අපි පූජාසනයෙ තියල වැඳුම් පිදුම් කරන්නෙ රාජ්‍ය ත්‍රස්තවාදයෙ නිල ඝාතකයින්ට නම් ඔවුන් හෙට ඔබේ නිවසෙ දොරටුවත් තට්ටු කරාවි

මතවාද

2012 අවුරුද්දෙ මේ තරම් ව්‍යාප්තව facebook තිබුණෙ නෑ අපිට තේරුණ විදියට. ඒ වගේම fake profiles අද වගේ එළියට පැනල මෙහෙම බොරු ප්‍රචාර යැව්වෙත් නෑ මේතරම්.

තිබුණත් මිනිස්සු බයකින් සහ යම් පාලනයකින් තමන්ගෙ ගිණුම් මෙහෙයෙව්ව. මොකද ආණ්ඩු විරෝධී යමක් පළ කළොත් හරි, ඒ පාලනයේ වැරදි දේකට විවේචනයක් කළොත් හරි රාජ උදහසට ලක්වෙයි කියල බය වුණා. සුදු වෑන් ඒවි කියල මනසෙ බයක් තිබුණා. මට මතකයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රාජ්‍ය බලයට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට මුවා වෙලා කරපු අපරාධ ගැන ඒ කාළෙ ලියද්දි මේ දැන් වගේම සමාජ මතයක් ගියා වාස් මැරුවෙ අපරාධකාරයො, වාස් කියන්නෙ ඊලඟ පොලිස්පති වගේ කතා ගොඩක්. ඒ වගේම සහෝදර මාධ්‍ය ආයතනවල සමහර මාධ්‍යවේදීන් හිටිය වාස්ව පලු යන්න සුද්ද කරපු. වාස් තමයි ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලොකුම වීරය කියල පිටු පුරා ලිව්වා.

මිනිස්සුන්ට තමන් කැමති දේශපාලන අදහසක් දරන්න පුලුවන්. මම ඒක ඉස්මුදුනින් පිළිගන්න කෙනෙක්. මට මතකයි රාජපක්ෂ පාලනයට ඉතාම කැමති සහ පක්ෂපාතී මගේම මිතුරන් පවා කිව්ව උඹ ඇත්ත වෙන්න ඇති ලියන්නෙ. ඒත් මුං උඹව උස්සාවි කියල. ඒ කියන්නෙ ඔවුන්ම පිළිගත්ත රාජ්‍ය ත්‍රස්තවාදයක් මේ රටේ තිබුණ බව. ඇත්ත කිව්වොත් රාජ උදහසට ලක් වෙන්න වෙන බව ඔවුන් දැනගෙන හිටිය. මම ඒකයි නිතරම කියන්නෙ මේ රටේ පාලකයන්ට වඩා භයානක සහ නරුම මහජනතාව කියල. ඒ හැමෝම හොඳට දන්නව අපරාධකරුවන් කවුද කියල. දැනුත් එදාට වඩා සංවිධානාත්මකව වාස්ට වගේම සමාජ මතයක් හැදෙන සහ හදමින් ඉන්න බව පේනව අපරාධකරුවන් රකින්න. සමහර පත්තර මුල් පිටුවල පළ වුණා රංගජීව පොලිස් වීරයා වැඩට බසී කියල.

මම මහජනතාවට යෝජනාවක් කරන්න කැමතියි. දැන් තොරතුරු පනත තියෙනවා. ඒ පනත යොදාගෙන ශ්‍රී ලංකා පොලීසියෙන් අහල බලන්න වාස්ගෙ කාළෙදි වගේම ගෙවුණ හැම කාළෙකම වගේ පොලීසිය අල්ලපු වැලි ලොරි, ලී කඳන් තොග සමහර ඒව ආ ගිය අතක් නැති වුණේ කොහොමද, ඒවා ගොඩ බාපු මාධ්‍යවේදී නිවාස එහෙම තියෙනවද කියල. ඒ වගේම පොලිස් මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවෙ විවාහ උත්සව එහෙම ගත්තු අය ඉන්නවද, පොලීසියෙන් විශේෂ වරප්‍රසාද ගන්න අය එහෙම ඉන්නවද කියල හොයල බැලුවොත් මාධ්‍යවේදීන් ගැන යම් යම් සත්‍යන් හොයාගන්න මහජනතාවට පුලුවන් වේවි.

