමසහගත කාරණය නම් පරිසර අමාත්‍යාංශයට අයත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම බලපත‍්‍ර ලබා දීමට කටයුතු කරනු ලැබ තිබීමය. පරිසර අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු මෙහෙයවීම මතය. මැණික් කැණීම සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇත්තේ ද එසේ මෙසේ සමාගමකට නොවේ. ජාත්‍යන්තර ජාවාරම්කාර සමාගමකටය. SUPREME GLOBAL HOLDINGS නම් සමාගම ආසියානු කලාපයේත් අප‍්‍රිකානු කලාපයේත් ඛනිජ වැලි, දියමන්ති, රත‍්‍රං, ග‍්‍රැපටයිට්, ගල් අඟුරු කැණිම් කරන - ප‍්‍රවාහනය කරන සහ වෙළෙඳාම කරන අතිදැවැන්ත වත්කම් සහිත සමාගමකි. ගුවන් සහ නාවික ප‍්‍රවාහන පහසුකම් සහිත මෙම සමාගම දැනට රටවල් හයක මහ පොළොව කොල්ලකෑමේ ජාවාරම්වල නිරත වී සිටින්නේය.

SUPREME GLOBAL HOLDINGS සමාගම ලංකාවේ ඛනිජ සම්පත්වලට ඉව ඇල්ලූවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය. එහෙත් මේ සමාගමට මැණික් පතල් කැණීම සඳහා ඉඩම් ලබා දීමක් සිදු කෙරෙන්නේ 2015 සැප්තැම්බර් මස 03 වන දිනය. SUPREME GLOBAL සමාගමේ ප‍්‍රධාන ශාඛාව පිහිටා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. යූරියා, ගල් අඟුරු, පෙට්ට්‍රෝලියම්, යකඩ සහ ඉල්මනයිට් ආනයනය අපනයනය නාවික ප‍්‍රවාහනය මේ සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යයන්ය.

කොංගෝ රාජ්‍යය, මුරිතානියාව, කෙන්යාව හා උගන්ඩාව යන රටවල් සමාගමේ ප‍්‍රධාන පෙළේ ගොදුරු බිම්ය. එහි නවතම ගොදුර ශ‍්‍රී ලංකාවය. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඔහුගේ බාල පුත‍්‍රයා නොහොත් රෝහිත රාජපක්ෂ ගගනගාමියකු කරන්නට සුප‍්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව ගුවන්ගත කරන්නට ප‍්‍රධාන මෙහෙයුම් කාර්යයක් ඉටු කරනු ලැබුවේ SUPREME GLOBAL HOLDINGS සමාගම විසිනි. ලංකාවේ ඛනිජ කොල්ලයට ඇයි හොඳැයිකම් පටන් ගන්නට ඇත්තේ ඒ කාලයේය. මේ සමාගම ඛනිජ ජාවාරම සඳහා ආසියානු කලාපයෙන් තෝරාගෙන ඇති එකම රට වන්නේ ද ශ‍්‍රී ලංකාවය.

SUPREME GLOBAL HOLDINGS සමාගම ශ‍්‍රී ලංකාවේ මැණික් ඉඩම් මිලදී ගැනීම සඳහා ඊට අනුබද්ධ තවත් සමාගමක් පිහිටුවා තිබෙන්නේය. රත්නායක සන්ස් ඇන්ඞ් ප‍්‍රයිවට් ලිමිටඞ් යනු එම අනුබද්ධ සමාගමයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බලපත‍්‍ර අංක 26291 සහ ලිපි ගොනු අංක EH 11396 A යටතේ ඇහැළියගොඩ එල්ලාවල ‘ගඟගාව වත්ත’ නමැති අක්කර හතරක භූමිය පතල් කැණීම සඳහා ලබා දී ඇත්තේ සුප‍්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් (SUPREME GLOBAL HOLDINGS) නම් සමාගමටය. ඊට අනුබද්ධ රත්නායක සන්ස් ඇන්ඞ් ප‍්‍රයිවට් ලිමිටඞ් නම් සමාගමට 28551, 28552, 28553 යන අංක යටතේ බලපත‍්‍ර තුනක් නිකුත් කර ඇත්තේය.

