කණගාටුවිම හා ලැජ්ජාවට පත්විම ගැන,දිවිරුමි ප‍්‍රකාශ නොදී එන්තරවාසි යැවිම ,දිනපු නඩු ගැන

කතාබහ

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිෙමින්තු මන්ති‍්‍ර න්නේ නලින්ද ජයතිස්ස මහතා.

ඔබේ පක්ෂයේ නායකයා පමණයි පැහැදිලිවම පාර්ලිමේන්තුවේදී කියන්නේ අපේ හයදෙනා නම් කිසිසේත් ඔය පර්පුචුවෙල් ආයතනයෙන් මුදල් අරගෙන නෑ කියලා. එහෙම එතුමා සහතිකයක් ලබා දීලා තියෙද්දි පසුගිය කාලේ ඔබතුමාගේ නම ඈදලා යම් යම් චෝදනා එල්ල වෙනවා. එ් සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද?

 

එ්ක නම් ඇත්තටම විහිළුවක්. එ් කියන්නේ එ් චෝදනාව ගැන එ් චෝදනාව එල්ල කරපු මෛත‍්‍රී ගුණරත්න පිළිබඳව නෙවෙයි මට ගැටලූව තියෙන්නේ. මොකද ඔහු ගැන රටේ බොහෝ දෙනා දන්නවා. ඔහු නියෝජනය කරපු ලංකා කෝල් සමාගමෙන් ලංකා මිනරල් සමාගමෙන් ඔහුට ඉවත් වෙන්න සිද්ධ වුණේ ඇයි කියන කාරණය ඇතුළු දේශපාලන කරුණු ගණනාවක් ඔහුත් එක්ක පෙළගැහිලා තියෙනවා. මාතරදී කුරුදු  පොලූ සෙල්ලම් දමන එක ආදී කරුණු ගණනාවක් ඔහුගේ දේශපාලන ජීවිතයේ ගැටගැහිලා තියෙනවා. ඉතින් එ් නිසා මම ඔහු මෙවැනි චෝදනාවක් එල්ල කිරීම ගැන පුදුම වන්නේ නැහැ. නමුත් මට ගැටලූවක් තිබෙනවා අපි අපේ රටේ යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ඨ සම්පන්න දේශපාලන උවමනාවක් වෙනුවෙන් තමයි 2015 ජනාධිපතිවරණයේදී කටයුතු කළේ. එ් අනුව මාධ්‍යවලටත් යම් නිදහසක් වෙනදට වඩා උරුම වුණා. ඉතින් අපි බලාපොරොත්තු වුණා මාධ්‍ය වගකීමක් සහිතව හැසිරෙයි කියලා. නමුත් මේ සිදුවීමේදී සමහර මාධ්‍ය ඉතාම සුළු ප‍්‍රමාණයක් හැසිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මොකද ඇලෝෂියස්ගෙන් මුදල් ගැනීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරු හැමදෙනා ගැනම සමාජයේ අවිශ්වාසයක්, සැකයක් ජනිත කරලා තිබුණා. නමුත් එ් අතරින් නිශ්චතව මුදල් ගත්තාය කියලා දැන් ඔප්පු වෙලා තිබෙන්නේ මන්ත‍්‍රීවරු 3 දෙනෙක් පමණයි. මාධ්‍ය විසින් දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ යන මන්ත‍්‍රීවරුන් දෙපළගේ නම් හෙළිදරව් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සී අයි ඞී වාර්තා මගින් උසාවියට ඉදිරිපත් කළායින් පස්සේ. එ් අනුව ඔවුන් යම්කිසි රජයේ පරීක්ෂණ ක‍්‍රියාවලියක් අතරමැදදී හෙළිදරව් වූ අය. එ් අය හෙළිදරව් කිරීම ප‍්‍රශ්නයක් නෙමෙයි. එ් වගේම එ් දෙන්නා හෙළිදරව් වෙනකොට සරත් ෆොන්සේකා මහතා ස්වෙච්ඡුාවෙන් පිළිගත්තා ඇලෝෂියස්ගෙන් මුදල් ලැබුණාය කියලා. එයත් හෙළිදරව් කිරීම ප‍්‍රශ්නයක් නෙමෙයි. නමුත් එ් කිසිදු වාර්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, එෆ්. සී. අයි. ඞී. එකේ උසාවියට ඉදිරිපත් කරපු කිසිදු වාර්තාවක, ජනාධිපති කොමිසම ඉදිරිපත් කරපු වාර්තාවක එහෙම නැත්නම් සී. අයි. ඞී. එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවක කිසිම තැනක මේ පිළිබඳව නම සඳහස් නොවන අයගේ නම සඳහන් කරලා මෛත‍්‍රී ගුණරත්න විසින් කරපු ප‍්‍රකාශයක් සමහර මාධ්‍ය වල උලූප්පා දැක්වූවා. ඉතින් එය මාධ්‍ය විසින් ප‍්‍රචාරය කරලා මට කරන ලද අපකීර්තිය හා අපහාසය ඉතාම බරපතලයි. මොකද සාමාන්‍යයෙන් මේ රටේ ජනතාව මාධ්‍ය පිළිගන්නවා. එතනින් පස්සෙදි ඔහු කරපු එ් අභූත චෝදනාවට යම්කිසි එන්තරවාසියක් යැව්වා වන්දි ගෙවන්න කියලා. නමුත් මම හිතන්නේ කිසියම් නිර්දෝෂී පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කළායින් පස්සේ අඩුම තරමින් මාධ්‍ය සදාචාරයක් තියෙනවා එ් චෝදනාවට ලක්වෙච්චි අයගෙන් වත් අහන්න. නමුත් එහෙම වත් එකක් තිබුණේ නෑ එතන. මම එ් සම්බන්ධයෙන් කණගාටු වෙනවා සහ ඔය ඉතාම සාවද්‍ය ද්වේශසහගත ප‍්‍රකාශයක්. මෛත‍්‍රී ගුණරත්න ඉන්පසුව කරපු ප‍්‍රකාශවලින් පේන්නේ ඔහුට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක වෛරයක් තිබෙනවා. ඉතින් එ් වෛරය මං පිටින් යවන්න උත්සාහ ගත්තා. 

