16 දෙනාගේ අනාගතය ගැන එස් බීට එල්ලවී ඇති දුෂණ චෝදනා ජාතික ආණ්ඩුවේ පැවැත්ම ගැන චන්දිම වීරක්කොඩි කතා කරයි

කතාබහ

ආණ්ඩුවෙන් එළියට බැස්සට පස්සෙ ඔබතුමන්ලා විපක්ෂයේ වාඩිවුණේ මැයි මාසෙ 08 වන දා මේක තමයි අලුත්ම පෙරළියකියලා ඔබතුමන්ලා කියන්නෙ. පෙරළියක් වෙයිද මන්ත්‍රීතුමනි?

අනිවාර්යෙන්ම මැයි අට වනදා මේ රටේ ඓතිහාසික පෙරළියක ආරම්භය හැටියට සනිටුහන් වෙනව නියතයි.

 

මැයි අට පෙරළියක් වෙනව කියල කිව්වට ඇතැම් අය හඳුන්වනවා ඔබතුමන්ලා දේශපාලනය වශයෙන් අනාත වීමක් මේ සිද්ධ වෙලා තියෙන්නෙ. දැන් ආණ්ඩුවෙත් නෑ, මේ එළියට බැසීම ඔබතුමන්ලාගේ දේශපාලන අනාගතය පිළිබඳව සැක සංකා මතුකරන්නක්කියලා?

ආණ්ඩුවේ හැසිරීම දේශපාලන අනාගතය ශක්තිමත් වීමක් කියන එක මුළු රටම පිළිගනිද්දි, ආණ්ඩුවෙන් ඉවත් වීම දේශපාලන වශයෙන් පරාජය වීමක් කියන එක දකින්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය එතුමා වටා ඉන්නෙ කීපදෙනෙක් පමණයි කියන එක තමයි මට කියන්න තියෙන්නෙ.  රටම තරාතිරම නොබලා ක්ෂේත්‍රයක් පෙන්නුම් කළ නොහැකි ආකාරයෙන් මේ රජයට රජයේ වැඩ පිළිවෙළට එරෙහිවෙලා තියෙනවා. ප්‍රතිපත්තිමය රාමුවක් තුළ රට ඉදිරියට ගෙන යන්නට හැකියාවක් තියෙන කණ්ඩායමක් හැටියට අරමුණක් ඇතිව එළියට බැස්ස අපි දේශපාලන වශයෙන් ජයග්‍රහණයක් හැටියට මේක දකිනවා.  මේක රටේ ජයග්‍රහණයක් කරා මේ වැඩපිළිවෙළ ආරම්භයක් හැටියට දකිනවා.

 

ඔබතුමන්ලා ආණ්ඩුවෙන් ඉවත් වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින වේදිකාවේ ඔබතුමන්ලා හිටියෙ නැහැ. ඒකට හේතුව?

ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 70 ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ.  අප සමහරු මැයි දින රැස්වීමට ගියෙ නැහැ. සමහරු ගියා. අපේ සටන අපේ අරමුණ ප්‍රධාන වශයෙන් බහුතර ජනතාවක් විශ්වාස කරන ජනතාව වෙනුවෙන් ඓතිහාසික පියවරක් රට සුරක්ෂිත කිරීම වෙනුවෙන් පොදු ජනතාවගේ ඓතිහාසිකත්වය රැකීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයට පාක්ෂිකයා බලාපොරොත්තු වෙන තැන දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා සටන අපි ආරම්භ කරල තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි.

 

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියටත් ඔබතුමන්ලාට විවෘත ආරාධනාවක් ආව නේද?

එක එක්කෙනා කියන කතාවලට අපි අවනත වෙන්න සූදානම් නැහැ. නිල වශයෙන් අපිට ආරාධනයක් ලැබුණෙත් නැහැ. එක එක්කෙනාට අවශ්‍ය විදියට කරන දේශපාලනයක් නෙමෙයි. අරමුණක්, වැඩපිළිවෙළක් එක්ක කරන දෙයක් එහෙම නැතුව අර වේදිකාවෙ නඟිනවා, මේ වේදිකාවේ නඟිනවා එහෙම කරන්නෙ නැහැ.

 

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා කිව්වෙ ඔබතුමන්ලා ඒකාබද්ධ විපක්ෂෙ මැයි රැලියට ආවෙ නැති නිසා ඔබතුමන්ලා ආණ්ඩුවේ කොටස්කාරයෝ කියලා. ඔබතුමා මොකක්ද ඒකට ලබා දෙන පිළිතුර?

