ආන්ඩුවෙන් එළියට එන්න හේතුව රනිල්ට මුක්කු ගහන අය ගැන එකාබද්ධයේ නෑකම ගැන දයාසිරි ජයසේකර කථා කරයි

කතාබහ

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වනවා මාර්තු 08 වන දා ඔබතුමන්ලා එදාට විපක්ෂයේ වාඩි වෙන්න සූදානමින් ද ඉන්නේ?

විපක්ෂව වාඩි වෙනන් සූදානම් වෙලා ඉන්නේ. ශ‍්‍රීලංකා නිදහස්පක්ෂයේ අනන්නතාවකින් යුක්ත 16 දෙනෙක් විපක්ෂයේ වාඩි වෙනවා ඇති.

 

විශ්වාසභංගයේදී ඔබතුමන්ලා කිව්ව ජනාධිපතිතුමා ස්වාධීනව තීරණයක් ගනන් දුන්න කියලා. මේ කටයුත්තේ දීත් ජනාධිපතිතුමා ස්වාධීනව තීරණයක් ගන්න දුන්න ද?

ඔව් අපි එතුමාට පැහැදිලිවම කියා සිටියා ආණ්ඩුවේ තව දුරටත් කටයුතු කරන්න බැහැ ඒ නිසා විපක්ෂයේ දේශපාලනය කිරීම සඳහා අපේ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කරනව කියලා.

 

සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් හදල තියෙනවා. මේ කමිටුවේ එන යෝජනා එක්ක ඔබතුමන්ලාට නැවත පුළුවන් වෙයිද ආණ්ඩුවට යන්න?

අපි ආණ්ඩුවට යන්න බලාපොරොත්තුවක් නෑ. කෙසේ වෙතත් මේ සම්බන්ධව අපි සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මධ්‍යමකාරක සභාවේ ඒගොල්ලො කියන යෝජනා මොනවද කියලා. අපි අපේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ජාතික

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යම් හෙයකින් තීරණය කළොත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා කියලා. ඔබතුමන්ලා තවදුරටත් නිදහස් පාක්ශිකයො විදිහට කටයුතු කරනන්නෙ. එතකොට ඔබතුමන්ලාගේ කණ්ඩායමේ අදහස මොකක්ද?

නිදහස් පක්ෂය විදිහට අපි ඒකට විරුද්ධ වෙනවා. විපක්ෂයෙන් අපිට ඉවත් වෙන්න බැහැ. අපිට වෙන පක්ෂයක් නැහැ වැඩ කරන්න. ඉතින් අපි යම් මතයක් දරන්න ඉඩ තියෙනවා ඉස්සරහට යන්න.

 

මෙතනදී ඔබතුමන්ලාට එල්ල වන චෝදනාව තමයි. ඔබතුමන්ලා මේ කරන්නේ පෞද්ගලික උවමනාවට පිල් මාරු කිරීමක්. මේ විදිහට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඳලා ඔබතුමන්ලාට ඊළඟ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට කටයුතු කරන්නෙ කියලා.?

අපි පෞද්ගලික විදිහට කල්පනා කරා නම් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි ආණ්ඩුවත් එක්කම ඉඳලා තව අවුරුදු දෙකක් මේ යටතේ වරප‍්‍රසාද භුක්ති විඳලා. ඊළඟට එක්සත් ජාතික පක්ෂයෙන් හරි ඡුන්දෙ ඉල්ලලා ඇතුළට එන්න පුළුවන්. නමුත් මේක අපේ පක්ෂය පිළිබඳ තීන්දුවක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් වැළලෙන්න ඉඩ දෙනවද නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගන්නවද කියන එක කාරණය අපිට ප‍්‍රධාන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. අපි දැක්ක දවස ගාණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සංකෝචනය වෙනවා. එය නතර කර ගන්න අපිට පළමු වෙන්ම අවශ්‍ය යයි. ඒ නිසා අපට තවදුරටත් ආණ්ඩුවේ රැුඳී ඉන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි අපි මේකෙන් එළියට ආවේ. ආණ්ඩුවේ  තවදුරටත් කටයුතු කරන්න සිදු වුණා නම් ඇත්ත වශයෙන්ම පක්ෂයත් ඉවරයි අපිත් ඉවරයි. රටත් ඉවරයි. ඒ නිසා තමයි මෙතනින් එළියට ආවේ.

