ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනතාව සහ රාජ්‍යය අතර ඇති ගිවිසුමය. එය ඇති විය යුත්තේ ජනතා අපේක්ෂා පදනම් කරගෙන මිසක් රාජ්‍යයේ හුදු අත්තනෝමතික ලෙස නොවේ. මෙරටට අදාළව අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සම්බන්ධ කාරණයේ දී මහජන අදහස් විමසීමේ කමිටුව නමින් දීපව්‍යාප්ත කාර්යයක් ආරම්භ වූයේ ඒ අදහස ඇතිවය. එම කමිටුව මෙරට දිස්ත්‍රික්ක 25ක ජනතා අදහස් සහ යෝජනා, අපේක්ෂා ගොනුකර එහි අවසන් ලියවිල්ල මේ වන විට වගකිවයුතු පාර්ශ්ව වෙත ලබා දී අවසන්ය. මේ, එම කමිටුවේ තීරණාත්මක කාර්යයක් ඉටු කළ ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ‘සත්හඬ’ සිදු කළ කතා බහයි.
කතාබහ
චෝදනා ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා! - ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි
ජාතික ලොතරැයි මණ්ඩලය කෝප් කමිටුව නොමඟ යවමින් කටයුතු කරන බවට ඉකුත් දිනවල විවිධ පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබීය. විශේෂයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය සුරැකීමේ සේවකයන් මේ පිළිබඳව ජනාධිපති, අගමැති සහ කෝප් කමිටුව දැනුවත් කිරීමට ද කටයුතු කර තිබිණි. එකී ආන්දෝලනාත්මක චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා අප ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය මුණැසුණෙමු. මේ ඇය සමඟ කළ සාකච්ඡාවයි.
අලූත් ව්‍යවස්ථාවේ එක වාක්‍යයක්වත් ලියා නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න
මේ වන විට රට තුළ යළිත් නව ව්‍යවස්ථාවක් පිළිබඳ කතා බහක් මතුව ඇත. ඇතැමුන් නව ව්‍යවස්ථාවේ අන්තර්ගතය මෙන්ම ඒ වෙනුවෙන් ජනමතය විමසන දිනය ද ප්‍රකාශ කරමින් ඊට එක්ව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමඟ අප මේ සම්මුඛ සාකච්ඡාව සිදු කළේ එවැනි වූ පසුබිමකය. එහෙත් එය කියවීමට පෙර ඔබ අවධාරණයට ගත යුත්තේ මෙහි සඳහන් සියලූ කාරණා ජයම්පති වික්‍රමරත්න මහතාගේ අතිශය පෞද්ගලික අදහස් හැර ආණ්ඩුවේ හෝ වෙනත් ව්‍යවස්ථාව සම්බන්ධ කමිටු හෝ ඊට අනුබද්ධ යමක අදහස් නොවන බවය.
රනිල් මහත්තයා රූපවාහිනී වෑන් එකේ ගිහින් අගමැති හැටියට දිවුරුම් දුන්නා
ඔහු වැඩ පටන් ගන්නේ රූපවාහිනියෙනි. රූපවාහිනී ආරම්භයේ මූලික කණ්ඩායමේ අයෙකි. හිටපු විධායක නිෂ්පාදකවරයෙකි. නිදිකුම්බා මල් කුමාරයාණෙනි, පියාඹන අශ්වයා, ඒ -9 වැනි අතිශය ජනාදරයට පත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම හඬ කැවීම් ශිල්පියෙකි. ගීත රචකයෙකි. අතීතයට සාපේක්ෂව අද ඔහු විවේකයෙනි. එහෙයින් එදින වූ ඇතැම් සිදුවීම් සොයාගත යුත්තේ ඔහුගේ මතකයෙනි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ ඔහු එතුමාගේ අවසන් කතාව ද, අවසන් සිනහව ද, අවසන් ක්‍රියාව ද වර්තමානයේ සිට ආවර්ජනය කරයි. ඉදින් ඒ හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ඝාතනයේ සිද්ධියයි. අදාළ සිදුවීමෙන් දශක දෙකකට පසු මේ සිඩ්නි චන්ද්‍රසේකරගේ මතකයයි.
කන්දෙගෙදර පියවංශව දැක්කෙ නඩුවෙනුත් පස්සෙ - නීතිඥ ජේ. සී. වැලිඅමුණ
නීතිඥයකු වන ජේ. සී. වැලිඅමුණ මහතා ජනවාරි 8 දේදුනු විප්ලවය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ අයෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහි බරපතළ චෝදනාවකි. එසේ වූ කල නීතිඥ වැලිඅමුණ මහතා ලසන්ත ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි බවට එක්තරා වෙබ් අඩවියක් මඟින් චෝදනා කර තිබිණි.
සයිටම් සිසුන් සියලූ දෙනා දුර්වලයි කියන්න බැහැ
කලකට පසුව අධ්‍යාපන සංස්ථාවේ මාතෘකාවක් ජාතික දේශපාලනය වේදිකාවේ සංවාදයට බඳුන්ව ඇත. ඒ වෙනුවෙන් කඳවුරු දෙකක් මේ වන විටත් එකිනෙකාට අභිමුඛ වී ඇත. එක් පාර්ශ්වයක් ‘සයිටම්’ විරෝධීන්ය. අනෙක් පාර්ශ්වය ‘සයිටම්’ හිතෛෂීන්ය. ඒ උණුසුමේ මේ කතාබහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සමඟය. ඒ ද සයිටම් ගැනය.
අවුරුදු පහකට මාස්ටර් ප්ලෑන් එකක් ඕනෑ..! - අමාත්‍ය පාඨළී චම්පික රණවක
මෙරට ආර්ථික ක්ෂේත්රය සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන ගැටලූකාරීත්වය හා අමාත්‍යවරයාගේ නවතම කෘතිය සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සමඟ කළ සාකච්ඡාවකි මේ.
මහාචාර්යවරු වුණාට කළමනාකරණය දන්නෙ නෑ - සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න
මෙරට ඖෂධ ක්ෂේත්රය සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන ගැටලූකාරීත්වය සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරයා වන දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
හැමෝගෙම ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා - ආචාර්ය ටියුඩර් වීරසිංහ
වෙල් ඉපනැලි මතින් ඇවිද ගිය ඔහු විටෙක සැප විඳින්නටත් සැපට දුක් විඳින්නටත් උගත්තේය. රුපියල් ශත වැය වෙමින් පය පැකිළෙන හැම විටම මනුෂ්‍යත්වයේ හය හතර වෙනුවෙන් නැඟී සිටියේය. බුද්ධිය අත්තම් කර ජීවිතය වත්තම් කළේය. දැන් ඔහු අනවරත ආත්මයක නිරවතර අරගලයකය. ඔහු තනිව, හුදෙකලාවම ගෝලීය සංවාදයකය. එහෙත් මේ ඔහුගේ ජීවිතය යි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ ය.