සිහිල් සුළං රැල්ලේ
සුළඟ පිළිබඳව ඔවුන්ට දැඩි විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තිබේ. එමෙන්ම සැකයක් හා අවිශ්වාසයක් ද තිබේ. සිය ජීවිකාවේ දී සුළඟ අතිශය මිත්‍රශීලී ලෙස සලකනු ලැබුවත් තමන් කෙරේ මහත් බලාපොරොත්තු තබා සිටින මේ කුරා කුහුඹු මිනිසුන්ට ද්‍රෝහි වූ අවස්ථා ඔවුන්ගේ ඉතිහාසය තුළ නැතුවා නොවේ.