අර සුගන්ධිකා ප්‍රනාන්දු නීතිඥවරියගේ නීති ක්ෂේත්රයේ දූෂණ වංචා ගැන එලිදරව් කිරීම අහලා, කිසි දවසක නොදත් දෙයක් එලිදරව් වෙලා වගේ කලබලයක් ඇති වෙලා පේනවා.
තිත්ත ඇත්ත නම්, ඕක තමයි ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්රයකම වහලා තියන ඇත්ත. කෙටියෙන් ඔය තමයි ශ්‍රී ලංකාව! ඒ් ගැන කවුරු හරි කෙනෙක් හරියට දන්නේ නැත්නම් බොහෝ විට ඒ කලාකරුවො නීති ක්ෂේත්රය ගැනත් නීතිඥ්ඥයෝ ප්‍රයිවට් බස් ක්ෂේත්රය ගැනත් වෛද්‍යවරු කලා ක්ෂේත්රය ගැනත් මාළු වෙළෙන්දන් වෛද්‍ය ක්ෂේත්රය ගැනත් සාමාන්‍ය මිනිසුන් පංසල් පල්ලි දේවාල ක්ෂේත්‍ර ගැනත් ආදී වශයෙන් ක්ෂේත්රයකින් පිට අයට ක්ෂේත්රයක ඇතුල ගැන ඇති අවම අත්දැකීම නිසා නොදන්නා කමයි.
හොඳන් බැලුවොත් අපට පේන දෙයක් තමයි බොහෝ විට ඒ සෑම ක්ෂේත්රයකම අය මෙන් තම ක්ෂේත්රයේ දූෂණ වංචා ගැන කතා කරන්නේ බොහොම පරිස්සමින් ඇඟ බේරාගෙන තක්කඩි ආකාරයකට බව.ලයික් ශෙයාර් පවා පරිස්සමෙන් දාන්නේ. මොකද ඒ් අය මේකේ කොටස් බවට පත්වී දූෂණයෙන් යැපෙන්නම් බවට පත්වෙලා අවසන්. බොහෝ විට සුගන්ධිකා ගානට කතා කළ හැක්කේ මේකෙන් හැකි තරම් යැපෙන් නැති විටක තමයි. (එයාගේ කතාව මොකක්වුනත්) මේ සමාජය වෙනස් කරන්න මුලු සමාජයම දැඟලුවද වෙනස් කරන්න බැරි එක ප්‍රධාන හේතුවක් තමයි ඒ මොන බයිලා ගැහුවත් වංචාවට සහයෝගය නොදී ලාභය හා පැවැත්ම හොයා ගන්න බැරි වීම.
ඕනෑම ක්ෂේත්රයක් දිහා බැලුවොත් ඔබට පෙනේවි බොහෝ විට වඩාම කට පුක වහගෙන කවුරුත් හොඳින් තියාගත්තවුන් වඩාම ලාභ හොයාගෙන තියන බව. එහෙම ලාභය හොයාගැනීම සඳහාම පසුගිය කාලයේ අලුත් ජීවන දර්ශණ රැසක් පවා මතුවුනා: අහිංසක විදියට ඉඳීම, කාගෙත් මළගෙදර යන නිහතමානි එකා වීම, තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉඳීම,අපිට පොලිටික්ස් නෑ කීම, වැඩිය පෙනී හිටින් නැති බුද්ධිමතෙක් විදියට ඉඳීම… ඔය වගේ ඒවා. හොයලා බැලුවොත් පෙනේවී ඒ අයගේ බහුතරයම පවතින්නේ අර සුගන්ධිකා පෙන්වාදෙන වර්ගයේ තක්කඩින්ගේ ව්‍යාපෘතිවලට මුක්කු ගහගෙන බව. දැන් කලාව හා මාධ්‍ය වගේ ක්ෂේත්රයක් ගත්තොත් බැලු බැල්මට වැඩිපුරම සමාජය ප්‍රශ්ණ කරන්නේ ඒ අය. නමුත් තමන්ගේ පොතට විචාරයක් ලියවා ගැනීමටත් ලැබෙන්න යන සම්මානය නැති නොකරගනීමටත් සිටිය යුතු මට්ටම ගැන කාට කාටත් හොඳ අවබෝධයක් තියන බව පේනවා.
ඒ ඒ ක්ෂේත්‍ර වල ඉන්නා මහා කලාකරුවන්, උතුම් වෛද්‍යවරුන්, මහාකරුණාවෙන් පිරි පූජකයින්, සුදු අඳින සමාජසේවකයින් මේ කවුරුත් තමන්ට කෙලවන්න ආවොත් ගෙම් එක දෙන භීෂණයක් හා මාෆියාවක් ගෙනියනවා. ඒ මාෆියාව ආයතනගතව බොහොම ස්වාභාවිකව වගේ ක්‍රියාත්මක වෙන්නේ.
බොහෝ විට සුගන්ධිකාගේ ඔය කතාවෙදීත් එලිදරව් නොවනා ඔයිටත් වඩා ඇත්ත තලයක් තියනවා. අන්න ඒ අැත්ත කතා කරන්න ගියොත් ඔබ ඉස්සල්ලාම ගුටි කන්නේ ඔබේ පවුලේවුන්ගෙන්!
-ධනන්ජය කරුණාරත්න-FB