ලිපි ගොනු අංක RT 86936A,RT 86937A, RT 86938A යටතේ මෙම ඉඩම් ලබා දී ඇත්තේ මැණික් පතල් සඳහාම ප‍්‍රසිද්ධියක් උසුලන රත්නපුර පැරඩයිස් වත්තෙනි. මීට අමතරව ‘සුප‍්‍රීම් රිසෝස් ලංකා සමාගම ශ‍්‍රී ලංකාවේ වෙරළ ආශ‍්‍රිත ග‍්‍රැපටයිට්, සිලිකා ඇතුළු ඛනිජ ද්‍රව්‍ය කැණීම සහ ඉවත් කර ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙන්නේය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා රත්නපුරය, කහවත්ත, පැල්මඬුල්ල, ඇහැළියගොඩ යන ප‍්‍රදේශවල මැණික් කැණීම සඳහා තවත් බලපත‍්‍ර පහක් ඉල්ලා ලිපි ගොනු ඉදිරිපත් කර ඇත්තේය.

මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට සහ මැණික් පතල් කර්මාන්තයේ නිරත වන ජනතාවට අයත් ඉඩම් විදේශීය සමාගම්වලට පවරා දීම සඳහා අධිකාරියේ ඉහළ නිලධාරීන් තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ පරිසර ඇමැතිවරයාගේ දැනුවත් භාවයක් සහිතවද යන්න බරපතළ ගැටලූවකි.

මේ මැණික් ඉඩම් විදේශීය සමාගම්වලට පවරා දීමට එරෙහි වූ අධ්‍යක්ෂ එන්.පී. සමරතුංග සහ එච්.පී. කරුණාතිලක යන මහත්වරුන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ කනිෂ්ක අබේනායක කැණීම් ඉංජිනේරු පී. අමරසිරි සහ අධ්‍යක්ෂ ඞී. තිලක් කුලනන්ද යන මහත්වරු අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන ඇතුළු නීති නිලධාරීන් සමඟ එක්ව විදේශීය සමාගම්වලට මැණික් පතල් කැණීම සඳහා බලපත‍්‍ර නිකුත් කළෝය. පතල් හිමියන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් සිය විරෝධය ප‍්‍රකාශ කර සිටියේය. මේ ඉඩම් කොල්ලය සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කළේය. එහෙත් ජනාධිපතිවරයා වෙත යවන ලිපි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු නොකර සිටින නිලධාරීන් ජනාධිපති මන්දිරයේ සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයෝ කියා සිටිති. මේ නම් ඉතා බරපතළ තත්ත්වයකි. කලින් හිටි ජනාධිපති උතුමාටත් මෙවැනි අකරතැබ්බ සිදු වී තිබූ බව නම් පැහැදිලිය.

එතුමා කීවේ මම මේ රටේ තාවකාලික භාරකාරයා මිස අයිතිකාරයා නොවේ කියාය. එසේ කියමින් උන්නැහේ ඊට හාත්පසින්ම වෙනස් දේ කළේය. ‘පරිසරය රැකීම මගේ ඉදිරි වසර හතරේ ප‍්‍රධාන වගකීමයි, මගේ විධායක බලතල යොදවන්නේ පරිසරය රැකීමටයි’ යනුවෙන් කියා සිටි මෙතුමා රටේ ජනතාවට අයිති ඉඩම් ලෝ පතල ජාවාරම්කාරයන්ට සිය අමාත්‍යාංශය හරහාම ලබා දෙන්නේය. දැන් ඉතිං ජනාධිපතිගේ කතා අප්පුරාලගේ හකුරු ව්‍යාපෘතිය වාගේය. කියනකොට එහෙමය... කරනකොට මෙහෙමය...!

දයා නෙත්තසිංහ

Write comment (0 Comments)

එක්තරා වනයක බඩගින්නෙන් පීඩිත වූ සිවලකු සිටියේය. කුස පුරවා ගැනීම සඳහා ඔබමොබ සැරිසරන මේ සිවලාට මහ වනය මැද දී අපූරු ගොදුරක් හමු විය. සුළං පහරට අතුපතර වැදීමෙන් වරින් වර මිහිරි නාදයක් නිකුත් වූ මේ භාණ්ඩය නම් මස් - මේද - තෙල් හා ලෙයින් පිරුණු භාජනයකැයි සිවලා මහත් බලාපොරොත්තු ඇතිකර ගත්තේය.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකාව තමන්ගේ ඉතිහාසයේ අලූත් පරිච්ජේදයකට අවැසි කරුණු කාරණා සොයමින් සිටී. පැරැණි පරිච්ජේද බොහොමයක් ලියැවී ඇත්තේ අඳුරු පැහැ පිටුවලය.

