මෛත්‍රීගේ දූපත් මානසිකත්වයට විදෙස් මාධ්‍යයෙන් පාඩමක්!

පුවත්

අමාත්‍ය සරත් අමුණුගම විසින් හෙට (09) පෙ.ව. 10.30ට සිය අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහා ලංකාවේ සේවය කරන සියලු විදෙස් මාධ්‍ය වෙත ආරාධනා පත්‍රයක් යොමුකොට ඇති අතර ඊට ප්‍රතිචාර දක්වන විදෙස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

වාර්තා වන ආකාරයට ඔවුන් සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නව ආණ්ඩුව සම්බන්ධයෙන් ලොව කිසිදු රටක පැසසුමක් හිමිකර නොගැනීමත්, කිසිදු පිළිගැනීමක් සිදුකර නොමැති වීම හේතුවෙන් තමන්ට සංවිධානයක් ලෙස මෙම ආරාධනාව පිළිගැනීමට නොහැකි බවයි.

ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් ගොඩනගන ලද ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතින් පත්වීම් ලබාගත් සරත් අමුණුගම සිය ධූරයේ කටයුතු ආරම්භ කර පවත්වන පළමු විදෙස් මාධ්‍ය හමුව මෙලෙස විදෙස් මාධ්‍ය වෙතින් ප්‍රතික්ෂේප කිරීම මීට පෙර කිසිදා සිදු නොවූවක් බැවින් එය රටක් ලෙස ශ්‍රී ලංකාව ලද බරපතළ අපහාසයක් මෙන්ම අවමානයක් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු අප වෙත පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ වනවිට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට චීනය හැර වෙනත් කිසිදු විදේශ රටක සබඳතාවයක් නොමැති බවයි. එසේම සරත් අමුණුගම අමාත්‍යවරයා විසින් විදෙස් තානාපතිවරුන්ට සුහද හමුවක් සඳහා පසුගියදා සිදුකළ ආරාධනාව ද ඔවුන් විසින් තරයේ ප්‍රතික්ෂේප කළ බවයි.

මේ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ඉතාම ඉක්මණින් ශ්‍රී ලංකාව කිසිදු ජාත්‍යන්තර සබඳතාවයක් නොමැති හුදකලා රටක් බවට පත්වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.

දූපත් මානසිකත්වයකින් වැඩකරන ජනාධිපති සිරිසේන ජාතිවාදී කල්ලි කණ්ඩායම් එකතු කරගෙන මේ කරන නීති විරෝධී කටයුතු නිසා මුළු රටම විනාශය කරා යාම වළක්වාගත නොහැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

janahada

Latest Posts

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...