අපි ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වෙලා. අපිට කාගෙවත් එක්ක වත් යටි ඩීල් නැහැ. අපි රජයෙන් ඉවත් වුණේ විවෘතව. රජයෙ ඉඳගෙන විපක්ෂය එක්ක ඩීල් දාන්නවත්, විපක්ෂයේ ඉඳගෙන රජයත් එකක් ඩීල් දාන්නවත් අපේ සංස්කෘතියට අපේ වැඩපිළිවෙළට අදාළ නැහැ. අපිට ඕන වුණේ තනතුරු අත්හැරල විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න.

 

මැයි 08 වනදා ඔබතුමන්ලා විපක්ෂයේ වාඩි වුණා. 16 දෙනාගේ කණ්ඩායම විදිහට මේ කණ්ඩායමට තවත් පිරිසක් එකතු වෙන්න ඉන්නවා. ඔවුනුත් විපක්ෂයේ වාඩිවෙනවා කියලා රාවයක් ඇතිවෙලා තියෙහනවා. මොකක්ද ඒ ගැන ඔබතුමාගේ සත්‍ය අසත්‍යතාවය?

ඔව් ඒක සත්‍යයක් ඒක අවශ්‍යවෙලාවට සිද්ධ වෙන්න තමයි අපි කටයුතු කරන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂ ග්‍රහණයෙන් මුදවා ගැනීමට අපේ පළමුවෙනි මෙහෙයුම. ඒකට කැමති බහුතරයක් එකතුවෙයි. එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රක් ක්‍රියා කරන කීප දෙනෙක් රජය අල්ලගෙන ඉඳියි. අපි මේ අයගෙන් ඉල්ලා සිටිනවා. අපි ආරාධනා කරනවා. මේ රටේම ජනතාව ආදරේ කරන රටට විශාල සේවයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්නෙ නැතිව, ඒ පාප කර්මයට සම්බන්ධ වෙන්නෙ නැතිව. ඒගොල්ලන්ගෙ හදවතේ තියෙන, ඒගොල්ලන්ගෙ ඔළුවෙ තියෙන ඒගොල්ලන්ගෙ අනුග්‍රහය දක්වන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා මේ පක්ෂය ජනතාව වෙනුවෙන් මුදවා හරින්නට කාරුණික ඉල්ලනවා.

 

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාවක්  ඔබතුමන්ලා මධ්‍යම කාරක සභාවට ගෙනල්ලා සම්මත කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනව කියලා කියවුණා. ඒකෙ වර්තමාන තත්ත්වය කොහොමද මන්ත්‍රීතුමනි?

ජනාධිපතිතුමා මේ 8 - 15 අතර මධ්‍යම කාරක සභාවට මේ පිළිබඳ තීන්දුවක් ලබා දෙන්න අපිට ප්‍රකාශ කළා. ඒ අනුව තමයි අපි බලාගෙන ඉන්නෙ.

 

වර්තමානයේ ඔබතුමන්ලා නියෝජනය කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔබේ පක්ෂයේ නායකතුමා වත්මන් ජනාධිපතිතුමා එතුමා කියල තියෙනවා 2020න් පස්සෙ දේශපාලනයේ යෙදෙනවා. විශ්‍රාම යන්නෙ නැහැ කියලා. එතුමා ජනාධිපතිවරණයකදී ජනාධිපති ධුරයට ඉදිරිපත් වුණෝතින් ඔබතුමන්ලා සහයෝගය ලබා දෙනවද?

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද කියල තීරණය කරන්නේ පුද්ගලයෙක් නෙමෙයි පක්ෂය ඒ පක්ෂයට අනුව එතුමා පමණක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අනිත් පක්ෂ නායකයන් රනිල් විරෝධී එකතුවෙලා ජයග්‍රහණය කරන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් තමයි ජනාධිපති අපේක්ෂකය වෙන්නවා.  අද දේශපානඥයෙක් හැටියට පිළිගත් දේශපාලනයේ නියැළෙන්න කිසිම බාධාවක් නෑ. දේශපාලනඥයෙක් ජීවිතේ අවසන් වෙනකල් නියැලෙයි.  ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.

 

පසුගියදා ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගත්ත. සමහර අය මේක දේශපාලන කුමන්ත්‍රණයක් විදිහට අර්ථකථනය කරනවා. මොකක්ද ඔබතුමන්ලාගේ අදහස ඒ ගැන?

