මේ වෙනකොට රටේ ඉන්න හැම එකාම වගේ අමතර ආදායමක් විදිහට හෝ සුළු රැකියාවක් වශයෙන් වත් තමන්ට මීලඟ ජනාධිපතිකමට ඉල්ලන්ඩ බැරිද කියලා කල්පනා කරන්න පටන් අරන් තියෙනවා වගේ පේනවා. සමහරු තමන් දන්න දන්න තමන්ගෙ ගෙවල් පැත්තෙ පොරවල් වෙලා ඉන්න හොඳ අය , උඩහ ගෙදර ලොකු මහප්පා, ඉස්කෝලේ පින්සිපල් ,පන්සලේ ලොකු හාමුදුරුවො වගේ අය ගැනත් කල්පනා කරන්නට පටන් අරන් තියෙනව වගේ. සමහර යෝජනා දැක්කම ඒක ඒ තරම්ම සරල නැවතත් අර 'අපේ එකෙක්' තෝරන ක්‍රමයට යන්න හදන බව පේනවා.
තවදුරටත් මේ රටේ ප්‍රාදේශීය වීරයින්ට, අපේ ගමේ එකා ,හම්බන්තොටට හෝ පොළොන්නරුවට හරි යන එකාලා තෝරාගෙන මේ රට දියුණු කරන්න හැකියාවක් නෑ.දැන් දියුණුව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ජාත්‍යන්තර බලවේග සමග කොයිතරම් දුරට ගනුදෙනු කරන්න පුලුවන්ද ඒවාට මුහුණ දෙන්න පුලුවන්ද, ජයගන්න පුළුවන් ද කියන කාරණය උඩයි . ඒ නිසා අලුත් නායකයා සියලු ජාති ආගම් ප්‍රාදේශීය සීමාවන් ඉක්මවා ගිය ජත්‍යන්තර තලයේදී ජයගන්නට පුළුවන් පෞෂයක් විය යුතුයි.
අනිත් කාරණය තමයි අපේ වගේ රටවල් ඇවිල්ලා තියන ක්‍රමයට අනුව දියුණු කරන්න එහෙම නැත්නම් වෙනස් කරන්න අමාරු පවතින දූෂිත ක්‍රමයෙන් සියලුම දේශපාලකයින් පවතින නිසයි. පවතින දේශපාලනයෙන් කවුරු ආවත් ඒ දූෂිත ක්‍රමයෙන් යැපෙමින් එකේ සහයෝගයෙන් පැවතුන අයයි එන්නේ.. ඒ නිසා ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පවතින දූෂිත ක්‍රමයෙන් යැපෙන්නැති ඒකට ණය නැති ස්වාධීන බලයක්ද තියෙන පිටස්තරයෙකුට විතරයි.
අපිට කවදාවත් හිටියේ නැති අපිට දැන් අවශ්‍ය එකා තමයි මගේ දරුවොත් එකයි මගේ මිනිස්සුත් එකයි රටේ මිනිස්සු එකයි මටත් එකයි, ඔක්කොටම එක නීතියක් සාධාරණත්වයක් කියලා අර සිංගප්පූරු නායකයා වගේ මේ දූෂිත ක්‍රමය පෙරළා අලුත් සාධාරණත්වයක් දේශපාලන සදාචාරයක් හඳුන්වල දෙන්න පුළුවන් කොන්දක් තියෙන පෞරුෂයක්. බලමු අපි මොකද වෙන්නේ කියලා. ඒ දැනට අදහසක් විතරයි.
-ධනංජය කරුණාරත්න FB පිටුවෙන්