Read more ...
Write comment (0 Comments)

වික්ටෝරියා රැජිනගේ වැඩිමහල් පුත් ඇල්බට් එඩ්වඩ් ‘රාජකීය වෙල්ස් කුමාරයා’ ලෙස ඉගෙන ගන්නා කාලයේ නිතර නිතර සිය මවගෙන් මුදල් ඉල්ලා එවන සිරිතක් පැවතියේය. ඒ සෑම විටකම රැජින සිය පුත‍්‍රයාට සුළු මුදලක් බැගින් යැව්වේය.

Read more ...
Write comment (0 Comments)

එකල් හි සසිරිබර එසිරිලක සුපුරුදු සෙයින් මැ තවත් එක භීම සමයෙක් උදා වනේ යැ. තැනින් තැන ළදරුවන් දූෂ්‍ය කොට ඝාතනය කෙරෙනා යැ. තව තැනෙක ගැහැනියක් ඝාතනය කෙරෙනා යැ. මැදි වැද්දන්දැ මැදට පැන උණු උණු පුවත් මළ මිනී බුදිනා පරිද්දෙන් මැ සේයා රූ ද සමඟ පළ කෙරෙනා යැ. ඉදින් ළදරුවන් ඇති මව්පියෝ බෝ සෙයින් කම්පා වනා අතර මැ බියෙන් ඇළලී යනා හ. රට මැ යම් කැළැඹීමෙක තිබියෙ දී රාජපුරුෂයෝ එක එක දනා සැක කෙරෙමින් විප‍්‍රකාරයෙක් කෙරෙනා අතර දිනක් දිනක් පාසා අසවල් මිනීමැරුමට අසවලූන් සැකැයැ. මීට මුන් සැකයැ. නැතැ, නැතැ ඌ නොදොස් යැ. මූ සැකැයැ යනාදී වෙසෙන් රහමෙරින් මත් වූ කලෙක මෙන් නොයෙක් නොයෙක් දෑ පවසනා යැ.

මේ අතර රණජන නම් පැරැණි නළුවෙක් මෙවර රජසබෙහි ඇමැත්තෙක් වැ හිඳුණේ මේ
දැ යමෙකැයි කල්පනායෙහි පසුවන්නේ යැ.

මෙකී රණජනයා මුල් කල කෙසඟ සිරුරෙක් දැ බොකුටු හිසකෙයක් දැ හිමි නළුවකු වැ සිටියේ නොයේක විධ වූ සිතුවම් පටයන්හි නිළියන් හා පුෂ්පෝද්‍යානයන්හි නටමින් ගයමින් කෙළිලොල් චරිත මැ රඟනා හ. ඉඳහිට විරු චරිත දැ විකට චරිත දැ රඟනා හ. ඉදින් වයස් දැ ගතවනා අතරතුර එකල්හි ලෝ නළු පවණතාවන් අනුව යමින් අමරික්ඛ දේශයෙහි ගොස් ස්වකීය කාය වර්ධනය කෙරුම් හෙවත් සිරුරු මස් පිඬු වැඩුම් කරනා යැ. ඉදින් බටහිරි යමෙක් එසිරිලක එනා කල බෝවිට වනැ පරිද්දෙන් මැ රණජනයාගේ සිරුරු වැඩුම දැ අමරික්ඛ දේශයේ නළුවන් මෙන් නොව හුදු එල්ලා වැටෙන මසින් හෙබි මාංශ පර්වතයෙක් සේ දිස්වනාහ. එනමුදු එසිරිලක එවකට එවන් හෝ නළුවන් නොමැති වීයේ හෙයින් උහු බෝ සෙයින් පරසිදු වනා හ.