කුමන්ත්‍රණයක් කෙසේ වෙතත් වැරැද්දක් කළා නම් නීතියෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒ පුද්ගලයා විතරක් වත් අය ඉන්නවා ඒ නීතියේ රුහැනට අසුවිය යුතු. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට කිසිම අයිතියක් නෑ වෙනකාටවත් ඇඟිල්ල දික් කරන්න. ඒ අය තමයි ලොකුම දූෂණය කළේ. අදටත් දූෂිකයෝ ආරක්ෂා කරගෙන ඉන්නේ එක්සත් ජාතික පක්ෂයයි කියන එක අපිට ඇඟිල්ල දික් කරල කියන්න පුළුවන්.

 

ඔබතුමන්ලාගේ කණ්ඩායමේ ප්‍රබලයෙන් එස්බී දිසානායක ඇමැතිතුමා. එතුමාටත් ඇඟිල්ල දික් වෙන්නද යන්නෙ. එතුමා අඩු ආදායම් ලාභී සමෘද්ධිලාභීන් වෙනුවෙන් රෙදි දීමට වෙන් කළ මුදලින් රුපියල් කෝටි හයසිය හැත්ත පහකට වෙච්ච දෙයක් නෑ කියල දැන් කියවෙනවා. මේ හරහා එස්බී දිසානායක මහත්තය කොටුවීමේ ක්‍රමයක් දියත් වෙයිද?

 එතුමා මාධ්‍යයෙන් ඒ ගැන කිව්ව. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් වහාම පරීක්ෂණ කරලා පෙන්නල දෙන්න. නිකම් බොරු කතා විතරක් කියන්නෙ නැතුව. ඒ වගේම මේ තියෙන අවධානය අනිත් පැත්තට යොමු කරන්නෙ නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ මිත්‍රයා අර්ජුන් මහේන්ද්‍රව ලංකාවට ගෙන්නල දෙන්න කියලා අපි යෝජනා කරන්නෙ.

 

ඒ වගේම මන්ත්‍රීතුමනි අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත 20 වන සංශෝධනයක් මේ පිළිබඳ ඔබතුමන්ලාගේ කණ්ඩායම තීරණයක් අරගෙනද තියෙන්නෙ?

විධායක ජනාධිපතික්‍රමය බලතල කප්පාදු කරන ලද විධායක ජනාධිපති ක්‍රමයක්. රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් විය යුතු විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි කියන මතයට ශ්‍රී ලංකා නිදහස් සන්ධානය හැටියට අපි ලිඛිතව අපේ මතය ඉදිරිපත් කරල තියෙන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය හැටියට. ඒ වගේම අධිකරණ සංවිධාන පනතක් වෙන කිසි කෙනෙකුට බල ලබා දීමට කිව්වෙ නැහැ. රටේ නඩු ප්‍රමාදයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ ප්‍රමාදය වලක්වලා  කඩිනමින් නඩු ඇසීම සඳහා වූ වැඩපිළිවෙළක් අග්‍රවිනිශ්චකාවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට මැදිහත්වෙලා ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන අධිකරණ පුරවැසිභාවයේ ප්‍රතිපාදනානුකූලව ඇති කරල නඩු විභාග කඩිනම් කිරීම සඳහා කටයුතු කළ යුතුයි කියල තමයි අපි කියන්නෙ.

 

ඔබතුමන්ලාගේ ඉදිරි දේශපාලන කටයුතු සිද්ධ කරන්නෙ කොහොමද ඔබතුමන්ලා විපක්ෂයේ වාඩිවෙලා. ඒකබද්ධ විපක්ෂය සමඟ සන්ධාන ගත වෙලා හෝ ඔවුන් සමඟ එකතුවෙලා වැඩකටයුතු කරන්න හරි සූදානම් ද ඉදිරියේ?

ශ්‍රීලංකා නිදහස් සන්ධානයේ, ඒකාබද්ධ විපක්ෂයේත් මිනිස්සු මේකෙ ඉන්නෙ. පිට මිනිස්සු නෙමෙයි.  අපේ 16 දෙනාගේ කණ්ඩායම ප්‍රතිපත්තිමය අනන්‍යතාවය  තියාගෙන සියලු දෙනා එක්ක එකතුවෙලා අපි ආවේ ආණ්ඩු පක්ෂයත් එක්ක වැඩ කරන්න නෙමෙයි. විපක්ෂය ආවේ විපක්ෂයත් එක්ක වැඩ කරන්න. රටේ මේ රජයට එරෙහිව ජනතාවට පක්ෂව රටේ අනාගතය වෙනුවෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න. එකතු විය යුතු සියලු කණ්ඩායම් එක්ක එකතුවෙලා වැඩ කරනවා.

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...