‘‘ඇත්ත ඝාතකයා පොල්පොට් ද..?’- ඇමති චම්පික රණවක

මතවාද

 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පලකළේ දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘සලූත් සා නොහොත් පොල්පොට් ශ‍්‍රී ලංකාවාසීන්ට අමුතු චරිතයක් නෙමෙයි. විශේෂයෙන්ම 1970-80 දශකයේ ඔහු ලංකාවේ ඉතා විශාල පිරිසක් දැන සිටි චරිතයක්. ඔහුට ආදරය කළ දේශපාලනය පසුපස ගිය කිසියම් වාමාංශික ජන කණ්ඩායමකුත් ශ‍්‍රී ලංකාවේ වාසය කළා. නමුත් ඔහු වඩාත් ප‍්‍රචලිත උනේ ඉතාමත්ම කෲර විදිහට තමන්ගේ ජනතාව ඝාතනය කළ, ප‍්‍රතිවිරුද්ධවාදීන් මර්ධනය කළ, ඒ වගේම සාගතයෙන් තමන්ගේ ජනතාව වැනසී යාමට ඉඩදුන් පුද්ගලයෙක් ලෙසයි. ඒ නිසා කිසියම් දේශපාලන ව්‍යාපාරයක් එවැනි වියරු ඒකාධිපතිත්වයකින් හැසිරෙන විට එයට පොල්පොට්වාදීන් යයි ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රවණතාවයකුත් ලංකාවේ මෙන්ම ලෝකයේත් ඇති වුණා.

පොල්පොට් හා සර්ත්සාර් 1975 අප්‍රෙල් මාසයේ සිට 1979 ජනවාරි මාසය දක්වා කාම්බෝජයේ බලගතු පාලනයක් ගෙන ගියා. ඔහුත් ඉයන්සාරීත් එක්ක කාම්බෝජය කෙමරූජ් නමින් වාමාංශික සමාජවාදී, කොමියුනිස්ට්වාදී පාලනයක් ගෙන ගියා. මේ පාලනය වකවානුවේ අඩුම තරමින් කාම්බෝජ වැසියන්  1/3 ක් පමණ වසංගතවලින්, සාගතවලින් මිය ගිය බව වාර්තා වෙනවා. අවසානයේදී වියට්නාමය යුදමය වශයෙන් මැදිහත් වෙලා පොල්පොට් පලවා හරිනු ලැබුවා. පොල්පොට් තායිලන්තයට පලා ගියා. ඉන්පසු විවිධ සටන් ඔහු තායිලන්ත දේශසීමාවේ සිට කරගෙන ගියා. අවසානයේ චීනය වියට්නාමයට ප‍්‍රහාරයක් එල්ල කළා එයට ප‍්‍රතිවිපායක් හැටියට.

ඔය ආකාරයට ඇදෙමින්, පැද්දෙමින් ගොස් 1993 දී කාම්බෝජයේ ඉරණම බේරා ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර උනා. කාම්බෝජයේ රාජවංශය නැවත පිහිටුවීමට නැවත උත්සාහයක් ගත්තා. රාජ වංශය හා දේශපාලන පක්ෂ අතර බලය බෙදා ගැනීමේ උත්සාහයක් ඇති වුණා. විවිධ උත්සාහවලින් පසුව දැන් කාම්බෝජය දශක දෙකකට අධික කාලයක් කුන්සෙන්ගේ පාලනයට නතු වී තිබෙනවා. කෙසේ වෙතත් 1997 දී පොල්පොට් මිය ගිය බව වාර්තා වෙනවා. ඔහු මිය ගියේ හෘදයාබාධයකින් කියා තමයි නිල නිවේදනවලින් කියවුණේ. නමුත් නොනිල නිවේදනවලින් කියවුණේ ඔහු තමන්ගේ බල ප‍්‍රදේශයේ ජීවත්වන අවස්ථාවේදී ඔහුව යුධ අධිකරණයක් ඉදිරියට ගෙනයාමේ උත්සාහයක ඇමරිකා එක්සත් ජනපදය නියැලූණු බවත්, ඔහුව යුධ අධිකරණයක් වෙත ගෙනයාම වැලැක්වීම සඳහා ඔහුගෙන් යම් යම් කරුණු හෙළිවීම වැලැක්වීම සඳහා ඔහුගේ සහායකයින් හා ඔහුට ඇතැම් අවස්ථාවල උදව් කළ විදේශීය හස්තයින් ඔහුට වැඩි මාත‍්‍රාවක් ඖෂධ ලබාදී ඔහුව ඝාතනය කළ බවට තමයි තවත් කතාවකින් කියැවෙන්නේ. කෙසේ වෙතත් ඔහු මිය යන විට 80 හැවිරිදි මහල්ලෙක්.

පොල්පොට් නොහොත් සලූත්සා කුමක්ද කාම්බෝජයට කළේ, පොල්පොට් සහ සලූත්සා නමින් හඳුන්වන මේ පුද්ගලයා, කාම්බෝජයේ විවිධ ජන කණ්ඩායම් සිටිනවා. විශේෂයෙන්ම චීන සම්භවයකට උචිත ඔහුගේ සා නමින් හඳුන්වන්නෙත්, ඔහු සුදු පැහැති පුද්ගලයෙකු වීමයි. ගොවි පසුබිමකින් ඇවිල්ලා විශේෂයෙන්ම ඔහුගේ සොහොයුරිය, ඔහුගේ ඥාති සහෝදරිය විශේෂයෙන්ම රජ වාසලට තිබූ සම්බන්ධය නිසා ඒ හරහා ප‍්‍රංශයට ඔහු ඉගෙන ගැනීමට ගියා. ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගැනීමයි ඔහුගේ පසුබිම උනේ. ඔහු දක්ෂ ඉංජිනේරු ශිෂ්‍යයෙක් උනේ නැතත් ඔහු දක්ෂ දේශපාලන ශිෂ්‍යයෙක් උනා. විශේෂයෙන්ම ප‍්‍රංශයේ පැරිස් කොමියුනය නමින් 1870 දී ඇති වූ පැරිසියේ සමාජවාදී පාලනයත්, සමාජවාදී ක‍්‍රමයත් ඒ වගේම ගොඩනැගි තිබූ සෝවියට් සංගමයේ බලපෑමත්,  ඉන්දු චීනයේ ව්‍යාප්ත වෙමින් ගිය වියට්කොන්වරුන්ගේ සටන සහ ඒ හා බැඳිච්ච සමාජවාදී අදහසුත් ඔහුට තදින් බලපෑවා. ඔහුත් හෝ චි මීන් ආදීනුත් සියළු දෙනාම පැරීසියේ ශිෂ්‍ය සටන්වලට, සමාජවාදී ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා පැරිස් කොමියුනය වැනි සමාජවාදී කොමියුනයක් තමන්ගේ රටවල පිහිටුවීමේ අධිෂ්ඨානයෙන් යුතුව මාක්ස්වාදී දේශපාලන පක්ෂ පිහිටුවා ගත් අය.

විශේෂයෙන්ම සලූත්සා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය සමග ආරම්භයේදී සබඳතා ඇති කර ගත්තා. 60 දශකයේදී ඔහු ප‍්‍රංශ හමුදාවලට එරෙහිව සටන් කිරීමටත්, ඒ වගේම ඒ වන ව්‍යාප්ත වෙමින් තිබූ ඇමරිකා එක්සත් ජනපද හමුදාව සමග සටන් කිරීටමත්, සිහනුක් රජුගේ රාජ්‍යත්වයට එරෙහිව සටන් කොට ජනරජයක් පිහිටුවීමට කටයුතු කිරීමත් සඳහා මේ සන්නද්ධ ක‍්‍රියාවලිය මුදා හැරියා. ඔහුගේ පාලනයට කීවේ කාම්බෝජයේ අතීත ජනතාවට තිබූ කෙමර් නමැති නමින්. ඔහුට කෙමරූජ්, එහෙම නැත්නම් කෙමරත්තෝ නමැති අදහසින් තමයි ඔහු කිව්වේ. ඔහු තම බලප‍්‍රදේශය බවට පත් කර ගත්තේ කාම්බෝජයේ උතුරු දෙසින් පවතින අංකෝවට් ප‍්‍රදේශයයි. මේ අංකෝ ඔහුගේ අගනගරය හැටියට ප‍්‍රකාශ කරගෙන මේ අගනගරයේ සිට රට පාලනය කිරීමේ ව්‍යාපාරයකුයි ඔහු ගෙන ගියේ. ඔහු 1975 අපේ‍්‍රල් මාසයේ කාම්බෝජයේ නොම්පෙන් නගරය අත්පත් කරගෙන ඔහුගේ පාලනයක් එහි පිහිටෙව්වා. රාජ්‍යත්වය අවසන් කොට කොමියුනිස්වාදීන්ගේ පාලනයක් පිහිටෙව්වා. ඔහුට අවශ්‍ය උනා සාමූහික කොමියුනිස්ට් පාලනයක් අත්හදා බලන්න. ඒ නිසා ඔහු නගරවලට වාසය කළ සියළුම දෙනාට ප‍්‍රකාශ කළා තමන්ගේ අත්වලින් මහන්සි වී තමන්ගේ හරිහම්බ කර ගැනීම් කර ගන්නා ලෙස. ඒ අනුව වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගොවියන් වීමට සිදු උනා. අති විශාල පිරිසක් මේ නගරවලින් ගමට ගෙනයාමේ කි‍්‍රයාවලියත්, ගමෙන් නගරයට පැමිණීමේ කි‍්‍රයාවලියත් හරහා අති විශාල පිරිසක් මිය ගියා, සාගතයෙන් වගේම වසංගත වලින්. මෙහි සියළුම ශාපය අද පැටවී තිබෙන්නේ සලූත්සා නොහොත් පොල්පොට්ටයි. නමුත් අදටත් කාම්බෝජයේත්, ඒ වගේම ලෝකයේ ඇතැම් ප‍්‍රදේශවල ඔහුගේ වාමාංශික ළදරු වලිප්පුව අනුගමනය කරන ඒ අනුව සමාජවාදය හා බෝල්ෂෙවික් විප්ලවයක් කි‍්‍රයාත්මක කිරීමට අදහස් කරන විශාල පිරිසක් ශ‍්‍රී ලංකාවේත්, තවත් රටවලත් ජීවත්වන බව ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම කිසියම් ආකාරයකට මේ සියලූ ඝාතන හා සාගතවල වගකීම සලූත්සාටම පවරන්න බැහැ. මොකද ඒ කාම්බෝජය විවිධ යුධ බලවතුන් යටතේ විශාල ඝාතන පීඩනවලට ලක්වූ රටක්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය නාපාලම් බෝම්බ හෙලීම නිසා විශාල පිරිසක් ඝාතනයට ලක් වූ කුඹුරු ඉඩම් ආදිය විශාල වශයෙන් විනාශ වී ගිය රටක්. මේ සාගත තත්වය වියට්නාමයෙත්, ඊට සමාන්තර කාලයක ලා ඕසයේත් ඇතැම් කාලවල බුරුමයේත්, ඒ වගේම චීනයේත්, ඉන්දියාවෙත් අපට දැක ගන්න ලැබුණා. විශේෂයෙන්ම ඉන්දියා නිදහස ලබාගත්තයින් පසු අතිවිශාල සාගතවලට මුහුණ දෙන්න 60 දශකයේදී ඉන්දියානුවන්ට සිදු උනා. ඇමරිකා එක්සත් ජනපදයේ පීඑල් 480 තිරිඟු ගිවිසුම යටතේ තිරිඟු  නොලැබෙන්න ඉන්දියාවේ අති විශාල පිරිසක් සාගතයෙන් මියයන්න නියමිතව තිබුණා. මේවාට ඉන්දීය නායකයින්ට වඩා  වගකිව යුත්තේ මේ රටවල් පාලනය කළ මේ රටවල් සූරාකෑමට ලක් කළ, මේ රටවල්වල ජනතාව ඝාතනය කළ පිරිස්. අපේ රටෙත් මෙවැනි තත්වයක් ඉංග‍්‍රීසීන්ගේ පාලන සමයේ අපේ අටුකොටු, අපේ දේපල, වැව් විනාශ කොට අපව සාගත තත්වයකට ඇද දැමූ බවත් අමතක නොකළ යුතුයි.