ඔබ කිව්වා වගේ දැන් ඔහු කියන්නේ සල්ලි නොගත්තා නම් දිවුරුම් ප‍්‍රකාශයක් දෙන්න කියලා. නමුත් ඔබතුමා දිවුරුම් ප‍්‍රකාශයක් වෙනුවට එන්තරවාසියක් යවලා තියෙනවා. ඊට ප‍්‍රතිචාර ලැබිලා තියෙනවද?

ඔව්. ඔහුට දැන් සති දෙකක කල් දීලා තියෙනවා එන්තරවාසියට ප‍්‍රතිචාර දක්වන්නට. එහෙම නැතිවුණොත් අපි ඔහුට එරෙහිව සහ එ් මාධ්‍යයන්වලට එරෙහිව වන්දි ඉල්ලලා නඩු මගට ප‍්‍රවිශ්ඨ වෙනවා. මොකද මෙය ඉතාම මම සලකනවා පුද්ගලිකව මටත් පක්ෂයටත් එල්ල කරපු මඩ ප‍්‍රහාරයක් කියලා. මෙවැනි මඩ ප‍්‍රහාර එල්ල කරන අය මේ සමාජයෙන් තුරන් කළ යුතුයි. අඩුම තරමේ නිර්දෝෂීව යුක්තිය සාධාරණයෙන් දේශපාලනය කරන අතළොස්සකගේ හරි පැවැත්ම ආරක්ෂා කරගන්නට නම් මෙවැනි මඩ ප‍්‍රහාරකයන්ට යම් දඬුවමක් ලබාදිය යුතුයි. ඉතින් මම දැක්කා ඊට පස්සේ මාධ්‍ය සාකච්ඡුාවකදී ඔහු නැවත වතාවක් ෆයිල් එකක් පෙන්නලා කියනවා. මේ ෆයිල් එකේ තොරතුරු තියනවා කියලා. ඉතින් මම දන්න තරමට මෛත‍්‍රී ගුණරත්න නීතිඥයෙක්. මේ ඇලෝෂියස්ගෙන් මුදල් ලබා ගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්වෙද්දී ඔහු යම් තොරතුරු ප‍්‍රමාණයක් තමන් ළඟ තියාගෙන ඉන්නවා නම් කරන්න  ඕනා මාධ්‍යවලට ෆයිල් පෙන්නන එක නෙමෙයි කරුණාකරලා එ්ක සී. අයි. ඞී. එකට භාරදෙන්න, සී. අයි. ඞී. එකට කටඋත්තරයක් දෙන්න මෙන්න මේ අය අහවල් අහවල් පුද්ගලයා අහවල් අයගෙන් මුදල් ලබා ගත්තා කියලා. එ්ක තමයි නීතිගරුක පුරවැසියෙක් නම් විශේෂයෙන් නීතිඥයෙක් නම් කළ යුතුව තිබෙන්නේ. ඉතින් මෛත‍්‍රී ගුණරත්න මේ කරන්නේ අමුම අමු බොරුවක් සහ ඔහු මාධ්‍යවල අවාධානය දිනා ගැනීම සඳහා මේ කරන වංචාව නිහීන උත්සාහයක්. ප‍්‍රශ්නෙ තිබෙන්නේ ඔහුට මාධ්‍ය ප‍්‍රචාර ලබාදීම සඳහා ඔහු විසින් යම්කිසි දෙයක් කළාට කමක් නෑ තවත් පුද්ගලයන් හානි වෙනවා නම් එ්ක බරපතලයි. 