 

ඔබතුමා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් සඳහන් කළා. විශ්වාස භංග යෝජනාවේදී ඔබතුමාට එහෙම ආරාධනා ආවද  ඊළඟ මහ මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයෙන් හරි ඉල්ලන්න පුළුවන්. අපි එක්ක එකට හිට ගන්න කියලා?

ඔව් කීපදෙනෙක් මට කතා කළා. එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා එළියට ආපු කෙනෙක් එතුමා කිව්ව ඒකට කලබල වෙන්න එපා අපි ඒකට අවශ්‍ය කරන ශක්තිය දෙන්න නම් කියලා. ඇත්ත වශයෙන් මන්තී‍්‍ර ධුරයට වඩා වැදගත්කම තිබුණේ මෙහි තිබුණ කරුණු ගැන. මේ කරුණු මම පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරපු කාරණා. කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට අපි මේව කරන්න කියලා කතා කළා. මේ සියල්ල තියෙද්දි මම කොහොම ද ගිහිල්ල මේකට පක්ෂව හෝ විපක්ෂව පැත්තක් ගන්නෙ කියල කොමොමද කියල කාරණ ගැන මට විශාල ප‍්‍රශ්නයක් තිබුණා. ඒක හෘද සාක්ෂිය පිළිබඳව ප‍්‍රශ්නයක්. ඒක කතාවට එකඟව හෘද සාක්ෂියට එකඟව මම ඒ ගැන තීරණය ගත්ත කියල මම අද සතුටු වෙනවා.

 

ඔබතුමන්ලා වෙන පක්ෂ නෑ කියල කිව්වට මහින්ද රාජපක්ෂතුමා ප‍්‍රසිද්ධියේ කියල තියෙනවා. ඒ 16 දෙනා බාර ගන්න සූදානම් කියලා. අදහසක් නැද්ද ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙන්න?

නෑ. අපේ ඒ ගැන බලාපොරොත්තුවක් නැහැ. අපි සටන් පාඨ තෝරා ගැනීමේදී ඒ පිළිබඳ කි‍්‍රයා කිරීමේ දී නිදහස් සන්ධාන විදිහට එතුමන්ලා ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෝ. ඉතින් අපි ආණ්ඩුවට විරුද්ධව ගන්න පුළුවන් තීන්දු තීරණවල දී අපිට ඔවුන් සමඟ යම් එකඟතාවන්වලට යම් එකඟතාවන්වලට යන්න සිදු වෙනවා. ඒ හැර ඒකාබද්ධ විපක්ෂයට යන්න කිසිම තීරණයක් නැහැ.

 

මධ්‍යම කාරක සභාව ආපසු රැුස්වෙන්න තියෙන්නෙ 25 වනදා ද එදාට මධ්‍යම කාරක සභාව ඔබතුමන්ලා මොනවද යෝජනා කරන්නෙ. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් යෝජනා කරනවද?

25 කියල නම් තාම අපි දන්නෙ නැහැ. මේ මාධ්‍ය මඟින් වාර්තා වෙච්ච කරුණු. ඒ නිසා එතනදි අපි බොහොම පැහැදිලිවම බලාපොරොත්තු වෙනව පක්ෂය පිළිබඳ අනාගත බලාපොරොත්තු වැඩපිළිවෙළ ගැන සාකච්ඡුා කරන්න.

දැනට ඔබතුමන්ලාගේ කණ්ඩායමේ 16 දෙනයි. ඒ 16 දෙනා ප‍්‍රමාණවත් වෙනවද මධ්‍යම කාරක සභාවේදී ඔබතුමන්ලාගේ යෝජනාවක් ස්ථීර කරන්න.

