සභාගැබේ සහ කැන්ටිමේ දේශපාලන හෙළුව දුමින්ද කියයි

පුවත්

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර කලා වැව මැතිවරණ කොට්ඨාසයේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති  උත්සවයට සහභාගී වෙමින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ අද පාර්ලිමේන්තුවේ එහා පැත්ත-මෙහා පැත්ත බැණ ගන්නවා. හැබැයි මෙන්න බොලේ කැන්ටිමට ගියහම දෙන්නා එකට කනවා. යනුවෙනි.

ඒ වගේම මේ පැත්තෙන් බැනලා එළියට ඇවිත් කියනවා "මචං බැන්නට ගණන් ගන්න එපා කියලා" හැබැයි ගමේ කෙනා අත-පය කඩාගෙන, කොඩිවැල කඩාගෙන.ඥාතිකම නැති කර ගෙන මිත්‍රත්වය නැති කර ගෙන ගමේකම නැතිකරගෙන හැමදේම නැතිකරගෙන දේශපානය නිසා බෙදිලාදෙකට බෙදී සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මේ අවස්ථාවට  අමාත්‍යවරුන් වන  ගයන්ත කරුණාතිලක,  දුමින්ද දිසානායක ,ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන් රාජාංගනය මහසෙන් මහා විද්‍යාලයේ  ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර කඩිනමින් ලබාදීමේ වැඩසටහන සහබාගි විය.


අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් පැවසුවේ.


පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ඇමැතිවරු අපි සියලු දෙනා බොහෝම සමාදානයෙන් එකම මේසයේ වාඩි වෙලා කාලා බිලා  ඒ ගොල්ල ආණ්ඩු කරද්දී අපේ වැඩ ටික අපි කරගන්නවා. අපි ආණ්ඩු කරද්දී ඒ ගොල්ලන්ගේ වැඩ ටික ඒ ගොල්ල කර ගන්නවා.


හැබැයි තාමත්  අපේ ඔලුව තියෙන්නේ  77-78 කාලයේ. ඉතිහාසයේ ගුටි කාපු එක, පලි ගත්ත එක, වෛර කරපු එකත් එක්ක තමයි තාමත් දේශපාලනය නැවතිලා තියෙන්නේ. හැබැයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ පක්ෂ පාට බලන්නේ නැතිව මැතිවරණයකදී අපි අපේ ප්‍රතිපත්තීන් එක්ක හැප්පෙනවා, ප්‍රතිපත්තියත් එක්ක අපි සටන් කරමින් ඡන්දයට යනවා.


හැබැයි ජාතික ආණ්ඩුවේ අපේ බලාපොරොත්තුව ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න ටික විසඳීමයි.


සාමාන්‍යයෙන් ආණ්ඩුවෙන් වැඩක් කරන කොට විපක්ෂයේ ඉන්න අය කියනවා අපි ඔයිට වඩා දෙයක් දෙන්න සූදානම් කියලා. එහෙම වුණාම රටේ දැවෙන ප්‍රශ්න වලට අපිට විසඳුම් දෙන්න බැරිවෙනවා, රටේ දැවෙන ප්‍රශ්න මේ දේශපාලනයේ තියෙන කඳවුරුත් එක්ක ආපස්සට ගියා.හැබැයි මේ ජාතික ආණ්ඩුව හැදීමේ ප්‍රධාන අරමුණ තමයි මේ රටේ දැවෙන ප්‍රශ්න වලට සාධාරණ විසදුම් ලබා දීම.

මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් දෙන්නම එකට එකතු වෙලා.ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ රට අපි ගෙනියන්න යන්නේ මෙන්න මේ තැනට.

ඒ ගමනේ කොටස්කාරයෝ පංගුකාරයෝ වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.කැමති පක්ෂයක සාමාජිකත්වය ගන්න. කැමති පක්ෂයකට කතිරය ගහන්න. හැබැයි රට යායුතු තැනේදී පක්ෂ පාට භේදයකින් තොරව හැමෝම එකට අත්වැල් බැඳගත්තොත් අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී වෙනවා යැයි පැවසීය.

janahada

Latest Posts

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...