ඒ වගේම වර්තමානයේ සිරියාව, යේමනය, ඉරාකය දෙස බලන විට අපට පේනවා දරුවන් මන්ද බුද්ධිකවෙලා, මන්ද පෝෂණයට ලක්වෙලා, ඇට සැකිලි බවට පත්වී තිබෙන ආකාරය. යේමනයේත් 1/3 ක් දරුවන් දැන් අනාථ වී තිබෙනවා. ඒ පොල්පොට් වාදීන් එහේ බලයේ ඉන්න නිසා නෙමෙයි. ඔවුන්ට ආහාර ගෙන ඒමට සම්භාධක සෞදි අරාබිය ප‍්‍රමුඛ රටවල් වලින් ගොඩනගා තිබීමත්, හූති ගරිල්ලන් එහි ගෙනයන ගරිල්ලා ව්‍යාපාරයට එරෙහිව සන්නද්ධ අරගලයක් සිදුවීමයි. මීට කලින් අපි දැක්කා අප‍්‍රිකාවේ සෝමාලියාවේ, ඉතියෝපියාවේ, රුවන්ඩාව වැනි රටවල්වල දශ ලක්‍ෂ ගණන් ජනතාව මරා දමනවා, මිය යනවා. විශේෂයෙන්ම කි‍්‍රස්තියානි නිකායන් අතර ගැටුම්, මුස්ලිම් නිකායන් අතර ගැටුම්, ගෝත‍්‍ර අතර ගැටුම්, මුස්ලිම් - කි‍්‍රස්තියානි ගැටුම් ආදිය නිසා අපි‍්‍රකාවේ අති විශාල පිරිසක් සාගතයෙන් ඒ වගේම මන්ද බුද්ධික භාවයෙන්, මන්ද පෝෂණයට, මරණයට, ඛේදවාචකයකට ලක්වුණා. දැනුත් සිදුවන්නේ කුමක්ද, විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස නිසා, ජලය හිඟවීම ආදී කරණු නිසා විශාල පිරිසක් අනාථයින් බවට පරිවර්ථනය වී තිබෙනවා. අද යුරෝපයේ ආණ්ඩු පෙරළන තත්වයකට පත්වී තිබෙන්නේ උතුරු අප‍්‍රිකාවේ හා අරාබියේ රටවලින් බඩගින්නේ, ඒ වගේම වස්ත‍්‍ර නැතිව, නිවාස නැතිව සාමයත්, වගේම ජීවිතයත් අයදිමින් පලා එන අනාථයින් නිසයි.

මේක යුද්ධයේ සාමාන්‍ය ප‍්‍රතිඵලයක්. මේක කාලයක් යුරෝපයත් භුක්ති විඳපු තත්වයක්. විශේෂයෙන්ම 14 වන සියවසේ යුරෝපයේ පැතිරී ගිය කලූ බීතිකාව එහෙම නැත්නම් Black deth එය නමින් හඳුන්වන කි‍්‍රයාවලිය නිසා යුරෝපයේ ජනගහනයෙන් ආසන්නයෙන් භාගයක් පමණ මිය ගිය බව සටහන් වෙනවා. යුරෝපයේ සටන්, සටන්, සටන් නිසා අතිවිශාල පිරිසක් සාගතයට ගොදුරු වී මිය ගිය බවත් අප වටහා ගත යුතුයි. මෙවැනිම තත්වයක් ඇමරිකා එක්සත් ජනපදය ගොඩනැගීමේදී එහි ගෙන ගිය කළු වහලූන්ටත් අත් වූ බවත් අප මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ ඝාතන කාම්බෝජයේ පොල්පොට්ටම පැවරීම යුක්ති සහගත වන්නේ නැහැ. මේ ඝාතන ඔහුගේ වැරදි, ආර්ථික ප‍්‍රතිපත්ති, වැරදි සමාජ ප‍්‍රතිපත්ති, මනෝරාජික මාක්ස්වාදී දේශපාලන දර්ශන නිසා ඇති වූවාත් පමණක් නෙමෙයි, ඔවුන්ට ඇති කරන ලද ඒ මහා අධිරාජ්‍යවාදී පීඩනය, සූරාකෑම, ඝාතනය, නාපාලම් බෝම්බ ආදිය විසින් ඇතිකරපු තත්වයක් බවත් අපි හඳුනාගත යුතුයි.