අපි හිතනවා ඊටත් වැඩි ප‍්‍රමාණයක් ඉන්නවා. මේ පක්ෂයට ආදරය කරන පිරිස තමයි මධ්‍යම කාරක සභාවේ ඉන්නෙ. ඒ නිසා ඔවුන්ගේ අති බහුතරය සමඟ ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා.

 

එතන දී ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව සම්මත කර ගන්න පුළුවන් වුණෝතින් එතනින් එහාට මොකක්ද ගන්න කි‍්‍රයා මාර්ගය?

එහාට කි‍්‍රයාමාර්ග ගැන අපි ඊළඟට කතා කරන්න  ඕනෙ. පක්ෂය හදා ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නෙ. පක්ෂය ගොඩ ගන්න වැඩපිළිවෙළ තමයි.

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙ මෛත‍්‍රී කණ්ඩායම වගේම රනිල් කණ්ඩායමක් ඉන්න කියලත් විවිධ අය අදහස් පළ කරනවා. එහෙම තත්ත්වයක් තියෙනවද මන්ත‍්‍රීතුමනි?

රනිල් කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ රනිල් කණ්ඩායම තමයි විශ්වාස භංගයේදී ඡුන්දය පාවිච්චි නොකර ඉන්න 26 දෙනෙකුට පෙළඹීම් කළේ. රනිල් කණ්ඩායමේ ඉන්නේ 5-6 දෙනෙක්. ඒ අය බොහොම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයත් සමඟ ඊළඟ මැතිවරණයෙන් ඡුන්දෙ ඉල්ලල එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යන්න බලාගෙන ඉන්න අය. ඒ නිසා ඒ අයට මේ පක්ෂය විනාශ කරන්න ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා මේ 26 දෙනා නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සියලූ දෙනා එකට එකතු කර ගන්න අපි කටයුතු කළ යුතුයි.

 

අවසානයේදී ඔබතුමාලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදර කරනව කියල කිව්වා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නේද කණ්ඩායම්වලට බෙදිලා යන්නෙ?

 කණ්ඩායම්වලට බෙදිලායන්නෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය නෙමෙයි. කණ්ඩායම්විදිහට බෙදිලා විවිද අදහස්වල හිටියත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයට පිිළිබඳ ගන්න තීරණවල දී මේ සියලූ දෙනාම එකට එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා.

 

මේ තත්ත්වයට යටතේ ඔබතුමන්ලා විපක්ෂයේ වාඩි වෙන්න තීරණය කරල තියෙනවා ලබන මාසෙ 08 වන දා. එතනින් පස්සේ විවිධ චෝදනා ඔබතුමන්ලාට එල්ල වුණෝතින් එෆ්සීඅයිඞීයට එහෙම යන්න වුණෝතින් මොකක් ද කරන්නෙ මන්ත‍්‍රීතුමනි?

අපි ඒවට බය නෑ. මට කියන්න පුළුවන් මම අතින් මම වැරැුද්දක් කරල නැහැ. රාජ්‍ය දේපළ අපි වංචා කරල නැහැ. ඒ නිසා අපිට බය නැතිව  ඕනම අභියෝගෙකට  මූණ දෙන්න පුළුවන්.

 

ඊළඟ මහ මැතිවරණයේ දී ඔබතුමාගේ ක‍්‍රියාමාර්ගය කුමක් වෙයිද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේම තරග කරයිද ඒ පිළිබඳ අදහසක් තියෙනවද?

ඇත්ත වශයෙන් අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තමයි කි‍්‍රයා කරන්න බලාපොරොත්තු වෙන්න. ඡුන්දෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ. නමුත් සන්ධානයක් සඳහා සියලූ දෙනාම එකතු වෙයි කියලා මම විශ්වසා කරනවා.

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...