ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. යහපාලන රජයෙහි පදනම් යෝජනාවක් හා අරමුණක් වූයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. ඒ සඳහා ඔවුන් පළමු පැයේදීම පියවර ගත් නමුත් එම ක්‍රියාවලිය වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව දිවෙන්නේ විකලාංග ක්‍රියාවලියක් පරිද්දෙනි. විටින් විට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථාවට අන්තර්ගත කළ යුතු යැයි කියන කාරණා, සංයුක්තව ඉදිරිපත් නොකිරීම ද ඒ ගැන විධිමත් සංවාදයකට බාධා පමුණුවයි. මෙසේ ව්‍යවස්ථාවේ අංග ගැන අවිධිමත් ලෙස සාකච්ඡා කරමින් තව වසර ගණනාවක් නිරර්ථකව කාලය ගත කරනවා ද නැතහොත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වසර දෙකක දී හෝ තුනක දී මුළුමනින් අවසන් කරනවාද යන අභියෝගය රටට අභිමුඛව තිබේ.
රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ !
මේකට සංවිධානයක් කියා නමක් තිබ්බේ විහිළුවට වගේ ය. ඇත්තටම ගත්තොත් මේක රටක් ය. රටක් කරවන අතක් ය. අතක් වට කොට ඇති රෙදි පටක් ය. එහෙම කියාගෙන කියාගෙන යනකොට මතක් වෙන්නේ මෙහෙම එකක් ය.
‘ඒවං මේ සුතං ඒකං සමයං ඥාන’
රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක
කැබිනට් සංශෝධන යටතේ තනතුරු වෙනස් වූ ඇමැතිවරුන්ට පැවරෙන ආයතන හා කාර්යයන් මේ වන විට ගැසට් කර තිබේ. ඇමැති ධුරවලට පත් කළ යුත්තේ තාර්කික පදනමකින් වන අතර ආයතන ගැසට් කිරීමේ දී ද ඒ ඒ විෂය පථයන්ට අදාළ තර්කයක් මත ආයතන ගැසට් කළ යුතුය. මෙරට ඇමැති ධුරවලට පත් කෙරෙන්නේ තාර්කික පදනමකින්ද? ප්‍රමුඛතම මට්ටමේ ඇමැති ධුරවලට පත්කිරීමේ දී ආණ්ඩුව යම් තර්කයක පිහිටා ක්‍රියා කර තිබෙන බව පෙනේ. එහෙත් ආයතන ගැසට් කිරීමේ දී එම තත්ත්වයම දක්නට ලැබෙනවා ද යන්න ගැටලුසහගතය.
තේ කෝප්පයට සීනි කිලෝ එකක් !
ලෝක වෙළඳ පොළේ සීනි මිල සීඝ්රයෙන් අඩු වී ඇති බැවින් එහි වාසිය දේශීය සීනි කර්මාන්ත කරුවන්ට සැලසීමට හැකි වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.13/- සිට රු. 23/- දක්වා වැඩි කළ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත.
මනෝ චිකිත්සකයන් හොයා ගත් ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ලෙඬේ සහ අපේ ගැසට් ලෙඬේ
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩ කරන ආකාරයට ඔහුට මානසික රෝග දෙකක් ඇති බව හෙළි වී තිබේ. එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකදී ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සකයන් පිරිසක් ^Psychiatry Experts& මේ බව අවධාරණය කර ඇත. ට්‍රම්ප් වැඩ කරන ආකාරයත්, අපේ රටේ සිටින ට්‍රම්ප්ලා වැඩ කරන ආකාරයත් දෙයාකාර නොවන නිසා ඒ ඇත්තන්ට ද මේ ජාතියේ මානසික රෝග තිබිය හැකිය.
‘නියමුවා’ පටන්ගත්තේ ලෙනින් හාමුදුරුවෝ දුන් සල්ලිවලින් - 71ට පසු (6 කොටස)
ඔබ ජවිපෙ පුර්ණකාලීනයකු ලෙස කටයුතු කරන අතරම පක්ෂය සම්බන්ධව දැඩි විවේචනයක් තිබු බව සඳහන් කළා. අපි කැමතියි ඒ මොනවද කියලා දැන ගන්න?