මේ කතාබහේදී මහේෂ් සේනානායක කියලා කෙනෙක් මතුවෙනවා. ඔබ මහේෂ් සේනානායක කෙනෙක් දන්නවාද?

ඔව්. මහේෂ් සේනානයකව දන්නවා. ඔහු ස්වාධීන රූපවාහිනී සේවයේ තිරය වැඩසටහනේදී මට මුණගැහිලා තියෙනවා. තිරය වැඩසටහන් කිහිපයකට මම සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි ජනතා විමුක්ති පෙරමුණේ වැඩසටහන් 2 ක් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මුදල් ගෙවා ප‍්‍රචාරය කළා. එ් අවස්ථාවේදී ස්වාධීන රූපවාහිනී සේවය මගින් අපිට ලබා දුන්නු නිවේදකයා වුණේ මහේෂ් සේනානායක. ඊළඟට තවත් මම ස්වාධීන රූපවාහිනියේ රූපවාහිනී වැඩසටහන් ඔහු විසින් මෙහෙයවපු එකක් මගේ රෙකෝඞ් කළා. එ්කෙදි මට ඔහු මුණගැහුණා. එ් නිසා මාධ්‍යවේදියෙක් හැටියට ඔහුව මට අවස්ථා කීපයකදී මුණගැහිලා තියෙනවා. මම ඔහුත් එක්ක කතා කරලා තිබෙනවා දේශපාලන කරුණු පිළිබඳව. එතනින් එහාට අපේ සම්බන්ධයක් නෑ. 

දැන් ඔහුව සම්බන්ධ කරමින් තමයි මේ මුදල් දුන්නා කියන කාරණය ඉස්මතු වෙන්නේ. දැන් ඔබතුමා මුදල් අරගෙනත් නෑ ඔබතුමා එ් පිළිබඳව තහවුරු කරනවා එහෙම සිද්ධියක් නෑ කියලා. එතකොට මේක තනිකරම මෛත‍්‍රී ගුණරත්නගේ හිතලූවක්ද?

ඔය කියන සිදුවීමට අදාළ පයාගල ස්කාගාරයේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියක් නෑ. එහෙම වෘත්තීය සටනක් තිබිලත් නෑ, මහේෂ් සේනානායක මම දැක්කා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙකුට ඔහු මුදල් දුන්නේ නැතිය, ජනතා විමුක්ති පෙරමුණෙන් අඩුගානේ ඔහු තේ කෝප්පයක්වත් බිව්වේ නැතිය, ජනතා විමුක්ති පෙරමුණට ඔහු එහෙම සළකලත් නැතිය කියලා ඔහුගේ ෆේස් බුක් ගිණුමේ ඇතුළත්ව තිබෙනවා. ඉතින් මමත් කියනවා එතකොට මේ සියලූ කාරණා නැති තත්ත්වයක් තුළදී මේ මෛත‍්‍රී ගුණරත්න කියන පුද්ගලයා විසින් අහසින් පාත්වුණා වගේ ප‍්‍රබන්ධයක් නිර්මාණය කරලා, ඇත්තටම මඩක් ප‍්‍රචාරය කරමින් යනවා. ඉතින් අපි අහන්නේ මේ සියලූ පාර්ශවයන් කියද්දි නෑ නෑ කියලා මෛත‍්‍රී ගුණරත්න කියන එකම හරියි කියලා පිළිගන්න තත්ත්වයක් තමයි නිර්මාණය කරන්න යන්නේ. 

