පාසල් ශිෂ්‍යාවක් කෙලෙසු බවට සැකපිට 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

ප‍්‍රාදේශිය පුවත්

ගිරාඳුරුකෝට්ටේ, ගිරාලගොල්ල පළාතේ විදුහලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක්  දුෂණය කළේ යැයි සැකපිට 18  හැවිරිදි තරුණයෙක් අද (03) උදෑසන අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ට පොලීසිය පවසයි.

සිද්දිය වුදින මෙම ශිෂ්‍යාව පාසැල් නොගිය බව ඇය සමඟ පාසැල් යන තවත්  ඥාති ශිෂ්‍යාවක් විසින් දෙමාපියන්ට දැනුම් දී ඇති අතර ඉන්පසු සිද්ධියට මුහුණ පෑ ශිෂ්‍යාවගෙන් ප්‍රශ්න කර තිබේ.


ශිෂ්‍යාවගෙන් ප්‍රශ්න කිරිමේ දි  ඇය පවසා ඇත්තේ සැකකරු තමා ත්‍රීරෝද රථයකට නංවාගෙන ඇගේ නිවසේ සිට කිලෝමීටර එකහමාරක පමණ දුරින් හුදකලාව පිහිටි පාලු නිවසක් වෙත රැගෙන ගොස් මෙම අපරාධය සිදුකළ බව යැයි පොලිසිය සඳහන් කරයි.

මෙම දැරියගේ පියා මිය‍ගොස් ඇති අතර මව සහ සහෝදරයෙක් සමඟ ඇය ජීවත් වෙයි.

දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කරන බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත්, දැරිය රැගෙන ගිය බව කියන ත්‍රීරෝද රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිරාඳුරුකෝට්ට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.