වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගැනීමට පොලීසිය දරන ලද උත්සාහයක් පසුගිය 20 වැනිදා අසාර්ථක විය. සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ රයන් ජයලත්ව පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි.

Read more ...
Write comment (0 Comments)

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා නොකළ යුතු www.iVoice.lk වෙබ් වේදිකාව නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයට එක්වෙමින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත් ආණ්ඩුව බලයට පත්වන කාලයේ තිබූ උනන්දුව වෙනුවට දැන් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය අහෝසි කරන තැනට වැඩ හැදී අවසන් ය. එහෙත් වින්දිතයන්ට බලාපොරොත්තු අත්හළ හැකිද?

Read more ...
Write comment (0 Comments)

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට දකින්නට ලැබෙන සාමාන්‍ය ඝාතනයක් හෝ ස්ත්‍රී දූෂණයක් නොවන බව එම ඝාතනය පිළිබඳ නඩු විභාගයෙන් පෙනී යයි. එම අපයෝජනය සහ ඝාතනය වීඩියෝගත කර විදෙස් රටකට විකුණා මුදල් උපයන වැඩපිළිවෙළක් අදාළ ක්‍රියාවලිය යට තිබී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. සාමාන්‍යයෙන් මෙබඳු දර්ශන මෙතෙක් අඩංගු වූවේ එබඳු චිත්‍රපට රූපගත කිරීම් සඳහා පෙනී සිටින නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ක්‍රියාවලියක් ලෙස පමණි. එහෙත් ඒ තත්ත්වය පසුකර මෙම විෂයේ දී ලෝකය අතිශයින්ම බරපතළ සහ ම්ලේච්ඡ අවධියකට ගමන් කර ඇති බව විද්‍යාගේ සිද්ධියෙන් පැහැදිලි වේ. ස්ත්‍රීන් හෝ දැරියන් දූෂණය කර අනතුරුව ඝාතනය කිරීම රූගත කර අලෙවි කරන ව්‍යාපාරයක් ලෝකයේ වර්ධනය වීම මෙන්ම ලංකාවත් ඊට ගොදුරු වෙමින් තිබීම ඉතා බිහිසුණු තත්ත්වයකි.

Read more ...
Write comment (0 Comments)

ලෝකය සෑදී ඇත්තේ අම්මාගේ කිරිවලින් කියන්නේ බොරුවකි. එහෙම නම් ඒ අම්මලාට මේ විදියට උසාවි ගානේ රස්තියාදු වෙන්නට සිද්ධ වන්නේ නැත. ඒ අම්මලාට තමන් කිරි දී හැදූ දරුවන් ගෙදර එනතෙක් හූල්ලන්නට සිද්ධ වන්නේ නැත. අඩු තරමේ මැරූ බව දැන දැනත්, ඒ මිනීවලට අවසන් ගෞරව දක්වන්නටවත් නොහැකිව අඬන්නට සිද්ධ වන්නේ නැත.

Read more ...
Write comment (0 Comments)

මානව හිමිකම් නඩු සඳහා පෙනී සිටින නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාපක්ෂගේ සහ සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ තර්ජන හමුවේ රට ඇතහැර ගොස් ඇත.

පසුගිය ජුනි 14 වෙනිදා දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩ සටහනට එක්වෙමින් 2015 ජනවාරි 08 න් පසු රටේ ක්‍රිස්තියානි සිද්ධස්ථානවලට එරෙහිව පහරදීම් හා අඩන්තේට්ටම් කිරීම් 195 සිදුවී ඇති බවට ඩයස් කළ ප්‍රකාශය ඊට ආසන්නම හේතුව විය.

Read more ...
Write comment (0 Comments)

දෛනික ජීවිතයේ අධික ඒකාකාරිත්වයෙන් පළායාම සඳහා ඔබ නැගෙනහිර වෙරළේ සුන්දර තැනක පිහිටා ඇති ‘මාළු මාළු’ නිවාඩු නිකේතනයට ගොස් එහි පළමු රාත්‍රිය මධුවිත සහිතව ගත කරා යැයි උපකල්පනය කරන්න! පසුදා හිමිදිරියේ ඔබව අවධි කරන බට්ලර්වරයා ඔබට මෙසේ කියයි. ‘සුබ උදෑසනක් සර්! කොහොමද ඊයේ රාත්‍රිය...”

Read more ...
Write comment (0 Comments)

දිනය 2017 ජුනි 27 වනදාය. 2017 ජුනි 26 වනදාට යෙදී තිබූණු වධහිංසාවට ලක් වූවන්ට සහය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර  දිනය නිමිත්තෙන් Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ සමුළුව කොළඹ ඔලිම්පික් ශ්‍රවණාගාරයේ පැවැත්වුණි. ඒ සඳහා වදහිංසාවට ලක් වූවන් සහ ඔවුන්ගේ ඥාතීහු, හිතවත්හු සහභාගී සිටියහ.

Read more ...
Write comment (0 Comments)

ආණ්ඩුව යන්නේ කොහේද යන්න සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ඊළඟට ආණ්ඩුවේ ආයුෂ කොච්චරද යන්න සම්බන්ධයෙන් ජනතාව හිතන්නට පටන් ගත්තේය. කේජු කෑල්ල කටට වැටෙනකම් බලන් ඉන්න නරි රැළ ඒ ජනතාවට විස පොවන්නට පටන් ගත්හ. ගලගොඩඅත්තේ ඥානසාරලා හරහා කළේත් ඒක ය. කොළඹ ගොඩගැහෙන සහ ගොඩගහන කුණු හරහා කරන්නට හදන්නේත් ඒක ය. සයිටම් හරහා කළේත්, කරන්නට හදන්නේත් ඒක ය.

Read more ...
Write comment (0 Comments)