දැන් මේ වගේ පක්ෂයට යම් යම් චෝදනා ආපු වෙලාවේ ඔබතුමන්ලා නීතිය හමුවට ගිහිල්ලා තියෙනවා, එ් සම්බන්ධයෙන් නඩු පවරලා තියෙනවා. එ් නඩුවලින් ඔබතුමන්ලා දිනලත් තියෙනවා නේද? 

ඔව් මීට  කලින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාට ලේක්හවුස් දිනමිණ පුවත්පතින් එල්ල කරපු අපහාසයක් සම්බන්ධයෙන් අපි නඩු කියලා අපිට වන්දි මුදලක් ලැබුණා. එ් වන්දි මුදල මමත් නීතීඥ සුනිල් වටගල මහතාත් මැදිහත් වෙලා මතුගම බෝපිටියේ අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්වයක් හැටියට ලබා දුන්නා. එ් වගේම තවත් මෙවැනි නඩු ගණනාවක් අපි ජයග‍්‍රහණය කරලා තිබෙනවා. තවත් නඩු ප‍්‍රමාණයක් විභාග වෙමින් පවතිනවා. ඉතින් එ් වගේම ඔබ දකින්න ඇති අයර්ලන්තයේ නිවසක් පිළිබඳව අපේ පක්ෂයේ නායකයාට දිවයින පුවත්පතින් චෝදනා එල්ල කළාට පස්සෙදි එ්ක අවසානයේ පුවත්පත් මණ්ඩලය ඉදිරියේ විභාග වෙලා දිවයින පුවත්පත එ් බොරු ප‍්‍රවෘත්තියක්ය කියලා අපෙන් සමාව ගත්තා. ප‍්‍රශ්නය තිබෙන්නේ මේ සමාව ගැනීම්, නඩු ජයග‍්‍රහණය කිරීම්වල ප‍්‍රතිඵලය එන්නේ සෑහෙන කාලයකට පස්සේ. නමුත් මේ කුමන්ත‍්‍රණකරුවන්ගේ, මේ මඩ ප‍්‍රචාරකයින්ගේ උත්සාහය කුමක් හෝ සිදුවීමක් සත්‍යය මත එල්ල කරලා, පටවලා සමාජයේ අප හට කළු පැල්ලමක් ඇති කිරීමයි. ඉතින් නැවතත් මම අවධාරණය කරන්නේ  ඕනෑම සමාජයක මෙවැනි මඩකාරයින් ඉන්න පුළුවන්. නමුත් මාධ්‍ය කියලා කියන්නේ ඊට වඩා වගකීමක් සහිතව කටයුතු කළ යුතු ආයතන. විශේෂයෙන් අපි මාධ්‍යවල භාවිතාව පිළිබඳව රටේ තිබෙන තැන දැකලා තිබෙනවා. අපි තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත කරලා දුන්නා පාර්ලිමේන්තුවේදී. ඉතින් එහෙම තත්ත්වයක් තුළ නිවැරදි තොරතුරු සමාජගත කිරීම මාධ්‍යවල වගකීම විදියට පැවරිලා තියෙනවා. 

 රටේම කතාබහක් ඇති වෙලා තියෙන්නේ ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත්ත අය පිළිබඳවයි. 118 ලැයිස්තුවක් පිළිබඳවත් කියැවෙනවා. දැන් 118 ලැයිස්තුවක් නෑ කියලා ජනාධිපති ලේකම් පවා කියනවනේ. 

