ජනපතිතුමනි..., ඔබ මාර්කෝස් හඳුනනවා ද?

මතවාද

රටක මහජනතාවගේ සර්ව ජන ජන්දයෙන් ජනතා නියෝජිතයකු පාර්ලිමේන්තුව වෙත යවන්නේ ජනතාවගේ අභිලාෂ ඉටු කරගැනීමට මිස ඒ ඒ නියෝජිතයන්ගේ සුඛ විහරණය පමණක් සලසා ගන්නට මාර්ග සකසා දීමට නොවේ.

ඒ සඳහා සමස්ත ජනතාව ම තමන්ගේ මුදල්, කාලය සහ ශ්‍රමය ද වැය කරයි. මන්ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මතු නොව රටක ජනාධිපතිවරයා වෙනුවෙන් ද වෙන් කරන්නේ මහජනතාවගේ බදු මුදල් ය. ඒ බදු මුදලෙන් යැපෙන මන්ත්‍රීවරු තමන්ට වාසි අත්වන මොහොතක් මොහොතක් පාසා මුදලට අලෙවි වන්නේ නම් එම ක්‍රයාදාමයේ සහ සහ ගණිකා වෘත්තිය අතර කිසිදු වෙනසක් නැත. මේ වන විට අපේ රටේ ඇතැම් ජනතා නියෝජිතයෝ ද ගණිකා වෘත්තිකයෝ බවට පත්ව සිටිති. ඒ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, ඒකාධිපතියෙකු ලෙස කටයුතු කරණ ජනාධිපතිවරයකු සිය හිතුවක්කාර තීරණයක් මත පත් කළ නාමික අගමැතිගේ නිල බලය නීත්‍යානුකුල තත්ත්වයට පත් කිරීම සදහා පාර්ලිමේන්තු නියෝජිතයන් වන ඔවුන් මුදලට අලෙවි වන බැවිනි. තමන් අලෙවි භාණ්ඩයක් පවට පත්ව ඇති බැවිනි.

පොදු අපේක්ෂකයා ගුණමකුවකු වීම

මෙම අවාසනාවන්ත තත්ත්වය මීට පෙර ද සිදු විය. එදා එය ආරම්භ කළේ ද මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය යි. අද එය සිදුකරමින් පවතින්නේ ද ඒ රෙජීමය ම ය. එහි පුදුමසහගතභාවය වන්නේ එදා රාජපක්ෂ රෙජීමයට එරෙහිව පොදු අපේක්ෂකයකු ලෙස ජනතාව අතරට පැමිණ, ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිධුරයට පත් මෛත්‍රිපාල සිරිසේන නම් කෙළෙහි ගුණ නොදත් ගුණමකු මිනිසා විසින් මෙය මෙහෙයවීම ය.

මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දස අතේ පොරොන්දු දෙමිනි. ඒ සඳහා එදා පක්ෂ, පාට භේදයකින් තොරව ජනතාව ඡන්දය ලබාදුන්නේ ය. අද එම ජන පදනමට පස්ස හරවා ඔහු ජනතා ද්‍රෝහී කටයුත්තක නියැළෙමිනි සිටියි. එය උම්මත්තක ස්වරුපයකි. තමන් ජනාධිපති වූයේ කෙසේද යන්න පවා ඔහුට දැන් අමතක ය. ඔහු මේ වන විට කරමින් සිටින ක්‍රියා කිසිවක් සිහි බුද්ධියෙන් පසුවන මිනිසකුට නම් කළ නොහැකි ය. මන්ද ඒ කටයුතු සියල්ල ජනතාවගේ පරමාධිපත්‍යය පාගා දමන මර්දනකාරි ක්‍රියා වන බැවිනි.

ජනපති පදවියත් ගණිකා වෘත්තියේ

රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අගමැතිවරයකු පත් කරන මේ ජනාධිපති අනෙක් පාර්ශවයට ඔවුන්ගේ බලය පෙන්වීමට ප්‍රජාතන්ත්‍රවාදීව සකසා ඇති ස්ථානය ද වසා දමයි. ඒ, පාර්ලිමේන්තුව රැස්වීම කල් තැබීමෙනි. කොන්ද පණ ඇති ජනාධිපතිවරයෙක් නම් කළ යුත්තේ අනෙක් පාර්ශ්වය විසින් එල්ල කරනු ලබන අභියෝගය බාරගෙන ‘‘හොඳයි පුළුවන්නම් උඹලා බහුතරය පෙන්පල්ලා’’ කියා පාර්ලිමේන්තුව කැඳවීමය. මේ ජනාධිපතිවරයා ඒ වෙනුවට කරන්නේ ජනතාවට බියේ පලා යන බියගුලු දේශපාළුවකු සේ තමන්ගේ විධායක බලය ගණිකා වෘත්තියේ යොදවමින් පාර්ලිමේන්තුව කල් දැමිම ය. අපි නැවත නැවතත් අභියෝග කරන්නේ හැකිනම් පාර්ලිමේන්තුව කැදවා තමන්ට හෝ මහින්ද රාජපක්ෂට බහුතර බලයක් ඇතැයි ඔප්පු කරන ලෙසයි.

මේ වන විට ජනතා ජන්දයෙන් මහජන නියෝජිතයන් බවට පත්වූ ඇතැම් මුග්ධයෝ සිය බලය ගණිකා වෘත්තියේ යොදවමින් මුදලට අලෙවි වන තත්ත්වයට පත්ව සිටිති. ඒ කුඩා ලංසුවකට නොවේ. පක්ෂ නායකයකු නම් කෝටි විස්සකටත් මන්ත්‍රිවරයකු නම් කෝටි දහයකටත් වන මුදලකට ය. ජනතාව සිය ඡන්දය ලබාදී මේ මුග්ධයන් පාර්ලිමේන්තුවට යැව්වේ මේ ආකාරයට ගණිකා වෘත්තියේ යෙදීම සඳහා ද, ජනතා පරමාධිපත්‍යය මුදලට අලෙවි කිරිම සඳහා ද, ප්‍රාතන්ත්‍රවාදය වළදමන්නට කැසකවනවුන්ට ඒ සඳහා සහයෝගය ලබා දෙන්නද? නැත... ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දුන්නේ රටේ ප්‍රශ්න විසඳා, රට දියුණු කර, රටටත් රටේ ජනතාවටත් සුබදායි ලෙස කටයුතු කිරීමට ය. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ජනතාව මර්දනයට, පීඩනයට ලක් කිරීම සඳහා අවැසි වටපිටාව සැකසීමට උපකාර කිරීම ය.

දැන් ජනතාව කල්පනා කළ යුත්තේ තවදුරටත් තමන්ට ඡන්දයක් අවශ්‍යය ද යන්න ය. මන්ද තමන්ගේ ඡන්දය රැගෙන පාර්ලිමේන්තුවට යන දේශපාළුවෝ කෝටි ප්‍රකෝටි ගණනට තමන්ගේ පශ්චාත්බාගය අලෙවි කරන තත්තවයට පත්වන්නේ නම් සැබැවින්ම එවන් රටකට මැතිවරණ කුමටද? එවන් රටකට ජනතා නියෝජිතයෝ කුමට ද? එවන් ජනතා නියෝජිතයෝ ජනතාවට කුමට ද?

වම්මු ද නිරුවතින්

ජාත්‍යන්තරය සමග සම්බන්ධ වී, රටට ආයෝජන ගෙනවිත් රට සංවර්ධනය කරන්නට සූදානම් වන මොහොතේ ‘‘ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ’’ යනුවෙන් අඳෝනා නගන වම්මුන් යැයි කියාගන්නා දේශපාළුවෝ පවා අනීතිකව පත් කළ, තමන් අගමැති යැයි කියාගන්නා මහින්ද රාජපක්ෂට සුබ පතන්නේ කිසිදු හිරිකිතයකින් තොරව ය. එවා බලා සිටීමට පවා අප්‍රසන්න ය; පිළිකුල් ය. ඊයේ පැවති ජන රැලියේ දී අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසු ආකාරයට ම එම දසුන් නෙත ගැටෙන විට ඔක්කාරය එන්නේ ය. 

මේ සියලු නොපනත්කම් කරන්නට සවිය රැගෙන එන්නේ චීනය යි. මහින්ද රාජපක්ෂට වුමනා පාර්ලිමේන්තු සංයුතිය සකසා ගන්නට අවශ්‍ය ඔළුගෙඩි ප්‍රමාණය ලබාගැනීම සඳහා මුදල් වියදම් කරන්නේ චීනය යි. ඔවුන් ද හිරිකිතයකින් තොරව මේ ආකාරයට මුදල් වියදම් කරන්නේ අපේ රට චීන කොලනියක් බවට පත්කරගැනීමේ අටියෙනි. මේ වන විට චීනය ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් තමන්ගේ අණසකට යටත් කරගෙන සිටින්නේ ආයුද බලයෙන් නොව මුදල් බලයෙනි. ඇමරිකානු කුමන්ත්‍රණ පිළිබඳව විසි හතර පැයේම පාරම්බාන කිසිදු දේශපාළුවකුට මෙය නොවැටහීම පුදුමයක් යැයි ඔබට සිතෙන්නට පිළිවන. නැත... ඒ නොවැටහෙනවා නොව මුදල් වෙනුවෙන් සිය මව බිරිඳ වුව පාවා දෙන්නට තරම් දීන දේශපාලනයක ඔවුන් නිරතවන බැවිනි. මව හෝ බිරිඳ අලෙවි කර හෝ තමන්ගේ දේශපාලන බලය වර්ධනය කරගැනීම මේ මුග්ධයන්ගේ ක්‍රියාකලාපය යි. එය මහින්ද රාජපක්ෂගේ පසුගිය පාලන සමයේ ද දක්නට ලැබුණි. යළි එය ක්‍රියාත්මක වෙමින් පවතී.

දැන් දැන් සාමයට ඉඩ ලැබෙන ආකාරයක් දක්නට නොමැත. දිනෙන් දින ම තත්ත්වය උග්‍ර අතට පත්වෙමින් තිබේ. ඒ අනුව ජනතාව කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න අමුතුවෙන් ම සඳහන් කළ යුතු නොවේ. ඒ සඳහා හොඳම උදාහරණය ඊයේ (30) කොළඹට රැස් වු මහා ජනකාය සාක්ෂි දරයි. ඒ සාම්පලයක් පමණි. මෛත්‍රිපාල සිරිසේන නමැති ගුණමකු පුද්ගලයා තව දුරටත් කටයුතු කරන්නේ මේ ආකාරයට ම නම් දැන් ජනතාවට ඉතිරිව ඇත්තේ එක ම එක විකල්පයකි. ඒ ලක්ෂ ගණනින් වීදි බැස මරණය දක්වා සටන් කිරීම ය. එසේ නොකරන්නට නම් මේ මුග්ධ ජනාධිපතිවරයා වහාම සිය බලලෝභීත්වය අතහැර පාර්ලිමේන්තුව කැඳවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසට තමන්ගේ බහුතර බලය පෙන්වීමට ඉඩකඩ සැලසිය යුතු ය. එසේ නොවුනහොත් පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාර්කොස්ට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ විමසා බලා සුදුසු පියවරක් අනුගමනය කළ යුතු ය.

- බුද්ධික ගයාශාන්

janahada

Latest Posts

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...