මෙකී රණජනයා පසු කලෙක තුමූ මැ සිතුවම් පට තනන්නේ දෙස්පළුවන් බෝ සෙයින් ප‍්‍රශ්න කෙරෙමින් ස්වකීය සිතුවම් පට හරහා මැ තුමූමැ වීර චරිතයින් මවනා හ. වරෙක ඒක ප‍්‍රහාරක නම් චරිතයෙක් දැ වරෙක රණජා නම් චරිතයෙක් දැ රඟමින් සිතුවම් පටයෙන් සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනා හ. මඳ කලෙකින් මැ උහු මැ කී අපවිත‍්‍ර දෙස්පළුයෙහි උහු මැ නිරත වනා හ.

ඉදින් දෙස්පළුයෙහි පැමිණියේ වී ව ද ස්වකීය ළාමක වූ නළු ගතීන් අත් හැරගත නොහැක්කේ උහු වරෙක ”එම්බා ජනයෙනි, ඒක ප‍්‍රහාරක නම් මම් වෙමි. මාගේ බාහු බලයෙන් සියලූ සොරුන් මැඬලමි. වරෙව!!”යි සීහ නාද කෙරෙන්නේ සොරු ඇල්ලූම් පිණිස තැන් තැන් හි කඩා පනිමින් මහත් විප‍්‍රකාර කෙරෙනා හ. ලිපි ගොනු රැගෙන එතැන මෙතැන දුවනා හ. එසේ වතු දු මේ දැ හුදෙක් රංගනයෙක් පමණෙක් බැව් සිහි ඇත්තෝ දන්නා හ.

මෙසේ පෙරකී භීම සමය උදා වූ කල බොහෝ දනෝ බියෙන් මුසපත් වැ මීට එක් මැ විසඳුම් නම් පෝරකය බවත් මරධෑය දණ්ඩනය පැනැවීමෙන් මෙපිට විකල්පයෙක් නොමැති බවත් තැන් තැන්හි පවසනා හ. මේ අදහස බොහෝ පරසිදු වනාහ. ඉදින් නළුවෝ නම් පරසිදු බැව් මැ සොයන්නෝ හෙයින් රණජනයා දැ මෙකී පාඨය සියතට ගන්නේ ”වරෙව, මරණ දඬුවම් යළි පමුණුවමි. රජසබයෙහි සියල්ලන් මේ වෙනුයෙන් එක් කෙරෙමියි” පවසා එකෙල මෙකෙල දුවනා හ. අවසන රූ රැජින අපේක්ෂිකාවක් හා එක්වැ මරණ දඬුවම් වෙනුයෙන් යෝජනා රජසබය ටැ ගෙනෙනා හ.

ඉදින් ලෝ සම්ප‍්‍රදායන් අනුවැ යමින් යකුන් වූ අප පවා මරණීය දණ්ඩනය පිළිකෙව් කෙරෙනා අවධියක රණජනයා මරණ වධය වෙනුයෙන් රජසබයෙහි හඬ නඟා රජසබය මැ ලෝකාපවාදයට පාත‍්‍ර කෙරෙනා හ. සගයෙනි, නළුවන් නිළියන් රජසබගත වීම පැනයෙක් නොවුවද උහු නොකඩවා මැ රංගනය එහිදැ කෙරේ නම් මෙකී රණජනයා පවත් පරිද්දෙන් රටෙක් ලෙසමැ ලෝකාපවාදයට නතුවන්නටැ සිදුවනා බැව් දත යුතු.

Write comment (0 Comments)

ඉදින් මහවැසි නොතකාමැ යකු සිය සුපුරුදු වීථි සංචාරයෙහි යෙදෙන්නේ මහමඟ වැදැ දිය කෙළිනා මත්ස්‍ය දඩයමෙහි යෙදෙනා සුවහසක් දනන් අතර මිතුරු යකකු දැකැ උහු අසලට ඇදෙනා හ. මිතුරු යකු පිළිසඳර අරඹනේ,

Read more ...
Write comment (0 Comments)

කිසියම් සේවකයෙක් ‘පින්වත් මහරජ සැරදේවා’යි රජුට ආශිංසනය කරන්නේ ද රජු හට ස්තුති ප‍්‍රසංශා මුඛයෙන් කතා කරන්නේ ද රජු කෙරෙහි සැක පහළ නොකොට නියෝග ඉෂ්ට කරන්නේ ද හෙතෙම රාජ වල්ලභ වන්නේය.

Read more ...
Write comment (0 Comments)