පළවෙනි ප‍්‍රශ්නය තමයි 118 ක් පිළිබඳව කිව්වේ කවුද? එ් කිව්වේ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා. එහෙම නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළවෙනි වගකීම බවට පත්වෙන්නේ දයාසිරි ජයසේකර කැඳවලා මේ 118 දැනගත්තේ කොහෙන්ද? 118 මොනවද කියලා ඔහුගෙන් අහන එක. දයාසිරි ජයසේකරට චෝදනාවක් එල්ල වුණාට පස්සේ ඔහු තවත් 117 ක් පටලවන්නට මේ සංඛ්‍යාව කිව්වා. දැන් මේ මුළු රටම තල් අත්තට බොරළු ගෙඩිය වැටුණම හාවා පස්සෙන් දුවන්නා වගේ මුළු රටම 118 පස්සේ දුවනවා. පළවෙනිම කාරණය තමයි දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා මේ 118 ආවේ කොහෙන්ද කියලා කියන්න  ඕන. ජනාධිපති ලේකම්වරයා කියනවා නම් 118 ලේඛනයක් නෑ කියලා, සභානායකවරයා කියනවා තමන්ට ලැබුණේ නෑ කියලා එහෙම නම් 118 පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න, විශේෂයෙන් දැන් නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු, කලින් ආණ්ඩුවේ හිටපු මන්ත‍්‍රීවරු, ඇමැතිවරු ගණනාවක් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත්තා කියන දේ සක්සුදක් සේ පැහැදිලියි. එ්ක වහන්න බෑ. දැන් කළ යුතුව තිබෙන්නේ මේ ආණ්ඩුවේ අපරාධ පරීක්ෂණ යාන්ත‍්‍රණය විසින් මෙහි සැබෑ වරදකරුවා සොයාගැනිම. එහෙම නැත්නම් මේ අරජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝෂියස් කියන මේ මාමා බෑණා දෙපළට මුළු රටක් විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. දැන් වෙලා තිබෙන්නේ ඔවුන් දෙදෙනාව ආරක්ෂාව කරන්න ගිහිල්ලා ආණ්ඩුව මුළු රටේම දේශපාලනය, පාර්ලිමේන්තුව, ජනතාවගේ පරමාධිපත්‍යය, දේශපාලනඥයින් කෙරෙහි තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබෙනවා. එ්ක පැත්තකින් මේ ප‍්‍රශ්නයේ මුල බැලූවොත් එහෙම අගමැතිවරයා මේ සම්බන්ධයෙන් වගකියන්න  ඕනෑ අර්ජුන මහේන්ද්‍රන්ට නිසි වෙලාවට නිසි දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන්. 

20 වෙනි සංශෝධනය ගැන කතා කරනවා නම් 20 වන සංශෝධනය සම්මත කර ගැනීමේ ඉඩකඩ ඇහිරෙමින් යනවා නේද විවිධ පක්ෂ ඊට පක්ෂ නොවන බව දැනටමත් ප‍්‍රකාශ කරමින් තිබෙනවා.
අපට මෙහිදී වැදගත්, 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමේදී වැදගත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එ්කාබද්ධ විපක්ෂය මේ සංශෝධනයට අත ඔසවනවා නම් මේ සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නට පුළුවන්. නමුත් අපි උත්සාහ කරනවා ඔවුන්ව මේ තැනට තල්ලූ කරගන්න. මොකද එක පැත්තකින් මහින්ද රාජපක්ෂ මහත්තයා වාර කීපයකදිත් එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරයණයේදී තීන්දු අරගෙන රටට ප‍්‍රකාශයට පත්කළා ඔවුන් විධායක ජනාධිපතිවරණය අහෝසි කරනවා කියලා. එ්කාබද්ධ විපක්ෂයට ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් වන ප‍්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම වැනි අය ප‍්‍රකාශයට පත්කරලා තිබුණා ඔවුන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න එකඟයි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ එකඟතාවය සහිතව 20 වන සංශෝධනය ඉදිරියට අරගෙන යන්න. ඔවුන් යම් සංශෝධන ඉදිරිපත් කරනවා නම් එ් සංශෝධන පිළිබඳව සාකච්ඡුා කරන්න සූදානම්. මොකද උවමනාව තිබෙන්නේ එ්කාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. ඉතින් අපි ඇත්තටම එක පැත්තකින් කණගාටු වෙනවා අනිත් පැත්තෙන් ලැජ්ජාවට පත්වෙනවා මේක අපි විසින් කළ යුතු වැඩක් නොවේ. එය ලක්ෂ 62 ක ජනවරමක් ලබාගෙන, තමන්ට කවදාවත් වාඩිවෙන්න බැරි ජනාධිපති පුටුවේ වාඩිවුණු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රබල සහ ප‍්‍රමුඛතම වගකීමක්. ඔහු දැන් තමන් එහෙම දෙයක් කිව්වේ නෑ වගේ සද්ද නැතුව ඉන්නවා. ඔහු විසින් තමයි පාර්ලිමේන්තුවට එ් විධාය ජනාධිපති ධුරය අහෝසි කිරීම ගෙන ආ යුතුව තිබුණේ.

සංවාද සටහන -ගිහාන් කාලිංග

janahada

Latest Posts

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...