සහජීවනයෙන් යුතුව සියවස් ගණනක් ජීවත් වූ අපට වර්ගවාදය අනවශ්‍යයි-කතානායක

මතවාද

මහනුවර මුල් කරගනිමින් පසුගියදා ඇතිවූ කලහකාරී තත්වයන් පිළිබඳව කනගාටුව පලකරන කතානායකවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මෙසේ පවසයි.


මීට තෙවසරකට පෙර​, සියලුම ආගම්වලට සහ ජාතීන්ට අයත් ශ්‍රී ලාංකික ජනයා, මෙරටින් ජාතිවාදය සහ වර්ගවාදය තුරන් කර, විවිධ අදහස් අගයන​, සාමකාමී, සදාචාරාත්මක රටක් නිර්මාණය කිරීම සඳහා සඳහා, එකාවන්ව සිය ඡන්දය භාවිතා කළෝ ය​. තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයේ කැළල් මකා ගනිමින්, ජාතීන් අතර සහජීවනය යළි ඇති කරලීමට ක්‍රියා කරන රටක් ලෙස, අප දේශය ජාත්‍යන්තර තලයේ ඔසවා තැබෙද්දී, ලොව වටා සිටින අප සහෝදර දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ඉමහත් ආඩම්බරයට පත් වූහ​. 2015 ජනවාරි 8 වනදා විප්ලවයට පාදක වූ මෙම සංකල්පයන් ශ්‍රී ලාංකිකයන්ට අලුත් දෙයක් නොවී ය​.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම පුරවැසියෝ භේදයකින් තොරව නිදහස​, සමානාත්මතාව සහ මූලික මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳිති. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව​, මෙම අයිතීන් පුරවැසියන්ගේ හිමිකම් පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම සියලුම ලෝක වාසීන්ගේ අභිමානය සහ සමෘද්ධිය උදෙසා වන අස්පර්ශණීය උරුමයන් වෙති. විධායක​, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආදී ඕනෑම බලතලයකට අදාල තනතුරකට පත් වන නිලදරුවකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෝ ය​.

මහනුවර සහ අනෙකුත් ප්‍රදේශවල මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් බිම් මට්ටමේ ජනවර්ග අතර ගැටුමක ප්‍රතිඵලයක් නොවන්නේ ය​. අප නීතිය අනුව සමාන අයිතීන්ට උරුමකම් කියන මෙම ජනයා එකිනෙකා හා සහජීවනයෙන් යුතුව සියවස් ගණනක් ජීවත්ව ඇත්තා හ​. එහෙයින්, පැහැදිලිවම මෙම ක්‍රියාවන් අප රටේ ජනතාව බෙදා වෙන්කිරීම සහ ඔවුන් වෙත ප්‍රචණ්ඩත්වය මුදා හැරීම තම දේශපාලන ක්‍රමවේදය බවට පත් කරගත් පිරිසකගේ ක්‍රියාවකි. මෙවැනිම ප්‍රචණ්ඩත්වයක් අපි 2014 දී ද දුටිමු.

වර්ගවාදී ලෙස ශ්‍රී ලාංකික ජනතාව බෙදන්නට තනන්නන්ට එරෙහිව සිය හඬ අවදි කරන ලෙස ද, බිය වැද්දීම්, තර්ජනයන් සහ ප්‍රචණ්ඩත්වය භාවිතා කරමින් ජනතාව අතර ආගමික හෝ වාර්ගික ගැටුම් වර්ධනය කරන්නට උත්සාහ කරන්නන් හෙළා දකින ලෙස ද මම සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිමි. මෙවැනි බෙදීම් ඇති කරන්නන්ට එරෙහිව අප එකාවන් ව හඬ නැගිය යුත්තේ ය​. හිටපු සෝවියට් නායක මිහයිල් ගොර්බචොව්ගේ කියමනක් මේ අවස්ථාවේ ඔබට මතක් කිරීමට කැමැත්තෙමි. "සාමය යනු සමානකම්වල එකමුතුව නොව වෙනස්කම්වල එකමුතුවකි; එකිනෙකා අතර ඇති වෙනස්කම් සන්සන්දනයේ සහ සමාදානයේ ක්‍රියාවලියකි." අපට විරෝධතාවයට සහ ප්‍රචණ්ඩත්වයට ඉඩ තැබිය නොහැක​.

අපගේ පරම යුතුකම වන​, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරන ලෙස මම රජයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ ස්වාධීන අධිකරණයෙන් ඉල්ලා සිටිමි. ප්‍රචණ්ඩත්වයෙන් සහ තර්ජනයන්ගෙන් පීඩා විඳින ජනතාව සුරක්ෂිත කිරීම මෙම අවස්ථාවේ අතිශයින් ම වැදගත් ය​. ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන්ට හිමි විය යුතු සුරක්ෂිතතාව ඔවුනට හිමි කරදිය යුතු ය​. තම ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අප රට නැවතත් අතීතයේ අඳුරු යුගය කරා ගෙන යන්නට උත්සාහ කරන්නන් දෙස ගරු අධිකරණයේ ද ඇස යොමු කරවිය යුතු ය​.

අද වනවිට, පවතින තත්ත්වය වාර්තා කිරීමට ජනමාධ්‍යවලට පූර්ණ නිදහස ඇත​. අද​, අප පසෙකට වී බලා නොසිටිනු ඇත​. අහිංසක ජනයා බිය වැද්දීමට ඉඩ දී පොලිසිය සහ හමුදාව අනෙක් පස බලා නොසිටිනු ඇත​. අද බිය විය යුත්තේ එම බිය වද්දන්මය​. මක් නිසාද යත් නීතිය ඔවුනට එරෙහිව තදින් ක්‍රියාත්මක වනු ඇති බැවිනි.

janahada

Latest Posts

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...