ඇත්තටම මම විතරක් නෙවෙයි, ඒ වෙනකොට පක්ෂ අභ්‍යන්තරයේ විවේචන මතු වෙලා තිබුණා පක්ෂය යන ගමන ගැන. විශේෂයෙන්ම සංවිධාන ප්‍රතිපත්ති සම්බන්ධව. ඒ තුළ මට තිබුණ එක ප්‍රධාන විවේචනයක් තමයි පක්ෂයේ පහළ අදහස් ඉහළට නොයාම. ඒ වගේම පක්ෂ කේඩරයේ ඉහළින් ඉන්න අය පහළ ප්‍රශ්න සාකච්ඡා නොකිරීම. ඔය කාරණා දෙක ප්‍රබල විදිහට තිබුණා. හරිම කෘතිම විදිහට තමයි පක්ෂයේ ඉහළ තීන්දු පහළට ආවේ. එයාලා කියන්නෙ මොකක්ද, හරි වුණත් වැරැදි වුණත් පහළ කේඩරය එය කළ යුතු වුණා. දිස්ත්‍රික් හෝ ආසනවල ඇති ප්‍රශ්නවලට එයාලා ළඟ විසඳුම් තිබුණෙත් නෑ. වැඬේ අවුල් වගේ තේරෙනකොට, දිස්ත්‍රික් ලේකම්ටත් වැඬේ විසඳගන්න බැරි මට්ටමට ආවහම ඔන්න පක්ෂයේ ඉහළ කෙනෙක් එනවා ප්රශ්නය විසඳන්න කියලා.
ආපදා කළමනාකරණයේ සිට දුක් අඳෝනා කළමනාකරණය දක්වා මාරු වීම
නක්ෂත්රකරුවෝ තමන් ප්‍රකාශ කළ අකල් මරණ සම්බන්ධ අනාවැකි ගැන පුරසාරම් කීහ. බලයට පොර කන දේශපාලකයෝ බලයේ සිටින අයගේ අවාසනාව ගැන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළහ.
මිනී මැරුම් දෙකක් සහ තවත් මිනී මැරුමක්
මරනවා කියන එක ගැන අලුතෙන් හිතන්නට අවශ්‍ය වී තිබේ. පොලුවලින් ගසා, පිහිවලින් කපා මරනවා වෙනුවට දැන් වැඩිපුර සිද්ධ වෙන්නේ වක්‍ර ඝාතන ය. ඒවාත් ලයිෂන් ලත් තැන්වලින් සිදු කරන මිනීමැරුම් ය. මේවා ගැන මහාධිකරණවල නඩු විභාග වන්නේ නැත. ඒ මිනීමැරුම් කරන අයට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරෙන්නේ නැත. හදිසි කෝපය නිසා, ඇතැම් විට අතිශය මානුෂීය හේතු නිසා සිදු කරන මිනීමැරුම්වලට අදාළ චූදිතයන්ට මරණ දඬුවම නියම කළ ද ඒවා මාධ්‍යවල ලොකුවට පළ කළ ද මේ කියන මිනීමැරුම් ගැන එහෙම කතා කරන්නේ නැත. ඔවුහු තවදුරටත් ඒ රාජකාරිය ම කරති. මාධ්‍ය තවදුරටත් ඒ පාරේ ම යයි.
ඥානසාර මේ ආණ්ඩුවෙත් සුරතලෙක්ද?
අන්තවාදී භික්ෂු සංවිධානයක් වන බොදු බල සේනාවේ සුපුරුදු නාටකය නැවතත් රඟ දක්වනු පසුගිය සති කිහිපයේම නැවතත් දක්නට ලැබුණි. එහි ලේකම් ලෙස කටයුතු කරන ඥානසාර මෙහි දී දමිළ සහ මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරය අවුළුවමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබුණි. ඉන් දින කිහිපයකට පසු වාර්තා වූවේ ඥානසාර අත්අඩංගුවට ගැනීමට සූදානම්ව ඇති නමුත් හෙතෙම සැඟවී ඇති බවයි. එසේම හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ දී නඩු කටයුතු විභාග වෙමින් පැවතිය දී අධිකරණ ශාලාව තුළ කළහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින ඥානසාර දින ගණනාවක්ම අධිකරණයට වාර්තා කර නොමැත. එහි දී පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ඥානසාරව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවයි.