ප‍්‍රතිසංවිධානය බහුතරයක් කරලා-තනතුරු නැතුව වැඩකරලා පෙන්නලා තියෙන හැටි

කතාබහ

නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර කතා කරයි

ලැබුණු රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳව නියෝජ්‍ය ඇමැති ධුරය සම්බන්ධයෙන් ඔබතුමා සතුටුද?

ඔව් මම ඉතාම සතුටු වෙනවා මේ අමාත්‍යංශය ගැන. හොඳ ඇමැතිවරයෙක් ඉන්නවා වැදගත් ඇමැතිවරයෙක්. ඊට අමතරව රාජ්‍ය පරිපාලන කළමනාකරණය කිව්වම රාජ්‍යයේ විශාල වපසරියක් ආවරණය වෙනවා. එ් වගේම නීතිය හා සාමය අමාත්‍යංශය ඇතුළු මේ රටේ ඉතාමත්ම වැදගත්. මේ දිනවල පසුගිය කාලයේ කතාබහට ලක්වුණු පොලිස් දෙපාර්තමේන්තුව ඊට අනුබද්ධ නොයෙක් ආයතන තියෙන ඉතාම වැදගත් අමාත්‍යංශයක්. විශේෂයෙන්ම රට තුළ නීතිය ක‍්‍රියාත්මක කරන්න,දූෂණ මර්දනය කරන්න, පසුගිය

කාලේ සොරකම් කරපු අයගේ නඩු කටයුතු වේගවත් කරන්න මේ අමාත්‍යංශය තුළින් අපිට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

” දැන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවුණා අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධනය සම්බන්ධයෙන්. එ්ක හම්බ වුණේ වයඹ ඉන්න කෙනෙකුට නෙමෙයි. එ් වගේ නියෝජ්‍ය ඇමැතිකමක් ඔබතුමාට හම්බ වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? විශේෂයෙන් පළාතට වැඩක් කරන්න.

මං හිතන්නේ ඊට එහා ගිය පුළුල් අමාත්‍යංශයක් මේක. වගකීම් සම්භාරයක් තියෙන, මට ලැබුණු අමාත්‍යංශය ගැන මම සතුටු වෙනවා මොකද ලොකු වගකීමක් තියෙන අමාත්‍යංශයක් ඉදිරියේ භාරදූර වගකීම් කොටසක් මට භාරදීම සම්බන්ධව. වයඹ සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වුණත් නැතත් මට අපේ ප‍්‍රදේශය සංවර්ධනය කරන්න අපේ අමාත්‍යංශයේ නාවින්න ඇමැතිතුමා අපිට ඇතිවෙනකම් සල්ලි දෙනවා. එ් නිසා එ්වයේ අඩුවක් වෙන්නේ නැහැ. මොකද මම නියෝජ්‍ය ඇමැති වුණා කියලා එ්ක වැඩිවෙන්නෙත් නෑ. මම දන්නවා. එ් නිසා මම හිතනවා අපේ නාවින්න ඇමැතිතුමාගෙන් වයඹ සංවර්ධනයට, අපේ ප‍්‍රදේශයේ සංවර්ධනයට අවශ්‍ය සල්ලි ලැබෙනවා.

” එ් වගේම මේ අමාත්‍ය ධුර ලබා දීමේදී දැන් ගම්පහ එඞ්වඞ් මන්ත‍්‍රීතුමාට වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවීම, එ්ත් එක්කම බෞද්ධයකුට ක‍්‍රිස්තියානු කටයුතු ලැබීම, එ් වගේම මුස්ලිම් කෙනෙකුට හින්දු කටයුතු ලැබීම පිළිබඳව කතාබහක් ඇතිවෙලා තියෙනවා,

අදාළ ලේකම්වරු එ් ගැන පොඞ්ඩක් මීට වඩා අවධානය යොමුකළා නම් හොඳයි. වයඹ සංවර්ධන කියපුවම එ්කෙ නම් ලොකු ගැටලූවක් මම දකින්නේ නැහැ .මොකද වයඹ සංවර්ධන කිව්වම ගරු එඞ්වඞ් ගුණසේකර ඇමැතිතුමාට එ් අමාත්‍යංශය යටතේ සල්ලි අරගෙන වැඩ කරන්න වයඹ ඇමැතිවරයෙක් තමයි ඉන්නේ. ඉතින් එතුමාගේ ප‍්‍රදේශය සංවර්ධනය කරන්නත් එතුමාට හැකියාව තියෙනවා. හැබැයි අර ක‍්‍රිස්තියානු කටයුතු සහ හින්දු කටයුතු එකේදි එතනදි ඉතාම ලොකු අමාත්‍යංශයක පොඩි කොටසක් තමයි ක‍්‍රිස්තියානු කටයුතු කියන්නේ. සංචාරක අමාත්‍යංශය කියන්නේ දැවැන්ත එකක්. මං හිතන්නේ එ් අමාත්‍යංශයේ කැබිනට් ඇමැතිවරයා ක‍්‍රිස්තියානි භක්තිකයෙක්. එ් නිසා එතුමා හොඳට කරන ගමන් නියෝජ්‍ය ඇමැතිවරයා විදියට සංචාරක අමාත්‍යංශයේ වගකීම එතුමාට බලාගන්න පුළුවන්. එ් වගේම හින්දු කටයුතු අමාත්‍යංශය කියන්නේ කොටසක් විතරයි, උතුරු නැගෙනහිර පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් අමාත්‍යංශයේ ඉතා පොඩි කොටසක් හින්දු කටයුතු කියන්නේ. එ්කෙ කැබිනට් ඇමැතිවරයා හින්දු ජාතිකයෙක්. හින්දු භක්තිකයෙක්. අමාත්‍යංශ ලේකම්වරු මේක ගැසට් කරද්දි එහෙම නැත්නම් මේක ඉදිරිපත් කරද්දි මේක ඉවත් කරලා අනිත් ටික දැම්මා නම් ඔය ප‍්‍රශ්නෙ වෙන එකක් නෑ ඉතින්. ගැටලූවක් මම දකින්නේ නෑ. නමුත් අර බැලූ බැල්මට කෙනෙකුට මේක විවේචනය කරන්න පුළුවන්.

” කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 86 ක් වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?

මේක වැරදි අර්ථකථනයක් ඔබ තුමා කියන්නේ. 86 ක් වුණා කියන්නේ 93 ක් හිටියා. 93 න් 16 ක් ඉවත් වුණා. 16 ක් ඉවත් වුණාට පස්සේ අත්‍යවශ්‍ය පුරප්පාඩු කිහිපය පිරෙව්වා. 93 වෙලත් නෑ තවම. වැඩිවීමක් නෙමෙයි. මේක 70 සිට 93 වුණා නෙමෙයි. 96 තිබිච්ච එක අඩුවෙලා නැවත එ් අවශ්‍යතාවය පිරෙව්වා. එ් සංඛ්‍යාව නෙමෙයි වැදගත්. මොකද අපිට  ඕන විදියට පත්කරන්න බෑ මේ දැන් වර්තමාන ආණ්ඩුවේදි. අපිට අනුමැතිය ලැබිලා තියෙන්නේ, පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත්ත ප‍්‍රමාණයක් තියෙනවා. එ් තමා කැබිනට් අමාත්‍යවරු 48 ක් ජනාධිපතිවරයත්, අගමැතිවරයත් ඇතුළත්ව. නියෝජ්‍ය රාජ්‍ය ඇමැතිවරු 45 ක්. එතකොට සේරම 93 ක්. ඉතින් මේක ඉක්මවා යන්න බෑ. මේක යටත්ව තමා අපි ඉන්නේ. එ් නිසා වැදගත් වෙන්නේ එ්ක නෙමෙයි. මේ ඇමැතිවරු කාර්යක්ෂමව වැඩ කරනවද කියන එක. එ් ගැන හොයලා බලන්න  ඕන.

” මෑතකදී කැබිනට් සංශෝධනයක් වුණා. ඒත් එක්කම නැවත වතාවක් ඔබතුමන්ලාට ඇමැතිකම් ලැබිලා තියෙනවා. එ් ඇමැතිකම් ලැබිලා තියෙන්නෙත් වසර 1 1/2 ක් වැනි කාලයක් තුළ. මේ කාරණාවලින් පේන්නේ ආණ්ඩුවේ යම්කිසි සැලසුමක් නැති ගමනක් පිළිබඳවද?

නෑ එහෙම එකක් නෑ. වසර 1 1/2 ක් කියන එකත් හොඳ කාලයක් වැඩකරන කෙනෙකුට වැඩ කරන්න. අපි ඇමැතිකම් නැතුවත් විශාල වැඩකොටසක් කරපු මන්ත‍්‍රීවරු. ඉතින් තනතුරු අවශ්‍ය නෑ වැඩ කරන්න. තනතුරු නැතුව වැඩකරලා පෙන්නලා තියෙනවා. ඉතින් අපිව තනතුරුවලට පත්කරලා තියෙන්නේ අපේ යම්කිසි හැකියාවක් හඳුනාගෙන එ් අමාත්‍යංශවල අමාත්‍යවරු එක්ක එකතුවෙලා එ් අවශ්‍ය වැඩකටයුතු වේගවත් කරන්න කාර්යක්ෂම කරන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන්න.

” අරගල කරන එ් වගේම පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ කතාකරන අයව සනසන්න, නැත්නම් එ් අයගේ කටවල් වහන්නත් ඇමැතිකම් දුන්නා කියලා සමාජයේ මතයක් තියෙනවා.

මේක මේ මාධ්‍ය තුළින් ගෙනියන පට්ටපල් බොරුවක්නේ. අපේ ඉන්න පළාත් සභා මන්ත‍්‍රීවරු 6 දෙනාගෙන් අගමැතිතුමා නිර්ණායක දෙකකින් තෝරා ගත්තා. එක නිර්ණායකයක් තමා පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨම තුන්දෙනා. ලකී ජයවර්ධන මැතිතුමා 94 පාර්ලිමේන්තු ඇවිල්ලා 2001 අමාත්‍ය ධුරයක් දරපු බොහොම ජ්‍යෙෂ්ඨයෙක්. එඩිවඩි ගුනසේකර මැතිතුමත් 2000 ඉඳන් 2010 වෙනකම් නොකඩවා පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක්. එතුමාත් ටික කාලයක් ඇමැතිකමක් දැරුවා. එ් වගේම රංජිත් අලූවිහාරේ මැතිතුමත් බොහොම ජ්‍යෙෂ්ඨයෙක්. එතකොට තව තුන්දෙනෙකුට දුන්නා. එ් තුන්දෙනාට දුන්නේ එ් අයගේ කාර්යක්ෂමතාවයට එ් අයට කරපු ඇගයීමක් විදියට. අජිත් මාන්නප්පෙරුම, මම, දිගින් දිගටම ඔබතුමාලා මාධ්‍ය දන්නවා කරපු කාර්ය භාරය. අරගල කරපු කණ්ඩායමක් විදියට කවුරුවත් හඳුන්වලා දුන්නේ නෑ අපිව. එ්ක වැරදි මතයක්. එ්ක නිකන් ආණ්ඩුවට, අගමැතිතුමාට මඩ ගහන්න නැතුව අරගල කරලා නෑ කොහෙවත්.

” අද වන විට ඔබතුමා පක්ෂයේ ප‍්‍රතිසංවිධානය සම්බන්ධයෙන් මොන වගේ මතයකද ඉන්නේ?

පක්ෂයේ ප‍්‍රතිසංවිධානය බහුතරයක් කරලා තියෙනවා. පක්ෂයේ දැන් අපිට නායකයෝ පත්කළා. ලේකම්තුමා, ජාතික සංවිධායකතුමා, නියෝජ්‍ය නායකයා, උප නායකයා මේ අය වැඩ කරන්නයි  ඕන. මොකද මේ අය වැඩ කරන්නේ නැතුව මේක හරියන්නේ නෑ. දැන් අද එ්ගොල්ලො වැඩ පටන් අරන් තියෙනවා. එ්වයේ ප‍්‍රගතිය මාසෙන් දෙකෙන් නෙමෙයි ඉදිරි කාල වකවානුව තුළ ජනතාවට, රටට පෙනෙයි කණ්ඩායමේ ප‍්‍රගතිය.

” ඇලෝෂියස්ගෙන් මුදල් ගත්ත අය පිළිබඳව තමයි මේ දවස් වල වැඩිම කතාබහක් තියෙන්නේ. ඔබේ පක්ෂයේ අයගෙත් නම් ගෑවිලා තියෙනවා එ් සම්බන්ධයෙන්. එ් ගැන මොකක්ද කියන්නේ?

දැන් මේකෙ අපි බලන්න  ඕන චේතනාව පිළිබඳව. මැතිවරණ ව්‍යාපාරයකදී එක් එක් පුද්ගලයෝ එනවා. අපි නම් සල්ලි අරන් නෑ. ඇලෝෂියස් මහත්තයව අපි අඳුරන්නෙත් නෑ. නමුත් මෙතන සල්ලි ගත්ත සමහර අයගේ චේතනාව අපිරිසිදු නොවෙන්න පුළුවන්. ඉතා වැදගත්ම දේ මේ අයගේ චේතනාව. මේ අය ඇලෝෂියස් වෙනුවෙන් පෙනී හිටියාද? මේ අය අලෝෂියස්ගෙන් මුදල් ගත්තේ කුමන අරමුණක් හින්දද කියන එක තමයි හොයලා බලන්න  ඕන. එ්ක තමයි මෙතන වැදගත්ම දේ. මෙතන මේ එක්කෙනෙක් දෙන්නෙක් වටකරගෙන අහන්නේ නැතුව තව සල්ලි ගත්ත අය ඉන්නවා නම් එ් අය හෙළිදරව් කරගන්න  ඕන. එ් හෙළිදරව් කරගෙන තමයි මේ පිළිබඳව කටයුතු කරන්න  ඕන. මේකෙ වැදගත්කම මේ සියල්ලන්ම බැඳුම්කර සම්බන්ධව මේ නඩු කටයුතු සිද්ධ වෙන්නෙත් යහපාලන ආණ්ඩුව යටතේ. කොමිෂන් සභා අයිති යහපාලන ආණ්ඩුවට. එ්වා ඇතුළෙ ඉඳගෙන තමා අද ආණ්ඩුවටම ගහන්නේ සමහරු. රාජපක්ෂ යුගයේ කොමිෂන් සභා තියා මිලියන 4000 කට ආසන්න බැඳුම්කර නිකුත් කරලා තියෙනවා. එ් පිළිබඳව කවුරුවත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ. එ් නිසා මේ අපි සංහිඳියා ආණ්ඩුවෙන්, යහපාලන ආණ්ඩුවෙන් නීතිය ක‍්‍රියාත්මක කරන නිසා තමයි මේවා අද බලන්න විදින්න වෙලා තියෙන්නෙ.

” ඔබතුමාට එවැනි මුදල් දීමකට ඔවුන් පෙළඹුනේ නැද්ද?

මම කිව්වා මුදල් දීලත් නෑ මම අඳුරන්නෙත් නෑ, මට මුදල් දෙන්න ආවෙත් නෑ. මුදල් දුන්නත් එ් අයට මම චෝදනා කරන්නේ නෑ එ් ගත්තු අයට එ් ගැන හරියට හොයලා බලන්න  ඕන එ් අයගේ අරමුණ මොකක්ද කියන දේ. දිගින් දිගටම එ් අයව විවේචනය කරන එක මම පිළිගන්නේ නෑ. එ් අයගෙනුත් සාධාරණ හේතු සහිතව විමසලා බලන්න  ඕන. මොකක්ද එ් අයගේ තියෙන සම්බන්ධතාවය කියන එක.

” ඔබතුමා හොරු ඇල්ලීම සම්බන්ධයෙන් නිරතුරුව හඬක් නගපු කෙනෙක්. දැන් ඔබට නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවෙලා තියෙනවා. ඔබටත් ක‍්‍රියාකාරීව එ් සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා නේද?

ඔව්. මුලින්ම මම එ් සම්බන්ධව හරි අධ්‍යයනයක් කරන්න  ඕන. මම නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදියට වැඩ භාරගත්ත ප‍්‍රථම අවස්ථාව. දැවැන්ත අමාත්‍යංශයක්. යම්කිසි කාල රාමුවක් ගතවෙයි මේ වගේ අධ්‍යයනයක් කරන්න. ඊට පස්සේ මම ගරු මද්දුමබණ්ඩාර ඇමැතිතුමාට ශක්තියක් වෙලා, එතුමත් එක්ක එකතු වෙලා මේ කටයුතු වේගවත් කරන්න අවශ්‍ය ග‍්‍රාමක බලය ලබාදෙනවා.

-සංවාද සටහන ගිහාන් කාලිංග

janahada

Latest Posts

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...