කොහොම වුණත් වාස් ගැන පිටු පුරා ගුණකථන ලියපු එකම කෙනෙක්වත් වාස්ට මරණ දඬුවම හිමි වෙද්දි ලඟින් හිටියෙ නෑ. දැන් වාස් ගැන බලන්නෙත් නෑ. බන්ධනාගාරයෙන් ආරංචි වෙන විදියට වාස්ට මේ වෙනකොට තදටම සීනී නැගල. තව තව ලෙඩ ගොඩක් නිසා සෞඛ්‍ය ගොඩක් දුර්වලයි කියල තමයි ආරංචි. ඊටත් වඩා ඛේදනීය ආරංචියක් තමයි ඔහුත් සමග මරණ දඬුවම හිමි වුණු ඔහුගෙ ලොකු පුතා තාත්තා එක්ක නිතර රන්ඩු කිරීම් හා පරහදීම් සිදු කරනවා කියන කාරණය. මේ කිසිම දේකට මිනිස්සු විදියට අපට සතුටු වෙන්න බෑ. මේ හැමෝම මිනිස්සු. නිදහස, සතුට, පවුල, ආදරය අපේක්ෂා කරන මිනිස්සු. තව මනුස්සයෙක්ට මරණ දඬුවම ලැබුණම හරි, මරල දැම්මම හරි හිරේ ඉද්දි හරි සතුටු වෙන්න පුලුවන් මිලේච්ඡයෙකුට විතරයි. ඒ වගේම අපරාධ කරන මිනිස්සු ඒව කරන්න කළින් හිතුව නම් එහෙම නොවෙන්න ඉඩ තිබුණා.

රංගජීව කියන්නෙත් වාස් වගේම රටට සේවයක් කරපු මනුස්සයෙක්. නමුත් නිල ඇඳුමෙ බලයෙන් සහ තමන්ගෙ නිල තුවක්කුවෙ බලයෙන් අපරාධ කළා නම් ඊට දඬුවම් ලැබිය යුතුයි. කුඩු අච්චර ඇල්ලුව, අපරාධකරුවන් මෙච්චර හිරේ යැව්වා කියල ඒක නම් ලැයිස්තු අරන් ගිහින් මිනීමරන්න ලයිසන් එකක් වෙන්නෙ නෑ. ඒ වගේම මේ කිසිම දේකට ඔහු තනිවම වරදකරු වෙන්නෙත් නෑ. මේ වගේම අපරාධ නඩු ගණනාවක සැකකරුවෙක් වෙන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙ ඉඳල තව ලැයිස්තුවක්ම නිලධාරීන් ඉන්නවා. ඒ හැමෝටම සීනි ඇටෙන් පවා බදු ගෙවලා නිල ඇඳුම, මාසික වැටුප දුන්නෙ මේ රටේ මිනිස්සු. මිනිස්සුන්ගෙ ආරක්ෂාවට සහ නීතිය ක්‍රියාත්මක කරන්න හිටපු අයට අපරාධ කරන්න බෑ. ආන්ඩු වෙනස් වුණාට නීතිය සහ රාජ්‍ය සේවය වෙනස් වෙන්නෙ නෑ. නුමුත් මහජනතාව අපරාධ විනිර්මුක්තිය එහෙමත් නැති නම් අපරාධවලට යුක්තිය ඉටු නොවීම පිළිබඳව වෙනස් වෙන්න ඕන. මට හෝ මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට මේ නිලධාරීන් කිසිවෙකුත් එක්ක පුද්ගලික අමනාපයක් හරි හිතවත්කමක් හරි නෑ. අපි පූජාසනයෙ තියල වැඳුම් පිදුම් කරන්නෙ රාජ්‍ය ත්‍රස්තවාදයෙ නිල ඝාතකයින් නම් ඔවුන් හෙට ඔබේ නිවසෙ දොරටුවත් තට්ටු කරාවි. මේ රටේ අපරාධ විනිර්මුක්තියේ අවසානය සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම වෙනුවෙන් මහජනතාව දැන්වත් පෙළ ගැහෙන්න අවශ්‍යයි.
කසුන් පුස්සෙවෙල facebook සටහනක්

janahada

Latest Posts

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...