වාසනාවකට දැන් මේ කිසිවක් මේ රටවල්වල නැහැ. ඒ රටවල් දැන් ආර්ථික සමෘද්ධිය හඹා යෑමට පටන් ගෙන. ඒ රටවල්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත්, තවමත් බටහිර රටවල් ප‍්‍රශ්න කරනවා. මියන්මාරයේ, තායිලන්තයේ, ලා ඕසයේ, කාම්බෝජයේ, වියට්නාමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ රටවල් ප‍්‍රශ්න කරනවා. ඒ රටවල්වල මහජන ඡන්දයෙන් ආණ්ඩු පත් කිරීමේ කි‍්‍රයාවලීන්වලට යම් යම් බාධා පැමිණ තිබෙන බව ඇත්තයි. නමුත් ඒ රටවල පාලකයින් ඒ රටවල් සීඝ‍්‍ර ආර්ථක වර්ධනයකට ගමන්කොට තිබෙනවා. ඔවුන්ගේ මතය ආර්ථික වර්ධනයට පසු පසින් දේශපාලන ප‍්‍රජාන්ත‍්‍රවාදය, නිදහස් ලිබරල් ප‍්‍රතිසංස්කරණ සිදු විය යුතු බවයි. මුලින් ආර්ථික දියුණුව ළඟා කරගත යුතුයි. නමුත් බටහිර රටවල් විශ්වාස කරන්නේ ආර්ථික දියුණුවට කලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතු බවයි.

පොල්පොට් නොහොත් සලූත්සා යනු ඉතිහාසයේ එක්තරා අවස්ථාවක්. මේ රටතුළත් එවැනි බෝල්ෂෙවික් සමානාත්මතාවාදී රටක් බිහි කර ගැනීම සඳහා විවිධ පාර්ශව ඝාතන සිදු කළ බව අපි අමතක නොකළ යුතුයි. ඒවා පරාජය කිරීමට දියත් කළ හමුදා කි‍්‍රයාවලි විසින් අති විශාල පිරිසක් මහමග ඝාතනය වූ බවත් අපි අමතක නොකළ යුතුයි. දැන් අපි ඒ සියල්ලෙන්ම පාඩම් ඉගෙනගත යුතුයි. අපි ආර්ථික වර්ධනය ඉදිරියෙන් තබලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පස්සෙන් තැබීමටවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි නිදහසයි ඉදිරියෙන් තබා ආර්ථික වර්ධනය පස්සෙන් තැබීමටවත් ඉදිරිපත් විය යුතු නැහැ. අපි දෙකම සම සමව තබාගෙන නිදහස් ආර්ථිකයත්, නිදහස් සමාජයත් ඉදිරියට ගෙන යා යුතුයි.

පොල්පොට් හා සලූත්සාගෙනුත් ඒ වගේම කාම්බෝජයේ වත්මන් පාලක හුන්සෙන්ගෙනුත් ඒ ඉන්දු චීන රටවල්වල පවතින ප‍්‍රජාතන්ත‍්‍රවායනුත්, චීනය හා වියට්නාමය ඇතුළු රටවල විශාල ආර්ථික වර්ධනයනුත්, ඒ වගේම ජපානය, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වැඩි ඉඩක් නොදෙමින් ආර්ථික වර්ධනයට වැඩි ඉඩක් ලබාදෙමින් ගමන් කළ කි‍්‍රයාදාමයෙනුත් උගත යුතු පාඩමයි. අපි ඇමරිකා එක්සත් ජනපදය ඒ වගේම ඉන්දියාව වැනි රටවල්, ප‍්‍රජාතාන්ත‍්‍රවාදය මුලින් කි‍්‍රයාත්මක කොට පසුව ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමට කි‍්‍රයා කළත් චීනය ජපානය කොරියාව වැනි රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසුවට තබා ආර්ථික වර්ධනය කලින් අරගන්නට කි‍්‍රයා කළත් අපි ඒ දෙක අතරමැදින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් නිදහසත් සමාජයත්, සමබරව ගහට පොත්ත මෙන් රැගෙන යා යුතුයි.

 

Latest Posts

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...